IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


විදේශිකයන්ගේ සිද්ධියේදී දුම්රිය සේවකයෝ හරි

(යොහාන් භාසුර)

විදේශිකයන්ට පහර දුන්නා යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දුම්රිය සේවකයන් උද්ගත වූ අවස්ථාවේදී කටයුතු කළ ඇති ආකාරය වැරදි නොවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අදාළ සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයේ දත්ත පරික්ෂා කිරීමෙන් ඒ බව තීරණය කළ හැකි බව ද ප්‍රවාහන අමාත්‍යවරයා කීය.

පොඩි මැණිකේ’ දුම්රියේ වායූසමන කළ පළමු පංතියේ මැදිරියක ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයන් දෙදෙනෙක්ට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය සේවකයන් හය දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් අතර පසුව වැඩ තහනම් කළ දුම්රිය ස්ථානාධිපතිවරු දෙදෙනා සහ නියාමකයා වාහාම සේවයේ පිහිටුවීමට පියවර ගත්තේය.



අදහස් (10)

විදේශිකයන්ගේ සිද්ධියේදී දුම්රිය සේවකයෝ හරි

citizen Monday, 11 March 2024 11:15 AM

අතින් පයින් නෙලීම ඇමති අනුමත කරනවලු. පුදුම රටක අපි ඉන්නෙ.

:       6       31

Bamunuarachchi Tuesday, 12 March 2024 11:25 PM

citizen උන්නැහේ ඔය කියන දුම්රිය සේවකයින් ආරක්‍ෂක අංශ වල සේවය කරන පුද්ගලයින් නොවෙයි. ඔබ මම වගේ සාමාන්‍ය අය. මම රාජකාරිය ඉෂ්ට කරනකොට මට කිසියම් කෙනෙක් පහර දුන්නොත් මමත් පෙරලා පහර දෙනවා. ඔබ පහර දෙන්නේ නැද්ද?

:       0       0

පිටරටවැසියා Monday, 11 March 2024 11:31 AM

දැන් එතකොට ගුටිකාපු විදේශිකයන්ද, නැත්නම් පුවත පළකරපු මාධ්‍ය ද වැරදි? ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයන්ට පහර නොදී ක්‍රියාත්මක වෙන්න පුළුවන් විදිහේ නීතියක් රටේ ඇත්තෙම නැද්ද?? එහෙම වුනෙත් නැත්නම්, දුම්රිය සේවකයන් උද්ගත වූ අවස්ථාවේදී කටයුතු කළ ඇති ආකාරයත් නිවැරදි නම්, අසත්‍ය පුවත් පළකරපු මාධ්‍යට විරුද්දව ගන්න ක්‍රියාමාර්ග කවරේද කියලත් පැහැදිලි කලොත් නේද ඔබතුමාගේ වගකීම "ප්‍රවාහන කැබිනට් අමාත්‍ය හැටියටත්, කැබිනට් ප්‍රකාශක හැටියටත්" සම්පුර්ණ වෙන්නෙ??

:       3       19

සමන්ත Monday, 11 March 2024 11:37 AM

මෙවැනි ගොබ්බ එක ඇමතියෙක් රටක සිටීමත්, එම ජාතිය නැත්තටම නැති වීමට හේතු විය හැකිය​. කරුමයක් මිස වෙන කුමක් ද​? යම් හෙයකින් එම විදේශික සංචාරකයන් වැරැද්දක් කොට ඇතැයි හෙලි වූවද​, එම සේවකයන් නියෝජනය කරනුයේ රාජ්‍ය බැවින්, ඔවුන් කටයුතු කලයුතු වන්නේ රාජ්‍ය සේවා ප්‍රතිපාදන සහ නියමයන්ට අදාලවය. එසේ නොමැතිව බන් දුල ගුනවර්ධන වැනි සොකඩයන් ගේ බොරලුගොඩ නීතියට අනුව නොවේ. රාජපක්ස ලා ශ්‍රී ලංකන් ගුවන් සේවයට කල හරියම මෙවැනි ගොබ්බ ඇමතියන් නිසා ලංකාවේ ප්‍රවාහන සේවයට සිදුවනු ඇත​. ​

:       4       25

ලුම්බිණි Monday, 11 March 2024 11:44 AM

නීති විරෝධී විදියට දුම්රියේ ගියා නම් එකට විරුද්ධව නීතියට අනුව කටයුතු කල යුතුයි. දඩ ගහන්න පුළුවන් පොලිසියට කියන්න පුළුවන්. බෙල්ලෙන් ඇදල එලියට දමන එක කරන්නේ බන්දුලල වගේ කට්ටිය.

:       4       27

රට වැසියා Monday, 11 March 2024 01:16 PM

මේ වැනි ගොබ්බයන් තවමත් මේ රටේ ඇමැතිලාය... අපේ රට විනාශ වෙන ආකාරය හිතාගන්නවත් බැ!

:       2       5

de silva Monday, 11 March 2024 01:45 PM

මට බන්දුල සමග මොන ප්‍රශ්න තිබුණත් මේ ප්‍රශ්නෙදි ඔහුගේ මතය මමත් අනුමත කරමි.. මමත් එම පටය දැක්කා. එතැනදී පහර දීමක් සිදුවුනේ නැහැ... ටිකට් නැතිව දුම්රියේ ගිය විදේශිකයින්ව අවම බලයක් යොදා දුම්රිය ආරක්ෂක අංශ විසින් එලියට දැමීම පමණක් සිදු කළේ, සමහර සුද්දෝ ඉන්නවා ලංකාවට ඇවිත් විවිධ නීතිවිරෝධී ක්‍රියා සිදුකරන...

:       2       10

Sellakkara Kolla Monday, 11 March 2024 02:29 PM

කොහොමද ආර්ථික ඔස්තාර්ගේ කතාව...

:       1       6

සහන් Monday, 11 March 2024 02:58 PM

මම ගිය පෙබරවාරි මැද දිනකදී ත්‍රිකුණාමලයට යමින් තිබූ යාල්දේවී දුම්රියේ පළමු පන්තියේ සිටි අතර, එයට ගොඩවුණු විදේශිකයෙක් (අපේ වචනයෙන් නම් හිපියෙක්) මැදිරියේ ෂීට් පාගෙන සිටි අතර එහි සිටි ආරක්ෂක නිලධාරීන් එම ක්‍රියාව නොකරන ලෙසට දැනුම් දුන්නද ඔහු කිසිවක් ගණන් නොගෙන සිටියේය. මෙවැනිම දෙයක් පොඩි මැණිකේ දුම්රියේත් සිදු වන්නට ඇතැයි මම සිතනවා...

:       0       9

Prabha Monday, 11 March 2024 05:16 PM

බව්වන්ට ගුටිකන එක සාමාන්‍ය දෙයක්...!

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 748 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 273 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1453 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2670 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 216 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1537 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site