(රෝෂන් තුෂාර)
විදුලි බිල්පතක් සඳහා ගෙවූ රුපියල් අනූනමදහස සහ පරිගණක රිසිට්පත බෑගයේ දමා ගෙදරගෙන ගොස් මුදල් වංචා කළේ යැයි කියන උසාවි තැපැල් කාර්යාලයේ තැපැල් සේවා නිලධාරීවරයා ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගතකරනු ලැබුයේ රොෂාන් වසන්ත කුමාර නැමැති උසාවි තැපැල් කාර්යාලයේ තැපැල් සේවා නිලධාරීවරයාය.
කෙසෙල් වත්ත පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
උසාවි තැපැල්කාර්‍යාලයේ තැපැල් ස්ථානාධිපතිවරිය කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට පත්වන මොහොතේ සැකකරුගේ බෑගයේ මුදල් ගෙවූ තවත් රිසිට්පත් තුනක් තිබූ බවත් උප පොලිස් පරීක්ෂක ආර්.එම් කරුණාරත්න මහතා කරුණු දක්වමින් පැවසීය.
රජයේ සේවකයෙකු ව සිටිමින් මුදල් වංචා කිරීම ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම් ලැබිය යුතු වරදවල් සිදුකිරීමට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
සිලෝන් නිවාස සංකීර්ණයේ විදුලි බිල වූ රුපියල් 99350 මුදලක් තැපැල් කාර්යාලයේ බිල්පත් ගෙවීම් අංශයට යොමු කර ඇති අතර සැකකරු විසින් අදාළ මුදල ගෙවූ බවට රිසිට් පතක් ද නිකුත් කර ඇත.
තැපැල් කාර්යාලයට මුදල් ගෙව්වද විදුලි බිල අඩුවී නොමැති බැවින් අදාල රිසිත් පත ද රැගෙනවිත් තැපැල් ස්ථානාධිපතිවරියට පැමිණිලි කර ඇති අතර,සුභාෂිනි අතුකෝරල නම් ස්ථානාධිපතිවරිය අදාළ පැමිණිල්ල නියෝජ්‍ය තැපැල්පතිවරයා වෙත යොමු කර ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විදුලි බිලෙන් වංචා කළ උසාවි තැපැල් නිලධාරියා රිමාන්ඩ්