IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


විදුලි බිල උහුලන්න බෑ

(සුජිත් හේවාජුලිගේ)

කලට වේලාවට විදුලි බිල් නොගෙවීමේ හේතුව මත මේ වසරේ මේ දක්වා  දිවයින පුරා පවුල්  ලක්ෂ අටකට  ආසන්න පිරිසකගේ  විදුලිය සැපයුම  විසන්ධි කර ඇතැයි  විදුලි බල මණ්ඩල  ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙයට අමතරව විදුලිය බිල කලට වේලාවට නොගෙවීමේ හේතුව මත   රටපුරා තවත් පවුල්( නිවාස)ලක්ෂ 12කට පමණ රතුබිල් යවා ඇතැයිද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

විදුලිය ගාස්තු මේ වසරේ අවස්ථා දෙකකදී ඉහළ යෑමත් සමග බොහෝ අයගේ විදුලි බිල කිහිප ගුණයකින් ඉහළ ගියේය. බොහෝ පිරිස්වලට සිය ආර්ථික තත්වය අනුව විදුලි බිල් ගෙවීමට නොහැකිව ඇත්තේ  මේ නිසා බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

විදුලි බිල් ගෙවීමට නොහැකිවූ පිරිසේ වැඩි දෙනෙක්  මධ්‍යම පංතිකයෝ  වෙති.

සමහරුන් විදුලි බිල ගෙවා දැමීම සඳහා කණකර ආභරණ උකස් කිරීම හා ණය ගැනීම වැනි ක්‍රියාමාර්ගවලට යොමුවී සිටින බවද  වාර්තා වේ.

විදුලිය බල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීම් එක්  ලක්ෂ විසි දහසක්  පමණ  පසුගිය අගෝස්තු මාසයේදී  සිදුකර ඇත.

විදුලිය බිල් නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බව විදුලිබල මණ්ඩල ප්‍රධානීහු පෙන්වා දෙති.

විදුලිය සැපයුම විසන්ධි කෙරෙන අවස්ථාවලදී යළිත් සැපයුම ලබා ගැනීම සඳහා  මුදල් ගෙවීමට  වැය කෙරෙන කාලයද වෙනත් කාලවලට කාල වලට සාපේක්ෂව  ඉහළ ගොස් ඇතැයි එම නිලධාරීහු සඳහන් කරති.

මේ අතර විදුලිය විසන්ධි කෙරුණු නිවෙස්වලට යළි විදුලිය සැපයුමදෙන අවස්ථාවේදී අය කෙරෙන මූලික ගාස්තුවවූ රුපියල් තුන් දහසේ මුදල   රුපියල් දෙදහසක් දක්වා අඩු කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

විදුලිය විසන්ධි විසන්ධි කෙරෙන අවස්ථාවලදී  නැවත සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා හිඟ මුදල වාරික වශයෙන් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනතාව රජයෙන් ඉල්ලීමක් කරති.

මෙරට සමස්ත  විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ හැත්තෑවකට වැඩිය.



අදහස් (10)

විදුලි බිල උහුලන්න බෑ

janaka Saturday, 02 December 2023 12:20 PM

අම්මෝ බිල් නම් එපා වෙනවා... කන්න, බොන්න සල්ලි නැහැ. බිල් ගෙව්වාම අනේ මන්දා මොනවා කරන්නද කියලා මේවා අඩුවෙන පාටක් නැද්ද තව වැඩිවෙයි නේද?

:       1       36

nilu Saturday, 02 December 2023 12:40 PM

දුප්පත් මිනිහගේ තමා විදුලිය විසන්ධි කරන්නේ... කෝ දැන් විදුලි බිල් නොගෙවපු පාර්ලිමේන්තුවේ අයගේ විදුලිය විසන්ධි කළාද එක දවසක්වත්....?

:       1       44

පැරකුම්Saturday, 02 December 2023 02:25 PM

එහෙම කරලා කොහොමද? එතකොට ඒ ගොල්ලන් ජනතා සේවය කරන්නේ කොහොමද?

:       1       14

බයිසන් රාජපක්‍ෂ Saturday, 02 December 2023 01:08 PM

බිල ගෙවාගන්න බැරි වුණාට කලුවරේ හරි අතපත ගගා ඉන්න අපට දැං තියෙනවා... එක්කෝ ඕනෑ නෑ. නිකං කුණුහරුප අහගන්න බෑ...

:       2       22

අහිංසක Saturday, 02 December 2023 01:43 PM

නැවත සම්බන්ධතාව ලබාදීමට නැවතත් ගාස්තුවක් අයකිරීම ඉතාමත් අසාධාරණයක් කියන්නේ මුලින්ම විදුලිය ලබාගැනීම සඳහා තැන්පත් මුදලක් ලබාදීම කරන නිසා තමයි එහෙම තැන්පත් කරන මුදලට කිසිම පොලියක් නොගෙනාවා නම් නැවතත් අයකිරීම සුදුසු නැහැ. මණ්ඩලය ආදායම් ලබන්න විදුලිය සම්බන්ධතා ලබාදෙනවා. ඒක ඔවුන්ගේ ආයෝජනයක් වෙනවා. ඔවුන්ට පහසුවට අපෙන් ගන්නා තැන්පතු ප්‍රයෝජනයක් වෙනවා... එනිසා පාරිභෝගික අයිතිය ගැනත් ඇමැතිවරයා අවධානයට ගන්නවා නම් හොඳයි..

:       0       32

රංබොඩ Saturday, 02 December 2023 02:29 PM

විදුලි බල මණ්ඩලයේ හොර වැඩ සහ අකාර්යක්ෂමතා හොයන්න යන එක ඇමැති නතර කළා. මොකද ක්‍රීඩා ඇමැතිට වෙච්චි දේම වෙන නිසා. ⁣තල්මහ හොරු එක්ක හිටගත්තාම තෝරු මෝරු ගැන කවර කතාද? අන්තිමට තැලෙන්නේ හාල්මැස්සන්... ජල විදුලිය උපරරිමයෙන් නිෂ්පාදනය කරන කාලේවත් මිනිසුන්ට සහනයන් නෑ...

:       2       23

නන්දන Saturday, 02 December 2023 03:04 PM

විදුලිය ඒකක 30 ක් හෝ ඊට වඩා අඩුවෙන් භාවිතා කරනු ලබන විදුලි පාරිභෝගිකයින් සඳහා පමණක් විදුලි ඒකකයක මිල ජල විදුලි ඒකකයක මිල හා සමානව අයකිරීම සාධාරණ වෙයි. පිහිනුම් තටාක, වායුසමීකරණ, හා විදුලි සෝපාන භාවිතා කරනු ලබන පාරිභෝගිකයින්ගෙන් තාප විදුලි ඒකකයක මිල අය කිරීම අසාධාරණයක් නොවේ...

:       1       9

අජිත් Saturday, 02 December 2023 03:17 PM

ගානක් නෑ කන්න බොන්න නැතත් ඉන්න රටක් තියෙනවානේ... ඉන්න රටක් ගැන තියෙන වුවමනාවට. 69 ලක්ෂයක්ම ඡන්දෙ දුන්නානේ... දැන් ඊගාවට මචන්ලා ඡන්දේ දෙමු සියල්ල දත්.... සිහිනෙන් වත් පවුනොකරන ඔක්කෝම හොරු අල්ලන්න ෆයිල් තියාගෙන ඉන්න ජනතාව ගතකරන ජීවිතය ගැන අප්‍රමාණ දුකෙන් ඉන්න කියන විදිහට සක්‍ර දේවේන්ද්‍රයාට වගේ ඕනෑම දෙයක්. ලබාදෙන්න පුළුවන් අපේ සහෝදරවරුන්ට හැබැයි ප්‍රස්නයක් තියෙන්නේ. ඒ ගොල්ලන්ට. දැනටමත් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 95%ක්විතර ලැබිලා කියලා. බුද්ධි අංශ කියනවලු එහෙමනම් ප්‍රශ්නයක් නෑ නේද? පව් නේද?

:       6       8

fairoosSunday, 03 December 2023 12:44 PM

2019 වගේ ආපහු රට බේරාගන්න බයියන්ටම ඡන්දෙ දෙමු. ඉන්න හිටින්න රටක් තියෙනවනේ... ඒක ඇති නේද අජිත්...?

:       0       2

sunil Saturday, 02 December 2023 03:56 PM

නාමල්ට වගේ... අපේ විදුලි බිලත් ගෙවලා දෙන්ට කෙනෙක් නැහැනේ...!

:       0       19

ඔබේ අදහස් එවන්න

දියත

හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 151 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 261 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 288 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 210 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


අම්බුළුවා කේබල් කාර් ව්‍යාපෘතිය
2024 ඔක්තෝබර් මස 08 3 0

ගම්පොළ අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ඉදිකිරීමට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා පළමු අදියරේ අත්තිවාරම සැකසීම සඳහා අවසරයකින් තොරව පස් කයන යන්ත්


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 143 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39443 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1163 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site