IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු සීමා කරයි

(තිළිණි ද සිල්වා)

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන්, අද (22) සිට නැවත දැනුම් දෙන තුරු කොන්සියුලර් අංශයේ අදාළ සේවා ලබා ගත හැක්කේ 150 දෙනෙකු සදහා පමණක් යැයි එම අමාත්‍යාංශය කියා සිටී.

මෙම ගැටළු නිරාකරණය කිරීම සඳහා  අමාත්‍යාංශයේ තාක්ෂණික කණ්ඩායමක් මේ වන විට කටයුතු කරමින් සිටින අතර එබැවින් මෙම තත්ත්වය යටතේ එය නැවත සකසන තෙක් සේවා ලබාදිය හැක්කේ පුද්ගලයන් 150 දෙනෙකු සඳහා පමණක් බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

පසුගිය සතිය තුළ ඇති වූ මෙම පද්ධති බිදවැටීම නිසා සහතික කිරීමේ සේවා අඩාල වූ අතර සේවා සැපයීමේ දී දිගු ප්‍රමාදයක් ඇති වූබවද  විදේශ අමාත්‍යාංශ කොන්සියුලර් අංශය කියා සිටී. සාමාන්‍යයෙන් දෛනිකව 1000කට වැඩි පිරිසක් උප්පැන්න, විවාහ සහතික, අධයාපන සහතික ඇතුළු විවිධ ලියකිවිලි සහතික කර ගැනීමේ සේවා සදහා විදේශ අමාත්‍යාංශ කොන්සියුලර් අංශයට  පැමිණෙති.

මීට අමතරව ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සහ විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ශාඛා ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියට ද බලපෑම් එල්ල වී ඇති අතර මේ හේතුවෙන්  මහජනතාවට සිදු වූ අපහසුතාවය පිළිබඳව විදේශ අමාත්‍යාංශය සිය කනගාටුව පළ කර සිටියි.

මෙම ගැටළු නිරාකරණය කිරීමෙන් අනතුරුව සහතික/ලේඛන සත්‍යාපනය කිරීම සම්බන්ධයෙන් වන සාමාන්‍ය සේවා අඛණ්ඩව සලසා දීමට හැකි වන බවත්, පද්ධති නඩත්තුව අවසන් වූ වහාම යාවත්කාලීන කිරීම් පිළිබඳව මහජනතාව දැනුම්වත් කරන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා දූරකතන අංක 011 2338812 හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ විය හැකි බව ද විදේශ අමාත්‍යාංශය පෙන්වා දේ.



අදහස් (2)

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු සීමා කරයි

Sunil Monday, 22 November 2021 10:49 AM

ඉතාමත් ප්‍රශස්ත මහජන සේවාවක්. දරාගන්න බැරි තරම් ජන ගඟක් එන විට පරිගණක පද්ධතිය අක්‍රිය වූ බව අඟවා ඔවුන් ආපසු හරවා යවන්න.

:       0       6

සෙනෙවිරත්න Monday, 22 November 2021 02:34 PM

හැම තැනම බැරියාව. නරකද ආර් එම් වී එක පැත්තෙ ගියා වගේ විසිට් එකක් දාන්න. හැබැයි මතක ඇතුව හෙල්මට් එකක් දාගෙන. හොඳද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 168 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 182 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 400 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 497 1

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 68 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 672 1

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26333 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 377 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site