(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ත්‍රීරෝද රථ සැපයුම්කරු වන ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම විදුලි ත්‍රීරෝද රථයක් අද (16) එළිදැක්වීය.
මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනය සහ ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම අවබෝධතා ගිවිසුම අස්සන් තැබීය.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුඵ පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලි ත්‍රීරෝද රථයක් එළිදක්වයි
විදුලි Tuesday, 16 August 2022 04:13 PM
වහින වෙලාවට ඕකක ගියොත් කරන්ට් වදීද ?.. ?
maheesha Tuesday, 16 August 2022 04:17 PM
වැඩේ නම් සුපිරි.හැබැයි ඕවත් පෙට්‍රල් ඩීසල් ත්‍රීවිල් වල හයර් එකම අනිවාර්යයෙන් ගන්න පටන් ගනීවි. නියාමනයක් මේ රටේ වෙන්නේ නැහැනේ.
Citizen Tuesday, 16 August 2022 04:28 PM
මේවා වෙඩක් නෑ ත්‍රිවිල් ලංකාවෙන් අයින්ම කරලා දාමු
nalin Tuesday, 16 August 2022 04:34 PM
වැඩක් නෑ රෝද 3 නිසා වැඩක් නැහැ
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 16 August 2022 04:35 PM
මෙය ව්‍යාප්ත වීමෙන් පසු වර්තමාන තත්වය බොහෝ දුරට වෙනස් වෙන්න පුළුවන්.ත්‍රී වීලර් කරුවන් හිතූ හිතූ ගණන් අයකොට මිනිසුන් ගසා කාපු යුගය අවසන් උනොත් හොඳයි. ඉලෙක්ට්‍රික් නෙමෙයි මොනවා කමක් නැහැ.මේවා සඳහා මීටරයක් සවිකර එවන්න.නැතිනම්, ඒකේ වාසිය ජනතාවට යන්නේ නැහැ.
පුරවැසියා.... Tuesday, 16 August 2022 04:50 PM
මේ ආකාරයට දැන්වත් දේශීයව නිෂ්පාදනයට යොමු විය යුතුය. එදා නිෂ්පාදනය කළ උපාලි ෆියට් වැනි වාහන අද තිබුනා නම් දියුනු මට්ටමකය. සියල්ල යටපත්ව ඇත්තේ ආයතනයේදී පවතින කොමිස් ගැහීම නොවේද ? දැන්වත් තත්ත්වය තේරුම් ගනිමු.
සුරංග Tuesday, 16 August 2022 05:23 PM
ඔබේ අදහස හරි මෙරට හිටපු කාළකණ්නි මොට්ට දේශපාලුවො ලෝකයේ මුලින්ම නිපදවූ අත් ට්රැක්ටරය ලියාපදිංචි කරන්න හා නිෂ්පාදනය සදහා අවසර දුන්නෙ නැහැ ඉන්පසුව හදපු හෙලිකොප්ටරය රටට තර්ජනයක් වේවි කියලා හදන්න දුන්නෙ නැහැ තවත් කම්හල් කරුවෙක් පිස්තෝලයක් හැදුව කියන්නෙ ලෝකයේ තියෙන ඉස්තරම් තත්වයෙන් .ඒ මිනිහා හිරකලා.අඩුම තරමින් ආරක්ෂක අංශවලට වත් ගත්තෙ නැහැ මේවා ඒ ඒ කාලවලදී හැදුවනම් අද අපි ලෝකයේ ඉන්නෙ කොතැනද කියලා හිතන්න බැහැ ඔන්න ඔහොමයි ආසියාවේ සව්භාග්‍යයේ තරම
සුරංග Tuesday, 16 August 2022 06:32 PM
කොවිඩ් කාලයේ ආරංචියක් ලැබුනා දකුණේ දොස්තර මහත්මයෙක් කොවිඩ් සදහා හොද බෙහෙතක් හැදුවා කියලා .නමුත් එනිසා එතුමාට කරදර ගොඩකට මැදිවෙන්න වුනා කියලත් අහන්න ලැබුනා එම බෙහෙතින් සාර්ථක ප්‍රථිපල තිබුනා නම් එම බෙහෙත් පාවිච්චි කලානම් මේ කාලයේ ඩොලර් අමාරුව හැදෙන්නේ නැහැ නේද ඒක කලේ පිටරටදේ කියන කොමිස් කාක්කො වෙන්න ඇති
ABTuesday, 16 August 2022 05:29 PM
විදුලි ත්‍රීරෝද රථ රට පුරා ප්‍රචලිත කිරීම සදහා විදුලි ත්‍රීරෝද රථයේ මිල පළමු වසර or දෙක ඇතුලත මිලදී ගන්නා සියලු දෙනා සදහා " A fair and reasonable price" ලබාදෙන්න රජය කටයුතු කරන්න
Nandalal DE SILVA - FRANCE Tuesday, 16 August 2022 05:00 PM
අදහස හොදයි. එහෙම විදුලිය කපන රටකට වාහනේ තිබෙන බැටරිය චාර්ජ් කරන්න විදියක් නෑ නේද? ඒකත් කොට උඩ යන දිනය කවදා වෙන්න පුලුවන්ද.
jayaTuesday, 16 August 2022 09:07 PM
ත්‍රිරෝධ රථයක් charge කරන්න සාපේක්ෂව වැඩි විදුලි බලයක් අවශ්‍ය නෑ නගර සභා වලින් ත්‍රිරෝධ රථ ගාල් වල සුර්ය පැනල සවි කරලා එයින් charge කර ගන්න දුන්නා නං දෙපිරිසටම වාසියි
Saman Tuesday, 16 August 2022 05:01 PM
මටනම් තේරෙන්නේ නෑ අප්පා අපේ විතරද හැම මගුලටම උත්සව තියෙන්නේ. එක්කෝ මුන්ට පිස්සු. නැත්නම් මේ ඉන්න අපිට පිස්සු.
susil karunarathna Tuesday, 16 August 2022 05:16 PM
Good job, and want know if it will launched in market in sri lanka wat about total cost ?
amila Tuesday, 16 August 2022 05:29 PM
ඒක සූරය බලාගාරයක් පද්ධතියට එකතු කරන්නේ නැතුව වාහන electric කරලා හරියන්නේ නෑ. මේවා චාර්ජ් කරන්නේ එක්කෝ ගල් අගුරු නැත්නම් ඩීසල් පුච්චලා එන විදුලියෙන්. වාහන රෑට දුවන්නේ නැති උනාට බලාගාර පැය 24ම වැඩ කරන්න ඕනේ. වැඩියෙන් තෙල් පාවිච්චි වෙන වැඩක්.
JcnTuesday, 16 August 2022 08:37 PM
ඔබේ අදහස හරියටම හරි.. ඒ වුණාට රටේ මිනිස්සු බහුතරයකට ඔබේ තර්කය තේරුම් ගන්න බෑ.. පුනර්ජනනීය නොවන ප්‍රභවයකින් එන විදුලියෙන් නම් චාජ් කරන්නෙ මේක කිසිම තේරුමක් නැති වැඩක්.. තමන්ගෙ ගෙදර සූර්ය කෝෂයක් තිබෙන්නත් ඕන චාජ් කිරීම දවල්ට කරන්නත් ඕන. එහෙම නොකලොත් මේකෙන් වෙන්නෙ රටට පාඩුවක්
fairoos Tuesday, 16 August 2022 06:08 PM
ලක්ෂ 20 ක් විතර වෙයි වගේ...!
ඊ. සී. කුමාරතුංග Wednesday, 17 August 2022 06:30 AM
2009 වසරේ මට ගාල්ලේදී මුණගැසුනා අවුරුදු 31ක තරුණයෙක් ඔහු නිපදවා තිබුනා යතුරු පැදියක් ඉන්ජිමක් රහිතව ඒක ධාවනය කලේ පොළොවේ උෂ්ණත්වය උපයෝගී කරගෙන ඒක ඔහුගේම නිෂ්පාදනයක්- වසර 19ක් ජපානයේ ඉගනගෙන ලංකාවට ඇවිත් හිටියේ මෙම තාක්ෂණයෙන් මෝටර් රථයක් පවා නිපදවා තියෙනවා කිව්වා නමුත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහු කැදවා උපදෙස් දුන්නලු 2022 වෙනකල් ලංකාවේ වාහන නිපදවන්ට එපා අනිකුත් නිෂ්පාදන කරන්න කියලා ඒ වෙනකොට පේටන්ට් බලපත්‍ර 1800ක් ඔහු සතුව තියෙන බව සඳහන් කලා.. ඔහු තමයි තාක්ෂණය අතින් ඉහළම අකුණු සන්හායකයක් නිපදවා රු ලක්ෂ 2ට පකිස්තානයට අලවිකරා. ඔහුගේ ගම ගාල්ලේ බද්දේගම. ඔහු එම නිෂ්පාදන කලේ “ඒ. වීරවර්ධන පදනම යනුවෙන් තම පියාගේ නමින්. මොහු වසර 13දී හෙලිකොප්ටර් එකක් හදලා උඩ යවලා අත්අඩංගුවට පත්වීමෙන් පසු එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඔහු වැඩිදුර අධ්‍යාපනය සදහා ජපානයට යවා තියෙන්නේ. හැකිනම් මොහුගේ තොරතුරු සොයාගෙන එවැනි නිෂ්පාදන සදහා යොදාගන්න කියලා ඉල්ලා සිටිමි.
Bamunuarachchi Wednesday, 17 August 2022 09:41 PM
අලි මදිවට හරක් කිව්වලු...