IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘‘වතු දරුවන් මින් ඉදිරියට මෙහෙකාර සේවයට දෙන්නේ නෑ‘‘

(රංජිත් රාජපක්ෂ)

වතු කම්කරුවන්ගේ දරුවන් මින් ඉදිරියට මෙහෙකාර සේවයේ යෙදවිමට කිසිවකුට නොහැකි වනසේ කම්කරු අඥා පනත ශක්තිමත් කිරිමට අපි මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පවසයි.

අපේ රටේ කම්කරු ආඥා පනත අවු 100 කට වඩා පැරණි.බාල වයස්කාර ළමයකු මෙහෙකාර සේවයේ යොදවන මව්පියන්ට දඩුවම් ලබාදිය හැකි සේ නව පනත් ගෙන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. මින් ඉදිරියට වතුකරයෙන් මෙහෙකාර සේවයට ළමුන් ගෙනියන්න කාටවත් බැ.

වතු කම්කරුවන්ගේ පවුල් වල අර්ථික ගැටළු තියෙනවා කියලා මම පිලිගන්නවා,ඒකට විසදුම ළමුන් මෙහෙකාර සේවයේ යෙදවිම නෙවෙයි.

ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන පොලිස් විමර්ෂණ කටයුතු විදිමත් කරන්න කියලා අද සියළු දෙනා එකතු වෙලා බලපැම් කරනවා.ඒක හොද දෙයක් නමුත් ඇතැම් අය මේ සිද්ධිය දේශපාලන වාසියක් කරගන්න උත්සහ කරනවා. වතුකරයේ ළමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල දාන්න අපි මේ වන විට වැඩපිළිවෙළ රාශ්‍රියක් ආරම්භ කරලා තියෙනවා. 

මිය ගිය ඉෂාලිනිගේ මරණය  සම්බන්ධයෙන් පොලිසිය සිදු කරනු ලබන විමර්ෂණ කටයුතු සම්බන්ධව තමන් සැහිමකට පත්වන බව ද ඔහු පවසයි.



අදහස් (8)

‘‘වතු දරුවන් මින් ඉදිරියට මෙහෙකාර සේවයට දෙන්නේ නෑ‘‘

sena Sunday, 25 July 2021 07:45 PM

වතු කම්කරුවන්ගේ දරුවන් කොපමණ ඔබලාගේ නිවසේ මෙහෙකාර සේවයේ ස්ටින්නේද කියා ඔබ නොකීවට රටේ ජනතාව එය හොදින් දනී. දෙවනුව ඔබලා අසරණ වතු කම්කරුවන්ට සැලකුම් දක්වන්නේත් ඔවුන්ට කතා කරන්නෙත් ඉතාම නින්දිත පහත ආකාරයට බව අප දැක තිබේ. එමනිසා මිනිසක් වසලයකු වන්නේ උපතින් නොව ඔවුන් කරන ක්‍රියාවෙන් බව නොදන්නේද ? එසේ නොදන්නේනම් දන්නා කෙනෙකුගෙන් අසා දැනගන්න.

:       0       0

pradeepa Sunday, 25 July 2021 08:28 PM

තමුන්ගේ සීයගේ, තාත්තගේ කරපු දේවල් හින්දා තමයි ඔය දුප්පත් අහිංසක වතුකරයේ ළමයින්ට ගෙවල්වල වැඩකරන්න සිද්ද වෙලා තියෙන්නේ. ඒ ළමයි මැරිලා ගියා... තවත් කතා කරනවා බොරුවට...

:       0       30

ලලිත් එම් Sunday, 25 July 2021 09:24 PM

තමන්ට සර් කියවගන්න දඟලන උද්දච්ච බොරුකාරයා. මෙයාට පුලුවන් කම්කරු මුට්ට කාසි වලින් සැප වීඳීම විතරයි.

:       0       0

සෙනෙවිරත්න Monday, 26 July 2021 06:17 AM

තමුන්නාන්සෙගෙ මී මුත්තා , සීයා , පියා, නොකල දෙයකට මේ අතගහන්න හදන්නෙ, එහෙම කලොත් ඉතිහාස ගතවෙයි. හැබැයි වසර හැට හැත්තෑවක් වතු කම්කරුවන්ගෙන් හූර ගනිපු ධනය ටිකක් වියදම් කරල මොවුන්ගෙ ණය බර නිදහස් කරන්න වෙයි. අර දැරියගෙ පියා කිව්වෙ ණය ගෙවාගන්න බැරිව තම දරුවා බ්‍රෝකර්ට දුන්නා කියලා .

:       0       0

මුණසිංහ Monday, 26 July 2021 07:48 AM

සිද්ධියක් මතු වුණාට පස්සේ ඒ ගැන කතා කරන්න ඕනෑතරම් ඉන්නවා. මෙය අද ඊයේ ගැටළුවක් නෙවෙයි. කිසිම රජයක් ළමයි ගැන හිතන්නේ නැහැ.

:       0       0

JAJA Monday, 26 July 2021 07:51 AM

අනේ මෙයාගේ සීයාගෙයි, අප්පගෙයි කාලේ ඉඳන් කරනවනේ.. !

:       0       0

sharm warn Monday, 26 July 2021 10:38 AM

ඉතාම හොඳයි... ඒ වගේම ඒ දැරිවියන් වතුවලදී සිදුවන හිරිහැරයන් නවත්වන්න. එයාලා මෙහෙකාර සේවයට එනකොටත් ගොඩක් අත්දැකීම් එක්ක එන්නේ... ඒ ගැනත් අවධානය දෙන්න...

:       0       3

sachith Monday, 26 July 2021 11:13 AM

සීයාගේ ඉඳලා කරපු දියුණුව තමයි ඒකෙන් පේන්නේ...!!!

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

සැඩ පහරට අසුව දෙදෙනෙක් මරුට
2024 නොවැම්බර් මස 06 2 0

කොස්ගම ඇස්වත්ත මානකඩ මාර්ගයේ තුම්මෝදර ඇලෙන් එගොඩවීමට ගිය කැබ් රථයක් සැඩ පහරට අසුව ගසාගෙන යාමෙන් ඒ සිටි පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි කොස්ගම පොලි


අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 65 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 2071 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 1551 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 285 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 3515 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 420 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1333 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 704 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site