(සුජිත් හේවාජුලිගේ )
මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු තිදෙනකු කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් ඉවත් වුවත්ඔවුන් සෞඛ්‍ය ක්ෂේත්රයේ වෙනුවෙන් දායකත්වය දිගටම දක්වන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මේ අතර සංචරණ සීමා පණවා එක් ප්‍රභේදයක් පාලනය කළත් තවත් අලුත් සැර ප්‍රභේද වරින් වර මතුවිය හැකි බවත් පවතින තත්වය තේරුම් ගෙන ජනතාව කොවිඩ් සමග ජීවත්වීමට හුරු පුරුදු විය යුතු බවත් ඇය සඳහන් කළාය.
අද ලෝකයේ බොහෝ රටවල් ලොක්ඩවුන් තත්වයට නොයන බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය චෝදනා කිරීමෙන් වැළකී කොරෝනා පරාජය කිරීමට සියලු දෙනා එක් විය යුතු බවද පැවැසුවාය.
මේ පවතින්නේ චෝදනා කර කර ඉඳීමට කාලයක් නොවේ යැයිද විශාල අර්බුදයක් තිබෙන අවස්ථාවක සමහරු ෂර්ලොක්ලා වගේ මස් රාත්තලම ඉල්ලීම වැරදියි යැයිද ඇය කීවාය.
එන්නත්වලට ලොකු ඉල්ලුමක් ඇතිවී ඇති වී තිබෙන හෙයින් සමහර ස්ථානවල ලොකු තදබදයක් පවතින බව පැවසූ රාජ්‍ය ඇමැතිවරිය එවැනි ස්ථානවල ජනතාව සෞඛ්‍ය නීති හරියාකාරව පිළිපැදිය යුතු බවද සඳහන් කළාය.
පශ්චාත් කොවිඩ් රෝගී තත්වයන් සම්බන්ධ තොරතුරු සායනික වෛද්‍යවරුන් ලබාදිය යුතු බවද විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ
කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ
ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන
ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෛද්‍යවරුන් තිදෙනකු තාක්ෂණ කමිටුවෙන් ඉවත්වීම ගැන සුදර්ශණීගෙන් ප්‍රකාශයක්
Perera Wednesday, 08 September 2021 02:40 PM
ඒ වෙනුවට විශේෂඥ වෛද්‍ය ශවේන්ද්‍ර, විශේෂඥ වෛද්‍ය වීරවංශ සහ විශේෂඥ වෛද්‍ය ලන්සාව පත්කරන්න ආණ්ඩුවට ඕන විදිහට වැඩේ ගෙනියාවි..
parakkrama Wednesday, 08 September 2021 03:30 PM
පෙරේරා මහත්මයා කියන විදිහට එම කාර්යය කිරීමට තිබුණේ.., අවුරුදු පොකුර ඇතිවීමට කළින්...
Tharindu Perera Wednesday, 08 September 2021 02:56 PM
ෂර්ලොක් නෙවෙයි අනේ ෂයිලොක්!
Kuma Wednesday, 08 September 2021 03:41 PM
ලංකාවේ කොහොමටත් ඔය අංශවල ඉන්න අයගේ පොඩ්ඩක් අධිමානසිකත්වය පාලකයෝත් එක්ක වැඩ කරනකොට හැප්පෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටට තමන්ගේ යුතුකම මගහරිනවා.
සමරේWednesday, 08 September 2021 06:50 PM
කුමාගේ එක කමෙන්ට් එකකට නම් මම 100% එකඟයි. නිදහස් අධ්‍යාපනයෙන් තමන්ගේ ජීවිත එළිය කරගත් අය රටේ විපතක් සිදුවෙන වෙලාවක තමන්ගේ රට ගැන හිතන්න.
Rohana Wednesday, 08 September 2021 03:57 PM
මේ වෛද්‍යවරුන් තාක්ෂණික කමිටුවෙන් නිකන් ආවට ගියාට ඉවත්වෙන්නේ නැහැ.
සනත් ගමගේ Wednesday, 08 September 2021 04:02 PM
ඉවත්ව යන ඕනෑම කෙනෙකුට ඉවත් වෙලා යන්න දෙන්න. ඔය තනතුරු දරන ඉහළ වෛද්‍යවරු කලේ එක එක ප්‍රභේද හොයා ගත්තා කියලා තමන්ගේ නම ප්‍රසිද්ධ කර ගැනීම පමණයි. ඇත්තටම රජයේ රෝහවල සේවය කරන හිත හොඳ දොස්තර මහතුන් විශාල පිරිසක් කොරෝනා රෝගීන් සමඟ පොර බදා ජීවිත රැකදෙනවා. ඒ අය උදේ හවස ටී.වී වල කෑ ගහන්නේ නැහැ. රෑට ප්රවෘත්ති බලනවිට මේ වෛද්‍යවරු එකිනෙකා දොස් කියන්නේ රටේ ජනතාවටද කියලා හිතෙනවා... එයාලා කරන්නේ නැතිව අපට කියනවා. එම නිසා කොරෝනා ලෝකයම වෙලාගෙන ඉවරයි. තව තව ප්‍රභේද ගැන මේ රටේ ජනතාවට අවශ්‍ය නැහැ. මේක වසංගත රෝගයක්... මෙය බාරව ඉන්නේ ගමේ සිට නගරය දක්වාම මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු ඒ අය නියම විදියට රාජකාරි කරනවා. තව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් අළුතින් බඳවා ගන්න. ඔය ලොකු දොස්තර මහත්වරුන් පෞද්ගලික රෝහල් වල බෙහෙත් දෙන්න යවන්න. පොඩි දොස්තර මහත්වරුන්ගෙන් නිසි දේ සිදුවනවා. කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරකර ඉන්නේ උගත්කම වැඩි වුණාම. එම නිසා රෝගය බෝවීම අවම කරගන්න දැන් ජනතාව හොඳටම උනන්දු වෙනවා. ජනතාවට කන්න බොන්න නැතිව ඉදරියේදී මැරෙනවා. රජයේ නිලධාරීන් වැටුප ගන්නවා. 2000 වත් තවම නොලැබුණු පිරිස් විශාල පිිරිසක් ඉන්නවා. රට අරින්න...
RaveendraWednesday, 08 September 2021 06:09 PM
ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. රටේ මහජනතාවගේ බදුමුදල් වලින් උපරිමයට ඉගෙනගෙන තමන් ගෙදරින් මේ විශේෂඥ තනතුරු ඔක්කොම ගෙනාවා වගේ හැසිරෙන්නේ නම් මොවුන් උගතුන් නොව ගොබ්බයින්ය..මේ අවස්ථාවේ කළ යුත්තේ තමන්ගේ උද්දච්චකම්, ගොන් ආඩම්බරකම් පසෙකින් තබා එකා මෙන් වැඩකිරීම බව කිව යුතුයි. ඒ කෙසේවෙතත් "යන එවුන් පලයව්" ,මහජනතාවගේ බදුමුදල් වලින් ඉගෙන ගත්තතම යුතුකම් හොඳින් දන්නා අවංක හිත හොඳ වෛද්‍යවරු තමන්ගේ රාජකාරිය කරාවි. විශේෂඥ උද්දච්චකම් වැලිගම් යනවිටත් අරගෙනම පලයව් ... "මෙම අදහස් පට්ටම් තම නළලේ කොටාගත් විශේෂඥ කොන්දොස්තරලා සියල්ලටම කියවීමට හැකි වේවා"....
KumaraWednesday, 08 September 2021 11:44 PM
ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙන ගෙන . තියෙන්නෙ වෛද්‍යවරු විතරක් නෙවෙයි. එක දවස් හරි පාසැල් ගිහින් තියෙනවා නම් දැනට රස්තියාදු ගහන අය පවා ඒ කණ්ඩායමට අයිතියි. බොහෝ විට එය ඔබටත් අදාළ විය හැකියි. ඒ නිසා ඔබේ ඔය චෝදනාව උද්දච්චකමින් ගොන් ආඩම්බරකමින් රට විනාශය කරා ගෙන යන දේශපාලකයන්ගේ සිට වගකිවයුතු සියලු දෙනා වෙත එල්ල කරන්න.
RaveendraThursday, 09 September 2021 07:06 AM
කුමාර මයා වෙත. ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. ඔබ සදහන් කල පරිදි අපද නිදහස් අද්යාපනය ලැබුවෝය. ඒ ලැබූ අධ්‍යාපනයෙන් කලගුණ සැලකීමක් ලෙස උපන් රටතුල අවංකව අපගේ සේවය ලබාදී දැනට දශක 2 කටත් අදික කාලයක් විදේශවල "බැලමෙහෙවර" කරමින් ඒ ලැබෙන සොච්චම් මුදල් සියල්ල උපන් රටටම එවන්නේ උපන් රටට කරන යුතුකම් ලෙසය, උපන් රට ඇති ආදරය නිසාවෙනි.. එසේම අප උපන් රටට ශතෙකවත් ණය නැති මිනිසුන්ය. එය අපට ආඩම්බරයකි.
සඳුන්Wednesday, 08 September 2021 07:37 PM
කොපි ඇන්ඩ් පේසට් රචනා ටික ලෑස්ති නෑ ලේස්ති කරගෙනම ඉඳලා ..... රාජ්‍ය සේවකයින් වැඩ කල යුත්තේ එහෙයියන් ලෙස නොව හිතට එකඟවයි.
Sswickrama Wednesday, 08 September 2021 04:04 PM
1 ට 4 වැටෙන ආකාරයට පද්ධතිය සකසා ඇති ස්වාධීන යැයි මම මෙතෙක් සිතා සිටි මෙම ජනමාධ්‍යට අදහස් දක්වමින් කාලය නාස්ති නොකරමි...
සිරිබිරිස් Wednesday, 08 September 2021 04:06 PM
ඇමතිතුමියනි, ඔබ කියපු තිදෙනාම අස්වුනේ කමිටුවෙන් පමණයි කියලා තවමත් පාසල් යන මමත් දන්නවා... ඒ සියලු දෙනාම රැකියාවෙන් අස්වුණා කිව්වේ නැහැ. ඔබතුමිය හිතන්නේ මේ රටේ ඉන්නේ කොණ්ඩේ බැඳපු චීන්නු කියලාද?
සිරිබිරිස්Thursday, 09 September 2021 10:20 AM
මගේ අදහසට විරුද්ධ නවයක් ඉන්න නිසා කියන්නෙ අපේ පාසැලේ නිවාසාන්තර තරග සදහා සංග්‍රහ කමිටුවකට ගුරුවරුන්ට අමතරව නගරසභා කුණු ට්‍රැක්ටරයේ කුණු එකතුකරන අයෙකුත් දෙමාපියන් අතරින් පත්කලේ එක් ගුරුවරයෙක්ගෙ හිත්වත්කමටය. මෙම අය ජරාව අදින අය නිසාත් ආහාර පිරිසිදුව තිබිය යුතු නිසාත් එම කමිටුවේ ගුරුවරු විරුද්ධ වුනත් පත්කල කෙනා අදහස වෙනස්කලේ නැහැ. එනිසාම කමිටුවෙ හිටි ගුරුවරු කමිටුවෙන් ඉවත්වුනා තරග දිනට පසුත් අස්වුනු ගුරුවරු ඉගැන්වීම් කටයුතු කලා
නීල්න් Wednesday, 08 September 2021 04:14 PM
එක එක දේශපාලන මරි මෝඩයන්ට ඕනෙ විදිහට තීන්දු ගන්න ගියාම මිනිස්සු ඉවත් වෙන එක සාදාරණයි.
fairoos Wednesday, 08 September 2021 04:40 PM
මෙතුමියත් නිකන් විහිළුවක් වෙලා... ඔහේ දොඩවනවා..
sampath Wednesday, 08 September 2021 04:40 PM
3 දෙනෙක් ඉවත් වුණාම මොකද? ඔය ඕනෑතරම් ඉන්නේ.. ඔයවගේ කවුරු හිටියත් මැරුණු මිනිස්සු මැරුණා.... පහුගිය කාලෙම මැරුණු අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලට කමිටුවත්, කමිටුව පත්කළ අයත් වගකියන්න ඕනෑ... කමිටුව කියන දේ ඇහුවේ නැතිනම් එදාම අයින් වෙන්න තිබුණා. දැන් 10000ත් පැනලා මැරිලා... ඒවට කවුද දැන්වග කියන්නේ...? හැමෝම බබාලා වගේ හැසිරුණාම කොරෝනා නෙවෙයි හෙම්බිරිස්සාවෙනුත් මැරෙනවා.
සිරිලාල් Wednesday, 08 September 2021 05:08 PM
වෛද්‍යවරුන්ට ඇති පීඩනය ඉතා ඉහළයි... කලින් විශේෂඳ වෛද්‍යවරුන් රෝහල් සේවය නිමවූ පසුව ඔවුන් කෙලින්ම ගියේ පුද්ගලික රෝහල් කරා. ඒවයේ ලෙඩුන්ද තම විශේෂඳ වෛද්‍යවරයා එනතෙක් ආසන වල වාඩීවී ප්‍රධාන දොරටුව දෙස බලා උන්නා, ඇස් රිදෙන කම්. සාමාන්‍ය වෛද්‍යවරුන් නම් කෙලින්ම ගියේ ගෙදර..... පසුව තම ඩිස්පෙන්සරිය වෙත ගියා. ඒවායේ ද අංක ලබාගත් ලෙඩුන් පෙර මග බලා සිටියේ තම වෛද්‍ය තුමා එනකං.... දැන් ඒ රටාව වෙනස් වෙලා....... කොරෝනා රෝගීන් වෙනුවෙන් වැඩි කාලයක් රෝහලේ රැඳෙන්න සිදුවෙලා. කොරෝනා නොවන රෝගීන්ට ප්‍රතිකාර කිරමේ අවස්ථාව අවම වෙලා... ලෙඩුන් ද අසරණ වෙලා. යතාර්තය එය විය හැකියි....
සමන්ත Wednesday, 08 September 2021 06:01 PM
තාක්ෂණික කමිටුවට ඉදිරියේදී බැඳෙන සාමාජිකයින් පහත උපදෙස් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ඉදිරියේදී පෞද්ගලික හේතුමත අස්වීමට බලාපොරොත්තුවන්නේ නම් මෙම කමිටුවට බැඳීමෙන් වළකින්න. මක්නිසාද යත් ඔබ වෙනත් කාර්යක්ෂම පුද්ගලයකු මෙම ව්‍යසනයේදී පූර්ව අපේක්ෂණය කර ගන්නා පරිපූර්ණ තීරණයකට ඒමට අවස්ථාව නොදෙන බැවිනි. කමිටුවක් යනු පුද්ගලයින් කිහිප දෙනකුගේ සාමූහික අදහසක් බවත්, තමාගේ අදහස හැමවිටම කමිටුවකින් ක්‍රියාත්මක නොවන බවත් තේරුම්කර ගන්න. මෙම කමිටුවෙන් ඉල්ලා අස්වීමට ඕනෑම සාමාජිකයකුට අයිතියක් ඇතත්, එම සාමාජිකයා ශ්‍රී ලාංකික ජනතාවට වගකිව යුතු බැවින් පැහැදිලිව හේතු දක්වන්නේ නැතිව ඉල්ලා අස්වීම තමාගේ අකාර්යක්ෂම භාවය හෝ ඍජුභාවය නැති බවත් කමිටු සාමාජිකයා තේරුම් ගත යුතුයි. කමිටු තීරණ සාර්ථක වනවිට එහි ගෞරවය ලැබීමටද, තමා ගත් තීරණ වැරදි වූ විට වගවීමටද සිදුවන බවද, එය අනාගතයේදී කෝවිඩ්-19 අවසන්වූ විට සිදුවන පශ්චාත් විශ්ලේෂණයකදී සිදුවන්නක් බවද තේරුම් ගන්න. ඔබගේ සාමූහික තීරණය රජය විසින් ක්‍රියාත්මක කරනුයේ සෞඛ්‍ය අංශයේ කෝණය පමණක් සැලකීමෙන් නොවන බවත්, ආර්ථික, සමාජයීය හා දේශපාලනික හේතුද සලකා බැලීමෙන් වන බවටද අවබෝධ කරගන්න.
සමරේWednesday, 08 September 2021 06:52 PM
100%ක් එකඟයි.
RaveendraWednesday, 08 September 2021 07:25 PM
ඔයාලා කව්ද අපට වගකීම් යුතුකම්, රාජකාරි කරන හැටි කියල දෙන්නේ....?? අපි මේ විශාරද කම් අරගෙන ආවේ තිබිරිගෙයි ඉදලාමයි .
බද්රානි Wednesday, 08 September 2021 06:43 PM
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින සෑම ගැටළුවකටම හේතුවී ඇත්තේ වෙද සංගම් මාෆියාවයි. ඒ මාෆියා කල්ලියට අවශ්‍ය වී ඇත්තේ මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කොට එය පෞද්ගලික අංශයට භාර දීමටයි. දැනටමත් මේ කොරෝනා වසංගතය අස්සේ, පෞද්ගලික රෝහල්, සංචාරක හෝටල් කුලියට රැගෙන කරන ගසාකෑම ගැන ඔබ තුමිය දැනුවත්ද? හමුදාව කරනු ලබන එන්නත්කරණයට පවා මේ අය විරුද්ධ වෙන්නේ මොවුන්ට ඒ තුලින් ලාභ උපයා ගැනීමට නොහැකිවීමයි.
rocky Wednesday, 08 September 2021 06:53 PM
වෛද්‍යවරුන් මොකටද? කොරෝනා විශේෂඥ උදයංග වීරතුංග, ප්‍රසන්න රණතුංග, ගාමිණී ලොකුගේ... වගේ අය ඉන්නවනේ...!!!
ගමේ එකාලා Wednesday, 08 September 2021 06:57 PM
දිවා රෑ කැපවෙලා වැඩ කරන දොස්තර මහත්වරු තව රටේ ඉන්නවා. වෙනසකට තියෙන්නේ රූපවාහිනි නාලිකාවලින් දකින්න නැති එක විතරයි.
chandima Wednesday, 08 September 2021 07:00 PM
නෝනා ඔය තුන්දෙනා ඇරුනහම වෙන කවුරුත් ඔය වැඩේ දන්නා කෙනෙක් ලංකාවේ හොයාගන්න නැතිද.?
ranjith Wednesday, 08 September 2021 08:47 PM
මෙතුමියත් සමහරු කියන විදිහට විහිළුවක් බවට පත්වෙලා...
Lelwala Wednesday, 08 September 2021 09:09 PM
මෙය නිකුත් නොකෙරේ. ඔවුන්ට පෞද්ගලික හේතු ඇත. ඔවුන්ට එක පවුලක් සමඟ වැඩ කළ නොහැක.
Lelwala Wednesday, 08 September 2021 09:15 PM
ඔබට මෙම පවුලට වැඩ කළ නොහැක. විශේෂඥයා කළ දේම ඔබටත් කළ හැකිය. ඔවුන්ට පිටුපස අස්ථියක් ඇත.
swene Thursday, 09 September 2021 09:10 AM
ආනන්ද විජේවික්‍රම විශේෂඥවරයා ගැන නිවැරදි අවබෝධයක් ලබා නැති බව පෙනේ. 2003 වැනි වර්ෂවල ඩෙංගු රෝගය කිව්වම අප සියලු දෙනාටම මරණ භීතිකාව තිබුනා. නමුත් ආනන්ද විජේවික්‍රම මහතාගේ මුලිකත්වයෙන් ඩෙංගු කළමනාකරණය පිළිබඳ ව සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයම දැනුම්වත් කොට එම මරණිය බය අපගෙන් තුරන් කොට ඇත. අද, ඩෙංගු කීවාම ලංකාවේ ඕනෑම අයෙක් IDH රෝහල දෙසට එන්න බලන තත්ත්වයට එම රෝහල ගෙන ඒමට ඔහු ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වුනා.
sunil Thursday, 09 September 2021 09:29 AM
ඔබතුමිය කියන දේවලුත් බලධාරීන් අහන්නේ නැහැනේ
රවි Saturday, 11 September 2021 01:44 PM
ලංකාවේ ගුණමකුවන් වැඩි බව ඉහත ප්‍රකාශ වලින් තේරෙනවා.