(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශයන්හි ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීම සඳහා අයදුම් කිරීම අනිද්දා (01) සිට අන්තර්ජාලය ඔස්සේ කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට නොපැමිණ අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව ආගමනවිගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී පැවසූහ.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණ.
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද කමිටුව මෙහිදී සාකච්ඡා කළේය. මෙම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අන්තර්ජාලය හරහා වීසා අයදුම් කිරීමේදී දක්නට ලැබෙන අඩුපාඩු ඇතුළු විවිධ කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. විදේශිකයන්ට අපහසුවකින් තොරව සිය වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසත්, දේශීය මෙන්ම විදේශිකයන් සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල්වල පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, කාරක සභාවේ සභාපති නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
ඉහළ ආදායම් ලබන යුරෝපය වැනි රටවල් වලින් සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ අතර ඒ සඳහා අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙසද කාරක සභාව උපදෙස් දුන්නේය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා , එස්. එම්. එම්. මුෂාරෆ් , සාගර කාරියවසම් , යදාමිණි ගුණවර්ධන , (ආචාර්ය) හරිනි අමරසූරිය සහ චන්දිම විරක්කොඩි යන මහත්වරුද විදේශ කටයුතු අමාත්‍යංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (පුද්ගලික) සමාගම යන ආයතනවල නිලධාරීහුද සහභාගි වූහ.
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීම අනිද්දා සිට අන්තර්ජාලයෙන්
Shantha _ Qatar Monday, 29 May 2023 05:03 PM
අගය කළ යුතු වැඩක්... කරුණාකරලා වෙබ්සයිට් එක දෙන්න.
ජයන්ත Wednesday, 28 June 2023 10:19 AM
නියමයි,එම්බසියට ගියාම පුංචි අඩුපාඩුවටත් නැවත ආපසු හරවා එවන මොහොතකදී,දවසම නන්නත්තාර කරගන්නවට වඩා, ඒ ක්‍රමය ගොඩක් හොදයි.ඉක්මනින්ම ඒ සිස්ටම් එක ක්‍රියාත්මක කරන්ඩ...
K G තිලින සමිපත් වීරවංශ Wednesday, 16 October 2024 01:07 PM
ඒක හොඳයි.