IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


විදේශ සේවයේ පත් කිරීම් ගැන විදේශ සේවා සංගමය කනස්සල්ලෙන්

(විමුක්ති එස් රුද්‍රිගු)

දේශපාලන වරදාන ලෙස මහ කොමසාරිස් ධුර සහ තානාපති ධුර පිරිනැමීමේ දීර්ඝ සහ අතිශය කණගාටුදායක සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යමින් විදේශ සේවය සඳහා ජාතික ජන බලවේග රජය දේශපාලන පත්වීම් ලබාදීම සිය සංගමයේ පමණක් නොව මුළු රටේම කණස්සල්ලට හේතුවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පැවැසුවේය.

ජාතික ජන බලවේග රජය පත්වන අවස්ථාවේ අතිශය කණගාටුදායක එම සම්ප්‍රදාය අවසන් වනු ඇතැයි තම සංගමය විශ්වාස කළත් නව රජයද එම සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යන බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සඳහන් කළේය.

ජාතික ජන බලවේග 2024 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ, " විදේශ සේවය නිර්දේශපාලනීකරණය කිරීම සඳහා කුසලතා මත පදනම්ව පත් කිරීම් සිදුකිරීමට වහා ක්‍රියා මාර්ග ගත යුතුයි" ලෙස සටහන්ව තිබුණත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය උල්ලංඝනය කරමින් රජය විදේශ සේවය සඳහා දේශපාලන පත්කිරීම් සිදු කිරීම තැති ගන්වන සුළු බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පසුගියදා ප්‍රකාශ කළේය.

විදේශයන්හි පිහිටි මෙරට මහ කොමසාරිස්, තානාපති කාර්යාලවල පුරප්පාඩු වී තිබූ තානාපති, මහා කොමසාරිස් ධුර රැසකට වෘත්තීමයභාවයේ, කුසලතා මත පදනම්ව පත් කිරීමේ සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණතාවේ පිළිගත් සම්මතයන් නොසළකා හරිමින් විදේශ සේවයෙන් බැහැරව මෑතකදී පත්වීම් සිදුකර ඇති බව එම සංගමය පැවැසුවේය.

ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සිය ජීවිතය කැප කළ, අත්දැකීම් බහුල, ඉහළ සුදුසුකම්වලින් යුත් වෘත්තීමය විදේශ සේවා නිලධාරීන් නොසළකා හැර කරන ලද මෙම පත්වීම් සම්බන්ධයෙන් දැඩි කළකිරීමකින් පසුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය කීය.

එවැනි නිලධාරීන් නොසළකා හරිමින් දේශපාලන පත්වීම් ලබාදීම විදේශ සේවය මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරත්වය අනතුරේ හෙළන බවද එම සංගමය ප්‍රකාශ කළේය.

දිගින් දිගටම ජාතික ජන බලවේග රජය විදේශ සේවය සඳහා දේශපාලන පත් කිරීම් සිදු කිරීම තුලින් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ඒකාග්‍රතාවය අනතුරේ හෙළන බවත් පළපුරුදු විදේශ සේවයට කැපවූ නිලධාරීන් අධෛර්යයට පත් කරන බවත් විදේශ සේවා සංගමය පැවැසුවේය.

ඒ හේතුවෙන් ලබාදී ඇති සියලු දේශපාලන පත්වීම් යළි සළකා බලන ලෙස සහ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය ප්‍රකාශ කළේය.

 



අදහස් (9)

විදේශ සේවයේ පත් කිරීම් ගැන විදේශ සේවා සංගමය කනස්සල්ලෙන්

karolis Saturday, 08 February 2025 08:55 PM

මී හරක් 68 ලක්ෂය දැන් සරමෙන් මූණ වහගන්න

:       1       6

අතුල Saturday, 08 February 2025 10:00 PM

ආන්ඩුව නිදේශපාලනීකරනය උවත් නිලධාරින් දේශපාලකයින්ට උල්පන්දම් දෙමින් වරදාන, වරප්‍රසාද ගැනීමට ඔවුන්ගේ රජකාරීන් මග හැර ආන්ඩුව කඩාබිඳ දැමීමට උත්සාහ දැරිය හැකි බව මගේ පෞද්ගලික අදහස වේ. එමනිසා විදේශ සේවය පිළිබඳව දැනුම ඇති විශ්වාසනීය අයවලුන් පත් කිරීම සුදුසු බව යෝජනා කරමි...

:       4       2

බණ්ඩා Saturday, 08 February 2025 10:24 PM

විපස්සනා භාවනාව ජේ.වී. ආණ්ඩුවේ උන් යන යන තැන බාල්දි පිටින් ඇදගෙන නං නානවා. ඒ නාගන්නේ වැසිකිලි වලකින් කියලාවත් දන්නේ නෑ. මේ වගේ උපන් ගෙයි කැත කරගත්ත බොරු කාරයෝ ටිකක් මොන ආණ්ඩුවක වත් හිටියේ නෑ. එහෙන් රුපියල ආයෙත් බාල්දු වෙනවා. ඩොලරය ඉහළ යනවා. රනිල් හදලා දීලා ගිය සංචිත දිගින් දිගටම පහළට යනවා. කොටස් වෙළඳ පොළත් ආයෙත් පහළට යනවා. මිනිස්සුන්ට කන්න බොන්න නැතුව යනවා. තෙල් ප්‍රශ්නේ යට ගහහෙන ඉන්නවා. ඒ මදිවාට දැන් ඥාති හිත මිත්‍ර, පිටරට ඉන්න ත්‍රස්තවාදීන්ට තානාපති කම් දෙන්නත් පටන් අරන්. හැබැයි ඉතින් ඉල්ලන් කාපු එකේ ඔන්න ඔහොම ගියාවේ...

:       1       6

රම්බොඩ Saturday, 08 February 2025 10:31 PM

දැන් ඇත්තේ දේශපාලනීකරණය නොව අතිශය මාලිමාකරණයයි. එය අතිභයානක ලෙස ව්‍යාප්ත වෙමින් පවතින වගක් පෙනේ.. පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ විශේකාර්ය්‍ය බලකායද මීට නතු වී ඇති වග පුවත්වලින් පෙනේ. මෙපමණ කලක් නොතිබුණු දැඩි අන්තගාමී ගතියන් දක්නට ඇත. බලා සිටිමු.

:       1       6

Gamini Sunday, 09 February 2025 12:12 AM

අනේ ඇති රතු... ඔක්කොම දන්නවා දැන් මොකද වෙන්නේ කියලා...

:       1       2

යෝගා Sunday, 09 February 2025 05:58 AM

වමට සිග්නල් දමා දකුණට හැරවීම කියන්නේ ඕකට තමයි. තවම පටන්ගත්තා පමණයි.

:       1       7

ගුණරත්න Sunday, 09 February 2025 08:12 AM

හිනා යනවා. ගිය ආණ්ඩුවේ පත් කිරීම් දේශපාලන පත්කිරීම් සහ සුදුසුකම් නැති අය විදේශ සේවයේ ඉන්නවා කියලා ඒ පත්කිරීම් අවලංගු කරපු ආණ්ඩුවටම එම චෝදනාවම එල්ලවීම. මාස 6ක් වත් ගියේ නැහැනේ! මේ ආණ්ඩුවටත් කයිය විතරයි වැඩ බැහැ...

:       2       5

fairoos Sunday, 09 February 2025 10:51 AM

ඉතින් කවුද එහෙම පත්වෙලා ගිය අය..? නමත් එක්කම ඔයාලගේ කණස්සල්ල ප්‍රකාශ කරන්න ඕනෑ. ඔය සංගමේ ඉන්න අයව එවලා නැද්ද?

:       4       6

Sanarasingha Sunday, 09 February 2025 12:03 PM

ඇයි නම් ගම් නැත්තේ...? අපි දන්නා විදිහට මෙහෙට ගෙන්නලා තියෙන හොරු ටික තමයි, මේ සංගම් හදාගෙන ඉන්නේ. මෙචර දවස් නිදියගෙනද හිටියේ?

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 890 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 98 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 348 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1773 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 477 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 414 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 813 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 534 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site