IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


විදුලි බිල ගැන ජනමතය විමසීම ලබන සතියේ

(සුජිත් හේවාජුලිගේ )

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම ලබන සතියේ ආරම්භ කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් එම කොමිෂන් සභාවට දැනටමත් බාර දෙනු ලැබ ඇත.

කොමිසමේ ප්‍රතිපාදන වලට යටත්ව විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

විදුලි බිල ලබන මාසයේ සිට  අඩු කිරීමට තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය  කංචන විජේසේකර මහතා පැවසීය.

ජල විදුලි නිෂ්පාදනය වැඩිවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය  යම් ලාභයක් ලබාගෙන ඇති හෙයින්  ජනතාවට කිසියම් සහනයක් ලබා දිය හැකි බවද ඔහු සඳහන් කළේය.

මේ අතර පසුගිය  වසරේ ඔක්තෝබර් මස  සියයට 18 කින් වැඩි කෙරුණු විදුලි බිල නැවත එම වැඩි වූ ප්‍රතිශතය සියයට  100 කින් ඉවත්කිරීමට බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රජයට  යෝජනා කර ඇත.

අධික වර්ෂාපතනය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය අධික ලාභයක් ලබන බවත් එම ලාභයේ ප්‍රතිලාභ විදුලි පාරිභෝගිකයින්ට ලබාදීමට යෝජනා කරන බවත් එම කාරක සභාව සඳහන් කරයි.

විදුලි බිල සැලකිය යුතු මට්ටමකින් අඩු කරන ලෙස ජනතාව සහ පාරිභෝගික සංගම් රජයෙන් ඉල්ලීමක් කරති.



අදහස් (6)

විදුලි බිල ගැන ජනමතය විමසීම ලබන සතියේ

PATTA hora Thursday, 18 January 2024 12:06 PM

කුණුහරුපෙන් අදහස් ප්‍රකාශ කරන්නත් ඔට්ටු ද? නැතිව මුන්ට තේරෙන්නේ නෑ.

:       0       12

චන්දන Thursday, 18 January 2024 01:01 PM

නිකං බොරු කරන්න එපා. දැන් මහජන මතයට අනුවද මිල වැඩි කරල තියෙන්නෙ.

:       1       17

ravin Thursday, 18 January 2024 01:40 PM

මොකෝ ඇමතිගේ බාලගිරි දෝෂය තවම හරි ගියේ නැතැයි ?පොදු ජනයා ගොනාට අන්දපු කාලේ කෙටි වේගෙනයි යන්නේ ඔය කාරක සභා තිය තියා තව තව පුටු රත් කරන්නේ නැතිව පාර්ටා බැහැලා බලන්න මිනිස්සුන්ගේ දුක.අවශ්‍යනම් හෙල්මට් පැළඳ ගත්තාට කම් නැත

:       1       8

Asanga Thursday, 18 January 2024 04:27 PM

ඔබලා ඔක්කොටම තව ටික කාලයයි තියෙන්නේ...!

:       0       0

Wijepala Thursday, 18 January 2024 08:00 PM

පසුගිය වසරේ එහෙම නැත්නම් ගිය අවුරුද්දේ එහෙමත් නැත්නම් 2023 අවුරුද්දේ වාර කීපයක්ම විදුලිය බිල් වැඩිකළා... එනිසා අවසන් වතාවේ වැඩිකළ සම්පූර්ණ වැඩිවීම මෙවර අඩුකරන්න කියලා තමයි ජනතා මතය වෙන්නේ...!

:       0       1

Nimal Friday, 19 January 2024 10:42 AM

වසර දෙකක් මුලුල්ලෙ විදුලි බිල තුන් හතර ගුනයකින් වැඩි කරාට දැන් 3% සොච්චමකින් අඩු කරන එකේ තේරැම කුමක්ද? ජනතව බොරුවට මුලා කරන්න එපා.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 12 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 175 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 207 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 319 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 123 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1137 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site