(ඩයනා උදයංගනී සහ ප්‍රියන්ත ජයලත්)
වත්මන් සමාජයේ පවතින බොහෝ ප්‍රශ්නවලට විසඳුම වන්නේ මිනිස්සුන්ට පොත් කියවන්නට හුරු කිරීම යැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
පොත් කියවන කිසිවෙක් වැරදි ක්‍රියාවලට යොමු වන්නේ නැතැයි ද මහාචාර්යවරයා සඳහන් කළේය.
මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙසේ පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (12) පැවති ‘2020 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ’ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙසේ ද සඳහන් කළේය.
“සාහිත්‍ය කියන්නේ රටක ජාතියක වස්තුව. අපේ රටේ වස්තුව මනින්න වෙන්නෙ අපේ සාහිත්‍ය නිර්මාණ වලින්. අපි ජිවත් වෙන්නෙ සාහිත්‍යයත් එක්ක. සමාජයේ සෑම අවස්ථාවකම සාහිත්‍ය ලංකර ගත්තොත් අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. අපේ රටේ පුංචි දරුවන්ගෙන් තරුණයින්ගෙන් විශ්ව විද්‍යාල දරුවන්ගෙන් සාහිත්‍ය ඈත්වෙලා යනවා. පොතට පතට නැඹුරු වෙච්ච කෙනෙක් නිර්මාණයක් රස විදින්න පුළුවන් කෙනෙක් බිහි වෙනවා නම් ඒ රටට ලොකු වටිනාකමක් එකතු වෙනවා.
අද පුංචි දරුවන්ට පොත් කියවන්න අම්මල තාත්තල ඉඩ තියල නැහැ. ඒ හේතුව නිසා විශ්ව විද්‍යාලවල ඉන්න දරුවන් බොහෝ දෙනෙකුට මානසික ගැටළු අනන්තයි අප්‍රමාණයි. අපි පුංචි කාලේ අපේ කාලසටහනේ පුස්තකාලය කියන පරිච්ඡේදයක් තිබුණා. අපි ඒ වෙලාවට කරන්නේ පොත් කියවන එක. ඒ ඇති කරගත්ත පුරුද්ද මැරෙන කම්ම අරගෙන යන්න පුළුවන්. මේ දවස්වල පත්තරවල පිරිල තියෙන්නෙ මත්ද්‍රව්‍ය අල්ලපු වාර්තා. එකෙන් තේරෙන්නෙ ඒ කවුරුවත් පොත් කියවන්න පුරුදුවෙලා නැහැ කියන එකයි. පොත් කියවන කවුරුවත් වැරදි ක්‍රියාවලට යොමු වෙන්නෙ නැහැ. අපේ රට සාහිත්‍ය පෝෂණය වෙච්ච රටක් හැටියට අපි පොත් කියවීම ගැන මීට වඩා ගැඹුරින් සිතිය යුතුයි. අපේ රටේ දරුවන් සාහිත්‍යට නැඹුරු කරන්න පෙර පාසල, පාසල, නිවස බොහොම වැදගත්. අපිට එතනට යන්න පුලුවන්නම් රටේ තියන බොහොම භයානක ප්‍රශ්න නැතිකරන්න පුළුවන්.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘වත්මන් සමාජයේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම කියවීමයි’
thilak Sunday, 13 September 2020 02:50 PM
දැන් ඉන්න තරුණ ළමයි ඉන්නෙම පොතේ, මුහුණු පොතේ...
මාතර සත්‍යපාල Sunday, 13 September 2020 04:33 PM
ඕවා ඉතිං දේශපාලකයින්ට තේරෙනවයැ... පොත්පත්වල අගේ දන්න අය අද ඉන්නේ බොහොම ටික දෙනයි. මේවා වෙනස් වෙන්න ඕනෑ පාර්ලිමේන්තුව හරහා...
සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 September 2020 05:21 AM
අපේ සර් කියන කතාව අතිශයින්ම වැදගත් වගේම නිවැරදියි..