( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් නැමැති සමාගමකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා වෘත්තීය සමිති අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සංමරසිංහ ,ලංකා විදුලි සේවක සංගමයේ මහ ලේකම් රංජන් ජයලාල් , ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ප්‍රියන්ත ප්‍රභාත්, සමස්ත ලංකා විදුලි පාරිභෝගික සංගම් සභාපති කේ .එම්.ප්‍රියන්ත , ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික සෙවක සංගමයේ ලේකම් දොන් අජිත් දෙවප්‍රිය යන වෘත්තීය සමිති නියෝජිතයෝෙ මෙම පෙත්සම ගොනු කළහ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් , වේස්ට් කෝස්ට් පවර් පෞද්ගලික සමාගම , ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි නිව් ෆෝට්‍රස් සමාගම , ලංකා විදුලි බල මණ්ඩලය , ලක්දනවි සමාගම , මහජන උපයෝගිතා කොමිසම , එහි සභාපති ඇතුළු සාමාජිකයින් ,මුදල් අමාත්‍යාංශ ලේකම් , ලංකා ඛනිජ තෙල් සංස්ථාව , ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය මණ්ඩලය ඇතුළු 44 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
නීතීඥ සුනිල් වටගල මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කරුවන් මෙරට පිළිගත් වෘත්තීය සමිති නායකයෝ වෙති.
කැබිනට් මණ්ඩලය විසින් සැප්තැම්බර් 6 වැනිදා ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙසත් , සිය පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටිති.
එසේම එම ක්‍රියාවලිය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙස ද පෙත්සම මගින් ඉල්ලා තිබේ.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලි සේවකයෝ යුගදනවි ගිවිසුමට එරෙහිව උසාවි යති
Sudath Wednesday, 03 November 2021 04:26 AM
මේ රට දුෂිත දේශපාලකයින්ගෙන් බේරා ගැනීමේ සටනට ඔබ සැමට ජය පතමු
ටිකිරි Wednesday, 03 November 2021 08:11 AM
උසාවිය සාධාරණ වෙයි කියලා පතමු . එවිට උද්ගෝශණ වැඩ වර්ජණ නවත්වා උසාවි මාර්ගයෙන් විදුසදුම් සොයන්න පුරැදුවෙයි .