IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


වෛද්‍ය දන්තනාරායන කොරෝනාවෙන් මරුට

(සිරංගිකා ලොකුකරවිට සහ ජී.ඩබ්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

කොරෝනා ආසාදනය වීමෙන් පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපණ වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක්මෝ යන්ත්‍රයට සවිකර විශේෂ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා අද (2) උදෑසන මියගිය බව කරාපිටිය ‍රෝහල් ආරංචි මාර්ග පවසයි.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබා චීනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ ඔහු රෝගාතුරවන විට රාගම ශික්ෂණ රෝහලේ සේවය කළේය.

රාගම රෝහලේ සිට කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබූ අතර ‍දියවැඩියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටි ඔහුට කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් පෙනහළු මගින් සිදුකරන වායු හුවමාරුවේ ගැටලුවක් ඇති වී තිබිණි.

ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකරන ලද්දේ එවැනි රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන එක්මෝ යන්ත්‍රයක් ඇති එකම රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල බැවිනි.

මෙම වෛද්‍යවරයාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙක් ද මේ වනවිට කොරෝනා ආසාදනය වී ප්‍රතිකර ලබමින් සිටිති.

මෙම වෛද්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඔහුගේ පියා ද වෛද්‍යවරයෙකි.

කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වෛද්‍යවරයෙකු මියගිය ප්‍රථම අවස්ථාව මෙය වේ.



අදහස් (14)

වෛද්‍ය දන්තනාරායන කොරෝනාවෙන් මරුට

Thissa Tuesday, 02 February 2021 06:26 AM

මාගේ හදපිරි කණගාටුව සහ ශෝකය පව්ලේ සැමටම පුදකර සිටිමි. සසර පුරා කිසිඳු දිනක මෙවන් උරුමයන් ඔබට අත් නොමවේවා...!!!

:       0       27

anura pathirana Tuesday, 02 February 2021 07:01 AM

අප වෙනුවෙන් සේවය කර , අප වෙනුවෙන් දිවිදුන් සහෝදර වෛද්‍යතුමන්ට නිවන් සුව පතමු... පවුලේ සියලු දෙනාටම ඉක්මන් සුවයද පතමු.

:       0       46

De Tuesday, 02 February 2021 07:19 AM

හරිම දුකයි. එතකොට ලංකාවටම ‘‘එක්මෝ‘‘ එකයි තියෙන්නේ? හැබැයි කාලකණ්ණි දේශපාලකයෝ යාන වාහන නම් බී.එම්.ඩබ්ලිව්., බෙන්ස් කොච්චරද? මේ අය තවම ගමටත් එනවනේ ලැජ්ජා නැතිව...

:       3       73

sanjeeva Tuesday, 02 February 2021 07:42 AM

"ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකරන ලද්දේ එවැනි රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන එක්මෝ යන්ත්‍රයක් ඇති එකම රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල බැවිනි".. අපි තව මැණික් කුළුණු හදමු. වන රක්ෂිත විනාශකර කාපට් පාරවල් හදමු.. ඔබතුමාට නිවන් සුව පතමි.

:       5       67

Karunarathna Gampola Tuesday, 02 February 2021 07:48 AM

සුගතිගාමි භවයන් අතර ඉපිද ධර්මාවබෝධය ලබා ප්‍රාර්ථනීය බෝධියකට පැමිණ අජරාමර නිවන අවබෝධ වේවා..!!! 

:       3       44

chinthaka Tuesday, 02 February 2021 08:15 AM

ඔබතුමාට නිවන් සුව අත්වේවා..!!! 

:       0       36

Raveendra Tuesday, 02 February 2021 08:28 AM

ඔහුට නිවන් සුව පතමි! පාලකයින්ගේ නිරුවත එළිවී ඇති නිසා තවත් පැණි, දුම්, කසාය මුට්ටි පස්සේ නොදුවා මිනිසුන් ගොනාට නොඅන්දවා ඇත්තට මුහුණ දී ක්‍රියා කරන ලෙස පාදෙණිය ඇතුළු වහල් රැලට මතක් කර සිටිමි.

:       6       37

Raktha Tuesday, 02 February 2021 08:47 AM

අයියෝ මේ රටට මොකද මේ වෙන්නේ..?

:       2       13

chamil rupasinghe Tuesday, 02 February 2021 09:02 AM

මෙසේ රටට අහිමි වන්නේ, රාගම රෝහලේ ශල්‍ය ඒකකයේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතායි. ජීවක පරපුරේ විශිෂ්ඨයෙකි..

:       1       26

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 February 2021 09:25 AM

හදවතින්ම බලවත් ලෙස කණගාටු වෙමි.මේසන් බාස්ලා පස්සේ යමින්, මුට්ටි පාකරමින්, වෛද්‍ය මතයට වඩා රට රවටන හොරුන්ගේ පස්සේ ගොස් ලෙඩේ වැපිරූ අනුවණ මිනිසුන් නිසා සිදුවූ තවත් විපතකි මේ...

:       2       24

gamage Tuesday, 02 February 2021 09:29 AM

අර කොරෝනා අරමුදලෙන් වට්ටක්කයි, කෙසෙලුයි ගන්නේ නැතිව ECMO මැෂින් එකක් ගන්නයි තිබ්බේ.

:       0       23

sena Tuesday, 02 February 2021 10:54 AM

වෛද්‍ය තුමන්ට නිවන් සුව පතමු...

:       0       1

Mahesh Uk Tuesday, 02 February 2021 11:30 AM

මේ යන්ත්‍රයක වියදම ලක්ෂ 120ක් විතර වෙනවා. ලංකාවේ ඉන්න මන්ත්‍රීවරු පදින ජීප් එකක් ලක්ෂ 350කට වඩා වැඩියි.

:       0       7

U.K.අපි. Tuesday, 02 February 2021 12:14 PM

හරිම කණගාටුදායකයි. ලංකාවට ඇත්තේ එකම ECMO මැෂින් එකක් විතරයි ඇසීමත් මොනතරම් අවාසනාවක්ද? බලලෝභී දූෂිත දේශපාලකයන්.., ලෙඩුන් ගසා කන දොස්තරලා ඉන්නේ. තවත් මොන කතාද?

:       4       10

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 700 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1515 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 1133 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1899 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1607 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1830 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 937 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 414 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 563 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site