IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


විදුලිබිඳ වැටීමෙන් සිදුව ඇති පාඩුව කෝටි 830 ක්

(අංජුල මහික වීරරත්න)

පානදුර විදුලි උප පොලේ ප්‍රශ්නය නිසා  දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ අලාභය රුපියල්  කෝටි 830 ක් බව  එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 ජාතික ජන බලවේග ආණ්ඩුව මෙම පාඩුව පියවා ගැනීමට උත්සාහ කරන්නේ මැයි 6 වැනිදා පුංචි ඡන්දයෙන් පසු විදුලිය ගාස්තු ඉහළ නැංවීමෙන් බව ද රණවක මහතා කීය.

‘පැන්සල’ ලකුණින් හෝමාගම ප්‍රාදේශීය සභා මැතිවරණය ට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා  හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ පැවති ජනහමුවට එක්වෙමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.

"මේ වඳුරෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. කීයද පාඩුව? කෝටි 830 ක්. එතකොට කවුද මේවා ගෙවන්න යන්නේ? මතක තියාගන්න. මේ පාඩුව ගෙවන්න වෙන්නේ අපිට.මැයි හය වැනිදායින් පස්සේ විදුලි ගාස්තුව වැඩි කරලා ඒ පාඩුව පියවගන්න යන්නේ යනුවෙන්ද රණවක මහතා කීය.

 



අදහස් (11)

විදුලිබිඳ වැටීමෙන් සිදුව ඇති පාඩුව කෝටි 830 ක්

ලූට මූස් Monday, 31 March 2025 12:36 PM

ඡන්දෙන් පස්සේ අපිට වෙන වැඩේ කියන්න කලින්, ඡන්දෙන් පස්සෙ ඔයාට වෙන වැඩේ කියන්න පුළුවන්ද?

:       0       6

පිටරටවැසියා Monday, 31 March 2025 12:37 PM

මෙයා විදුලිබල ඇමති වෙලා හිටියානම් ගෙදරින් ගෙනල්ලද පාඩුව පියවන්නෙ? බලයේ හිටපු කාලේදී එහෙම වෙන්න ඇති කරන්න ඇත්තෙ?

:       6       20

සෙනෙවිරත්න Monday, 31 March 2025 12:39 PM

තමන් හිටපු ආණ්ඩුවල ඔය වගේ ඒව නිසා වෙච්ච පාඩු අයකරගත්තද? මේක හිතාමතාරජය කල දෙයක් වගේ මේ ළදරු ආණ්ඩුවට මෙයා චෝදනා කරන්නෙ. අමතකද බැඳුම්කර මගඩිය වෙනකොට තමුන්නැහැ ඒ රජයෙ ඇමති.

:       5       16

Mohan Mangala Mapa Monday, 31 March 2025 12:48 PM

විසඳුම නිලධාරීන්ට දැඩි දඬුවම් කිරිම

:       0       3

රම්බොඩ Monday, 31 March 2025 01:30 PM

ඒ ගැන කිසිම වගවීමක් නෑ. වෙන රටක නම් කට්ටියට ගෙදර. පාර්ලිමේන්තුවට පනතක් ගේන හැම වෙලාවකම රට පුරා විදුලිය නැතිවෙනවා. මේවා ගැන හොයනව මදි. ඔවුන් ඒකාධිකාරයක් හදාගෙන.

:       4       0

de silva Monday, 31 March 2025 01:38 PM

පක්ෂ විපක්ෂ හැමෝම කටවහගෙන අපේ කොමිස් කුට්ටිවලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්න. ඇඟිලි ගහන්න ආවොත් මීට වැඩිය ලොකු පාඩුවකට මුහුණ දෙන්න සිද්ද වෙනවා..

:       1       1

de silva Monday, 31 March 2025 01:41 PM

පිට රට වැසියා සහ සෙනෙවිරත්න නොදන්නා දේවල් කතා කරන්න එපා. මම මෙතුමාගේ දේශපාලනය එකඟ නොවුණත් ඇත්ත කියනවා. මොහු විදුලිබල සහ බලශක්ති ඇමැති වෙලා හිටපු කාලේ මණ්ඩලේ ලාභ ලැබූ බව ඔබලා දන්නේ නැද්ද?...

:       11       1

අරවින්ද මොණරවිල Tuesday, 01 April 2025 09:58 AM

සිල්වාට නිකම් පිස්සු වගේද ? මෙයාගේ කාලයේ හොදටම ලාබ ලැබුවේ එයාම තමයි ගල් අගුරු වලින් එහෙම......

:       0       0

nisansala Monday, 31 March 2025 01:44 PM

මුන්ගේ බැංකු ගිණුම් වත්කම් දේපල විගණනයක් කළා නම් හොදට හොයා ගන්න පුළුවන් හිතවත් කම් ගැන

:       0       7

Neel Monday, 31 March 2025 04:34 PM

මේයා කියන දේවල් කවුරුවත් වැඩිය ගනන් ගන්නේ නැහැ. මොකද ගල් අඟුරු වලින් ලාබයි.

:       0       5

මාෆිලා Monday, 31 March 2025 05:49 PM

මිනිස් ලේ ඉල්ලන ජාතිවාදීන්... !!!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෙහෙළිය සී.අයි.ඩීයට එයි
2025 අප්‍රේල් මස 09 320 2

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණියේය.


12ක් රෝහලට යැවූ පේරාදෙණියේ අනතුර
2025 අප්‍රේල් මස 09 498 0

මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක


කේරළ ගංජා සමඟ අයෙක් කිලිනෝච්චි මුහුදේදී අල්ලයි
2025 අප්‍රේල් මස 09 140 0

කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බ


දකුණුට ගිගුරුම් සහිත වැසි
2025 අප්‍රේල් මස 09 244 0

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
2025 අප්‍රේල් මස 09 982 1

රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා
2025 අප්‍රේල් මස 09 1139 1

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 757 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 605 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1050 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site