(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සිය වැඩිමහල් සොහොයුරියගේ රැකවරණය යටතේ ඇති දැඩි වුණු පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද (16) කොටදෙනියාව මීරිගම මාර්ගයේ මල් පැළ තවානට නුදුරින් පිහිටි දිය පිරුණු වළක වැටී මරණයට පත්ව ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි .
මෙසේ මිය ගොස් ඇත්තේ කොටදෙනියාව එරබද්ද ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි වරාදල පොල් වත්ත පාරේ ස්ථිර පදිංචිකරුවකු වූ ලසිඳු දුල්සාන් රවිහාර හේරත් නමැති පාසල් සිසුවෙකි .
කලක සිට මවගේ හා පියාගේ රැකවරණයෙන් තොරව වැඩිමහල් සොහොයුරිය යටතේ ඔහු හැදී වැඩී ඇතැයි ද සුළු රැකියාවක යෙදෙමින් සොහොයුරිය මලනුවන් පාසල් යවා ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .
මෙම සිසුවා තවත් සිසුන් පස් දෙනෙකු සමග මෙම වලේ දිය නෑමට ගොස් ඇතැයි ද ඒ අවස්ථාවේ ඔහු මඩේ එරී ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .
වසර හතරක් පහකට පමණ පෙර පස් කැපූ වළක් බව කියන මෙහි දරුවා එරී සිටින බව දැන ගැනීමෙන් පසු ප්‍රදේශවාසීන් හා පොලිසිය මැදිහත් ව දරුවා ගොඩ ගෙන ඇති අතර පොලිසිය මගින් ම දරුවා මීරිගම රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත .
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුන් හය දෙනකු අද (14) අත්අඩංගුවට ගත් බව නාවික හමුදා
උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්
ටෙහෙරානයේ ඉස්ලාමික් අසාද් විශ්ව විද්‍යාලයේදී සිය ඇඳුම් ගලවා යට ඇඳුමෙන් ඔබමොබ ගිය තරුණිය මානසික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව ඉරානයේ අනිවාර්ය නීතියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මීට සුළු මොහොතකට පෙර එනම් පස්වරු 4.15 ට පමණ ආරම්භ කළ බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ස්පා ආයතනයකින් මුදල් කොල්ලකෑම සදහා තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් අද (14) අලුයම පැමිණි සිවුදෙනකු සහ ස්පා ආයතනයේ සිටි පිරිසක් අතර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වතුර වළකට වැටී සිසුවෙක් මරුට