IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


වෛද්‍ය සාෆිගේ පෙත්සමේ කරුණු තහවුරු කිරීම මාර්තුවට කල් යයි

(තිළිණි  ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ)

කිසිදු හේතුවක් නොදක්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින්  කුරුණෑගල  ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි  වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ලබන වර්ෂයේ මාර්තු 1 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

එසේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ප්‍රතිඋත්තර අදාළ  පෙත්සම් ගොනුවෙහි නොමැති වීම හේතුවෙනි.

මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවිණි. එහිදී පෙත්සම් මෙදිනට කල් තැබිණි.

වඳ සැත්කම් සිදු කළ යැයි අභූත චෝදනා එල්ල කිරීමත් නීතීවිරෝධී යැයිද පෙත්සම්කාර වෛද්‍ය මොහොමඞ් සාෆි මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමින් කියා සිටී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කුරුණෑගල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප ලාල් , කුරුණෑගල පොලිස් ස්ථානාධිපති , කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර , ආරක්ෂක ලේකම් සහ නීතීපති නම් කරනු ලැබ සිටිති.



අදහස් (1)

වෛද්‍ය සාෆිගේ පෙත්සමේ කරුණු තහවුරු කිරීම මාර්තුවට කල් යයි

සමීර Tuesday, 13 October 2020 10:55 AM

සාෆිලාව ඕන වෙන්නේ ඡන්දයක් කාලෙදී විතරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මනම්පිටිය දේවස්ථාන වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 19 3 0

පොළොන්නරුව මනම්පිටිය රෝහල පාරේ පිහිටි දේවස්ථානයකට 18 වැනිදා රාත්‍රී වෙඩි ප්‍රහාරයට සම්බන්ධව මනම්පිටිය දමිළ ගම්මානයේ පදිංචි හතලිස් වියති පුද්ගලයකු බ


මනම්පිටියේ ආගමික මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 1338 0

මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.


පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 18 1036 0

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස


මදුරු මර්දකයෝ 1103ක් හොර පාරෙන් අරන්
2025 අප්‍රේල් මස 18 435 0

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග


දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්
2025 අප්‍රේල් මස 18 1330 0

ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 1246 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 71 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site