IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විදුලි පනත පරාජය කරන්න

(යොහාන් භාසුර)

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කිරීමට උපරිම උත්සහ කර එසේ කිරීමට නොහැකි වුවහොත් පනත පරාජය කරන ලෙස ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ හෘදසාක්‍ෂියක් ඇති මන්ත්‍රීවරුන්ගේන් ඉල්ලා සිටින්නේ යැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද (5) පැවසීය.

එම සංගමය කොළඹදී අද (5) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එම සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ සහ එහි සම ලේකම් බුද්ධික විජයවර්ධන යන මහත්වරු එසේ පැවසීය.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු එම පනතට සහයෝගය නොදන්වනු ඇතැයි විශ්වාස කරන බව කී විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය සම්පත් විකිණීමට විරුද්ධ යැයි ඒ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ වූ බව ද සඳහන් කළේය.

පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් විදුලිබල පනත සම්මත කරන අවස්ථාවෙන් ඉවත්ව සිටීමට තීරණය කර ඇතැයි දැනගන්ට ලැබී ඇතැයි කී පරාක්‍රමසිංහ මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට ගුරු කරන බවත්ය.

මෙම විදුලිබල පනතට තව දුරටත් විරෝධය පළකළ ද අපහපත් කාලගුණණයෙන් ද පීඩාවට පත්ව සිටින ජනතාව අපහසුතාවට පත්වන කිසිඳු වෘත්තීය ක්‍රියාමාර්ගයකට නොයන බව ද පරාක්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිටු 61 ක දීර්ඝ තීන්දුවක් බවත් එම සංශෝධනවල සාරාංශය පමණක් කරුණු 11 ක් යටතේ පිටු 7 ක ඇතුළත් බවත්  ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සම ලේකම් බුද්ධික විජයවර්ධන මහතා එහිදී පැවසීය.

මෙම විදුලිබල පනත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තියට පටහැනි බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කළ යුතු යැැයි අධිකරණ පවසා ඇති බවත් තවද දේශපාලන බලපෑම් ඉවත්කිරීමට එම සංශෝධනවල නිර්දේශ රැසක් ඇතුළත්ව ඇති බවත් බුද්ධික විජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (8)

විදුලි පනත පරාජය කරන්න

Chandana Wednesday, 05 June 2024 03:15 PM

තමන්ගේ අත්තනෝමතික වැඩ දිගටම කරගෙන යන්න CEB ඕනේ මෙයාලාට... ටැක්ස් එකත් මණ්ඩලයෙන්ම ගෙව්වලු නේද?

:       15       47

sad Wednesday, 05 June 2024 03:32 PM

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය?

:       1       28

සමන්ත Wednesday, 05 June 2024 04:37 PM

මී පැණි වාරෙ ඉවරයි. ඉතින් අත ලෙවකන්න තමයි වෙන්නේ...!

:       4       25

රංබොඩ Wednesday, 05 June 2024 04:59 PM

ඔව් ඔව් ඒවා පරාද කරලා මෙයාලාට දිගටම හොරා කන්න ඉඩ දෙමු. සාමාන්‍ය ජනතාව විදුලි බිල ගෙවනවනේ කන්න නැතත්...

:       4       28

Chandana Wednesday, 05 June 2024 05:16 PM

තමන්ගේ උගත්කමට රටට සේවයක් කරනවාට වැඩිය තමන්ගේ බඩ වඩාගන්නා කට්ටිය.

:       0       0

නුවන් Wednesday, 05 June 2024 06:15 PM

ඔය ඉන්ජිනේරුවෝ තෝරු, මෝරු නිසා තමයි ඔවැනි පනත් ගේන්න සිද්ද වුනේ... විදුලිය පමණක් නොව සියලුම රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කළ යුතුයි...

:       3       22

අරවින්ද මොනරවිල Thursday, 06 June 2024 01:23 PM

රටේ මහජන දේපළ ගජ මිතුරුන්ට කුණු කොල්ලයට විකුණලා කොමිස් කුට්ටි සාක්කුවේ දාගන්න හදන දූෂිත දේශපාලන හිවලුන් සහ එවුන්ට ආවඩන මෝඩ ගැත්තන් තමයි මේ රටට ශාපයක් විනාශයක් වෙලා තියෙන්නේ. ඔය මොන නැටුම් නැටුවත් තව මාස හතරයි කියලා මතක තියා ගනිල්ලා, ඊට පස්සේ ඕවා ආපසු හරවන්න අපි පාරට බහිනවා.

:       2       1

නාමල් Thursday, 06 June 2024 03:52 PM

ඔය පරගලේ නොකෙරුවා නම් රනිල්ට ඔය නැටුම් දාන්න බෑනේ. අනුර අයියාත් දැන් ඉන්දියාවට සපෝට් නිසා කතාව අඩුයි. අනික් අතට මණ්ඩලේ ඉංජිනේරු මහත්තුරුත් දැන් පරම්පරාවට හරි හම්බ කරගෙන ඇතිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 204 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 209 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 85 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1298 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1548 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 131 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site