IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


විදුලිබල මණ්ඩලයේ ලාභය සියයට 99 කින්පහළට

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය පසුගිය වසරේ (2024) දෙසැම්බර් 31 න් අවසන් වූ කාර්තුවේ සියයට 99 කින් පහළ ගොස් ඇතැයි එම මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාව සඳහන් වේ.

එම මණ්ඩලයේ විකුණුම් පිරිවැය ඉහළ යෑම එහි ලාභය පහළ යෑමට ප්‍රධාන හේතුව බව එම වාර්තාවෙන් හෙළිවේ.

එම මණ්ඩලය 2024 සමස්ත වසරේදී රුපියල් කෝටි 14,439 ක ශුද්ධ ලාභයක් ලබා ඇති බවත් එය 2023 වසරේ සමස්ත ශුද්ධ ලාභ වන රුපියල් කෝටි 5,763 සමඟ සැසදීමේදී සියයට 151 ක දැවැන්ත වර්ධනයකි.

එම මණ්ඩලයේ පසුගිය වසරේ අවසන් කාර්තුවේ මූල්‍ය ආදායම සහ පිරිවැය ගැලපීමේදී රුපියල් කෝටි 60.30 ක ශුද්ධ ලාභයක් ද, 2023 අවසන් කාර්තුවේ රුපියල් කෝටි 7,797 ක් ශුද්ධ ලාභයක් ද, ලැබූ බවත් ඒ අනුව එම මණ්ඩලයේ ශුද්ධ ලාභය අඩුවීමේ ප්‍රතිශතය සියයට 99 කි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කළ ආසන්නතම මූල්‍ය වාර්තාවලට අනුව 2024 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේදී එම මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 111.80ක් හෙවත් රුපියල් කෝටි 11,180 වන අතර එය 2023 අවසන් කාර්තුවේ ආදායම සමඟ සැසදීමේදී සියයට 28 ක පහළ යෑමකි. 2023 අවසන් කාර්තුවේ එම මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 156.25 ක් හෙවත් රුපියල් කෝටි 15,625 කි.

රුපියල් කෝටි 7,803 ක්ව පැවැති 2023 අවසන් කාර්තුවේ විකුණුම් පිරිවැය සියයට 49 කින් ඉහළ ගොස් 2024 වසරේ අවසන් කාර්තුවේ විකුණුම් පිරිවැය රුපියල් කෝටි 11,629 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තා කියයි.

2023 වසරේ අවසන් කාර්තුවේ රුපියල් කෝටි 7,822 ක් වූ එම මණ්ඩලයේ දළ ලාභය පසුගිය වසරේ එම කාර්තුවේ රුපියල් කෝටි 449 ක් දක්වා සියයට 106 කින් අඩු වී ඇති බවත් එම තත්වය අනුව මණ්ඩලය රුපියල් කෝටි 304 ක අලාභයක් ලබාඇති බව කියන එම මණ්ඩලය 2023 වසරේ අවසන් කාර්තුවේදී රුපියල් කෝටි 9,197 ක මෙහෙයුම් ලාභයක් ලබාඇති බවත් එම වාර්තාව සඳහන් කරයි.

 



අදහස් (9)

විදුලිබල මණ්ඩලයේ ලාභය සියයට 99 කින්පහළට

ගුණරත්න Friday, 07 March 2025 07:19 AM

සීයා ඉන්න කාලේ ලාභ ලබනවා එත් අපේ උන්ට එහි අගයක් නැහැ. මේක රාජ්‍ය සමාගමක් නිසා ලාභ ලබනවිට එහි ප්‍රතිලාබ ලැබෙන්නේ මහජනයාටම තමයි, ඔය අතිරික්ත මුදල් යොදවල යටිතල පහසුකම් වැඩි කරන්න එහෙම පුළුවන්, පාඩු ලබන විට ඒ මොකුත් කරන්න බැහැ එත් මහජනයා ගෙවන බදු මුදලෙන් පාඩු පියවන්නත් ඕන. ඉතින් ඔය දෙකෙන් වඩා හොඳ මොකක්ද?

:       6       23

ධනා Friday, 07 March 2025 07:50 AM

බිල වැඩි වෙයිද ?

:       0       16

Chandana Friday, 07 March 2025 09:10 AM

අපොයි

:       0       15

කව්ද බෝයි Friday, 07 March 2025 09:36 AM

කාංචනට ඔලුවේ කැක්කුම හැදෙයි, හෙඩිම දැකලා...

:       17       5

Kazi Shajahan Friday, 07 March 2025 10:01 AM

IMF එකේ පදයට නටන්න වගේ යන්නේ, හැබැයි පුතෝ රනිල්ට උන වැඩේ වැඩි අතක නෑ හොඳේ, ඒක මතක තියාගන්න.

:       4       17

සිල්වා Friday, 07 March 2025 10:42 AM

බිල් වැඩිකරන්න අඩිතාලම සකස් කරනවා

:       1       16

රම්බොඩ Friday, 07 March 2025 11:14 AM

ප්‍රසාද දීමනා බෙදාගන්නකොට ලාභ පෙන්වනවා. දැන් ඔය දඟලන්නේ බිල වැඩි කිරීමට. මරු ඇමති කෙනෙක්නෙ ඉන්නෙත්.

:       2       14

Athula Friday, 07 March 2025 01:41 PM

සීයා කලේ සේරම බර ජනතාව පිට දාල සේරම පව් දුප්පත් මිනිස්සුන්ට ගෙවන්න සැලැසවූ එක.. ඕක කරන්න මහ ලොකු දැක්මක් ඕනද බං.. අද ඒ බර ජනතාවට සැහැල්ලු කරලා තියෙන්නේ.. එතකොට තමයි රටක ආර්ථික සංවර්දනය වැඩිකරන්න පුළුවන්..

:       8       3

ගුණරත්නFriday, 07 March 2025 02:54 PM

ඒ කොහොමද ඕයි? රජයේ ආයතන පාඩු නම් බදු ගෙවන මිනිස්සු මිනිස්සු පාඩුව පියවන්න ඕන, එතකොට සංවර්ධනේ වෙන්නේ කොහොමද? ඔය ඉතින් පේන්නේ මාලිමවුන්ගේ මොලේ තරම

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 507 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 257 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 348 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1013 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 571 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 3841 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 596 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site