IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


වෛද්‍ය සමන් වීරසිංහට රුසියාවෙන් සම්මානයක්

(ඩයනා උදයංගනී)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති, ශ්‍රී ලංකා - රුසියානු මිත්‍රත්ව සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සමන් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සුවිශේෂී  සම්මානයක් ලබා දී ඇත.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම සඳහා වසර ගණනාවක් තුළ සිදුකල කාර්‍යභාර්‍ය අගයමින්  පිරිනැමුණු මෙම සම්මානය එරට විදේශ අමාත්‍යංශයේදී, ඉකුත් 25 වැනිදා වෛද්‍ය සමන් වීරසිංහ මහතාට පිරිනැමිණි.

ඒ රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශ සම්මේලනයේ  පාර්ලිමේන්තු සහ මහජන සංගම් විෂයයන් සබඳතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙමෝන් ග්‍රිගෝරියෙව් මහතා අතිනි. 

  රුසියානු සමූහාණ්ඩුව හා විදේශීය රාජ්‍ය සමග ද්වීපාර්ශික සම්බන්ධතා සහ සහයෝගිතාවය වර්ධනය කිරීමට එරට විදේශ අමාත්‍යංශය හා ක්‍රියාකාරීව සම්බන්ධ වී කටයුතු කරන එරට හා විදේශීය පුරවැසියන් වෙනුවෙන්  'ජාත්‍යන්තර සහයෝගිතාවය හා සම්බන්ධීකරණය' වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමේ.

 මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සම්මානය ලබා ගැනීමේ භාග්‍යය සමන් වීරසිංහ මහතාට හිමිවිය. 

ඔහු 2015 සිට 2018 වසර දක්වා කාලයේදී , රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය.

 "රුසියානු සමූහාන්ඩුවේ වීරයා" සම්මානයෙන් පිදුම් ලද අභය්‍යාවකාශගාමී වැලේරී තකාරෙව් මහතාද රුසියානු විදේශ අමාත්‍යංශය මගින් ලබාදුන් මෙම සුවිශේෂී සම්මානයෙන් පිදුම් ලැබීය. 

මීට පෙර, ස්ලෝවේනියාව, ඉන්දියාව, ප්‍රංශය, බල්ගේරියාව යනාදී රටවලින් තෝරාගත් පුරවැසියන් සඳහා මෙම සම්මානය පිරිනැමිණි.

ඒ මිනිසුන් අතර සාමය, මිත්‍රත්වය සහ සහයෝගීතාව ආරක්ෂා කිරීම සඳහා ඔවුන් ලබාදෙන  සැලකිය යුතු දායකත්වය වෙනුවෙනි.

 රුසියානු විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්, තානාපතිවරුන්, රුසියාවේ කීර්තිමත් පුද්ගලයන්, ඉහළ රාජ්‍ය නිලධාරීන්, රුසියානු හා විදෙස් මාධ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

වෛද්‍ය සමන් වීරසිංහට රුසියාවෙන් සම්මානයක්

ඔබේ අදහස් එවන්න

දියත

‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 269 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 788 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 465 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2097 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 1689 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 117 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 661 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site