IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


වෛද්‍යවරුන් ඉසිඹු යන වයස අධිකරණය දන්වයි

 

(රංජන් කටුගමිපොළ)

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියළු රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස 63ක් බවට නියෝග කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් අද නිකුත් කළේය.

ඊට අමතරව රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස 60ක් වන බවට නියෝග කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරමින් රිට් ආඥාවක් ද අධිකරණයෙන් නිකුත් කෙරිණි.

අභියාචනාධිකණය මෙම රිට් ආඥාව නිකුත් කළේ  රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස  අවුරුදු 60 බවට නියෝග කරමින් ගොනු කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සම් තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

මෙම තීන්දුව නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කෙරිණි.

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් දක්වා නියෝග කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණයේ ගොනුකර ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ද රොමේෂ් සිල්වා සහ සංජීව ජයවර්ධන මහත්වරු පෙනී සිටියහ.



අදහස් (2)

වෛද්‍යවරුන් ඉසිඹු යන වයස අධිකරණය දන්වයි

ගොනා Friday, 15 December 2023 06:02 PM

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුතුමාට බොහොම ස්තුතියි. 63 දක්වා ඉන්ද ගන්න එක නම් හොඳයි. හැබැයි ජනතාවට අවංකව හැකි උපරිම ලෙස සේවය කරන්නත් අවශ්‍යයි. නැත්නම් ඉතිං පලිසම් දෙන්නේ වයස අවුරුදු 64 ඉඳගෙන...

:       0       0

nisal Saturday, 16 December 2023 06:38 AM

දොස්තරලටම ගිය රට. රටෙ සියලුම නීති රීති දොස්තරට හැර අනිත් අයට පමණයි. රටෙ කෘෂිකර්මය පිලිබඳව තීරන ගන්නෙ දොස්තරල, රටේ වෘත්තිකයන්ගෙ වැටුප් තීරයනය කරන්නෙ දොස්තරල, ලම‍යින්ගෙ පාසල් තීරනය කරන්නෙ දොස්තරල, වෙන වෘත්තිකයන්ගෙ උපාදිය තීරනය කරන්නෙ දොස්තරල, සේවයට ඇඟිලි සලකුනු භාවිතය, සේවය කරන පැය ගාන සියල්ල තීරනය කරන්නෙ දොස්තරල. GOMA සංගමය කියනව හැමොම රට යනව කියල. හැබැයි කට්ටියක් යන්න කිව්වත් යන්නෙ නැතුව නඩු දානව. අනේ මන්ද. ඔව් බැලුවම ලංකාව ලෝකයේ හිඟනම රටක් වෙන්න හේතුව 225 ම නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 361 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1456 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1015 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1668 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 621 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2142 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39314 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site