(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට යොදාගෙන ඇති තොරතුරු නිවැරදි නොවන බවත් වර්තමානයේ දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් 37 ක් වුවත් දිනක ඉල්ලුම ගිගාවොට් 48 ක් ලෙස ගෙන ලබන වසරේ විදුලි ඉල්ලුම පුරෝකථනය කර ඇති බවත් හිටපු විදුලිබල අමාත්‍යවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අද (27) පැවසීය.
රටේ ආර්ථික කඩා වැටීමත් සමඟ විදුලි ඉල්ලුම අඩුවීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු නිලධාරීන් අවධානය යොමු කර නොමැති බව කී පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේ පසුගිය අගෝසතු මස කළ ගාස්තු වැඩි කිරීමෙන් මාස දෙකක් තුළ රුපියල් බිලියන අටහමාරක පමණ ලාභයක් ලැබීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය පවත්වාගෙන යෑමට අවශ්‍ය ධනයට වඩා වැඩි ලාභයක් උපයා ඇති බවත්ය.
වර්තමාන ගාස්තුව මාස හයක් පමණ පවත්වාගනෙ ගොස් යම් හෙයකින් පාඩු ලබන්නේ නම් ඊළග අදාලව ගාස්තු සංශෝධනයකට යෑම විදුලිබල මණ්ඩල කළ යුතු බවත් ප්‍රතිපත්ති හැදීමේ බලය අමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට තිබුණත් විදුලි ගාස්තු ඉහළ දැමීමේ බලය මහජන උපයෝගිතා කොමිසම සතු බවත් අමාත්‍යවරයා කීය.
විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන අයට සහනයක් දෙන බවට රජය කරන ප්‍රකාශය පිළිගත නොහැකි බව කී හිටපු අමාත්‍යවරයා ලෝකය පිළිගත් ප්‍රතිපත්තිය අනුව වැඩියෙන් පරිභෝජනය කරන්නා වැඩියෙන් ගාස්තු ගෙවිය යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලි ගාස්තු ඉහළ දමන්නේ වැරදි තොරතුරු මතයි
චම් පක Tuesday, 27 December 2022 07:23 PM
තැන් තැන්වල කියව කියවා ඉන්නේ නැතුව නඩුදාලා බිල වැඩිකරන එක අවුරුදු කීපයක් කල්දාන්නකෝ... ඊටපස්සේ ඔයකියන නුඹලාගේ ආණ්ඩුවක් ආවාම බිල් වැඩිකරන යෝජනාව ඉල්ලා අස්කර ගන්න... පුළුවන් නම් ඒක කරන්න.. රටට මෝඩ චූන් නොදී... මයික් ඉස්සරහා බයිට් නොවී ඉන්න.