(යොහාන් භාසුර)
විදුලි බලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යැයි කියැවෙන සංකල්ප පත්‍රිකාවක් මේ දිනවල සමාජ අවකාශයේ ඇති බවත් එය අනාගත විදුලිබල පනත යැයි හදුන්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (3) පැවසීය.
විදුලිබල උත්පාදනය සඳහා අලුත් බලපත්‍ර දීමට යෝජනා කරන මෙය ආණ්ඩුව ඉදිරිපත් කරන පනත ද කිවයුතු බවත් ඒ සමඟම ආණ්ඩුව සතු ලක්ෂපාන සහ කෙහෙල්ගමුව ඔය සහ මස්කෙළිය යටතේ ඇති සියලු බලාගාරත්, මහවැලි ගඟ යටතේ ඇති බලාගාර තවත් කොටසක් ලෙසත් පෞද්ගලීකරණ කරන බවත් ඒ මහතා කීය.
සමනලවැව, උමාඔය, කුකුලේ ගඟ වැනි අනෙකුත් බලාගාර තවත් කොටසක් ලෙස යෝජනා කර ඒවා පෞද්ගලිකරණය කරන්නේ ද යන්න රජය හෙළිකළ යුතු බව කී මහාචාර්යවරයා මෙම බලාගාරවලට ජලය නිකුත් කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජල ප්‍රවාහයන්ගෙන් රටේ කෘෂිකාර්මික අවශ්‍යතාව සඳහා ජලය ලබා ගැනීම ගැනීම අර්බූදයකට යා හැකි බව ද සඳහන් කළේය.
මෙම පනතින් විදුලිබල සම්ප්‍රේෂණ පද්ධතිය පෞද්ගලික අංශයට ලබාදීම ඉඩක් මේ තුළ තිබීම නිසා එය නොකළ යුත්තක් බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කොළඹදී අද (3) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විදුලිය පෞද්ගලීකරණය නොකළ යුතුයි
මහී Thursday, 04 May 2023 07:33 AM
දියවන්නාවේ ඇති නාකි ලගිනා සුදු අලි ආයතනය සියල්ලට කලින් පෞද්ගලීකරණය කල යුතුය . .... අහෝ දුකකි එය දැනටමත් සමාගම් දෙකකින් පාලනය වේ. පෞද්ගලීකරණයේ අනිටු විපාක.