(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, මාවුස්සාකැලේ තේ වතුයායේ, 05 වන කොටසේ වතු කම්කරු නිවාස පේළියක ඊයේ (17) දා රාත්‍රී 11.45 ට පමණ හටගත් හදිසි ගින්නකින් නිවාස 08 ක් දැවී විනාශයට පත්ව ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.
ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැත. ගින්නට හසුවූ නිවාසවල තිබූ ගෘහ භාණ්ඩ රැසක් විනාශයට පත්ව තිබේ.
මෙම නිවාස පේළියේ වතුකම්කරු නිවාස 12 ක් පිහිටා ඇත. මස්කෙළිය පොලීසියේ නිළධාරීන්, මාවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරින් වතු කම්කරුවන් සමග එක්ව අනෙක් නිවාස වලට ගින්න පැතිර යාම වළක්වා නිවා දමා තිබේ
ගින්නට හසු වූ නිවාස 08 පවුල් 07 ක සාමාජිකයින් 22 ක් පමණ සිටිති.
අවතැන්වූවන් අතර පිරිමි 07 ක් හා ගැහැණු 15 ක් පමණ සිටින බවත්, ඒ අතර පාසල් ළමයින් 05 ක් සිටින බවත් වතු පාලනාධිකාරිය පවසයි. අවතැන්ව සිටින පිරිස මේ වන විට මාවුස්සාකැලේ වතුයායේ පුස්තකාලයේ තාවකාලිකව ලැඟුම් ගෙන සිටිති.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවී ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් මස්කෙළිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතා පැවසීය.
දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගත්
වියදම් වාර්තා බාර නොදුන් පසුගිය මහ මැතිවරණයේ දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයන් 74 දෙනෙකුටද නඩු පැවරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන්
මස්කෙළිය, මාවුස්සාකැලේ තේ වතුයායේ, 05 වන කොටසේ වතු කම්කරු නිවාස පේළියක ඊයේ (17) දා රාත්‍රී 11.45 ට පමණ හටගත් හදිසි ගින්නකින් නිවාස 08 ක් දැවී විනාශයට පත්ව ඇති බව
දුම්රිය රියදූරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගයට සූදානම්වීම හේතුවෙන් අද (18) උදේ වරුවේ කෙටි දුම්රිය ගමන් වාර 08ක් පමණ දැනට අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්
උතුර,උතුරු මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මස්කෙළිය පොලිස් වසමට අයත් මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක (17) දින රාත්‍රි 11.30 පමන හටගත් ගින්නකින් නිවාස 8 සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව මස්කෙළිය
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වතු නිවාස පේළියක ගින්නක්