IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


විදේශ සේවා නියුක්ති කාර්යංශය ලක්‍ෂ ගණනක වියදමින් පුහුණුවක

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සේවකයෙක් වෙනුවෙන් රුපියල් 33,000 ක පමණ විශාල මුදල් වැයකරමින් නායකත්ව පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් එයට සහභාගි නොවන සේවකයන්ගේ වැටුපෙන් ඒ සඳහා වැය වන මුදල කපාහරින්නේ යැයි ලිඛිතව දැනුම්දී ඇති බවත් එම කාර්යංශයේ ඇතැම් සේවකයෝ චෝදනා කරති.

එම නායකත්ව පුහුණු වැඩසටහනේ පළමු අදියර පසුගිය 12 සහ 13 දෙදින කුකුලේගඟ ප්‍රදේශයේ හෝටලයක පැවැති බවත් එම පළමු අදියරට සේවකයන් 100 ක් සහභාගි වන බව පැවසුණ ද එයට 80 පමණ පිරිසක් සහභාගි වී ඇති බවත් සේවකයෝ කියති.

ඒ අනුව පළමු අදියර වැඩසටහනට පමණක් රුපියල් ලක්‍ෂ 30 කට අධික මුදලක් වැයකර ඇති බව කියන විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවකයෝ රාජ්‍ය ආයතනවල වියදම් අඩු කරන ලෙස ආණ්ඩුව අවස්ථා කීපයකදී ලිඛිතව දැනුම්දී තිබියදී මෙවැනි පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම පිළිබඳව ගැටලු මතුවන බව ද සඳහන් කරති.

මෙම වැඩසටහනේ තවත් අදියර කීපයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව කියන එහි සේවකයෝ මේවා පුහුණු වැඩසහන්වලට ඔබ්බට ගිය විනෝද චාර්කා යැයි ද කියති.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පරිපාලන හා මානව සම්පත්) රසික ජයසිංහ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ පුහුණුව සඳහා නිල වශයෙන් වෙන්කර ඇති මුදල්වලින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් සේවකයන්ගේ වෘත්තිය හැකියාවන් වර්ධනය කිරීම මෙහි එකම අරමුණ බවත්ය.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වාර්ෂික පුහුණු වැඩසටහන් පෙළගැස්ම වඩාත් කාර්ය බහුල එකක් බව කී රසික ජයසිංහ මහතා මේ සඳහා සහභාගි නොවන සේවකයන්ගේ වැටුපෙන් වැයවූ මුදල කපා හරින බව දැනුම් දුන්න ද එසේ කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බවත්ය.



අදහස් (2)

විදේශ සේවා නියුක්ති කාර්යංශය ලක්‍ෂ ගණනක වියදමින් පුහුණුවක

විදේශ සේවා Wednesday, 17 January 2024 01:00 PM

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පරිපාලන හා මානව සම්පත්) වගකීමකින්ද වැඩ කරන්නේ? වැටුපෙන් වැයවූ මුදල කපාහරින බව දැනුම් දුන්නද එසේ කිරීමේ බලාපොරොත්තුවක් නොමැති නම්, මොකටද එහෙම දැනුම් දුන්නේ? දැන් රටේ ජෝකර්ලා වැහිවැහැලා.

:       0       10

sagara Wednesday, 17 January 2024 01:24 PM

අපි අමාරුවෙන් හොයාගන්න සල්ලි හැම අවුරුද්දේම මෙයාලට පූජා කරන්නේ මේ වගේ විනෝද වෙන්න වෙන්න ඇති. එයාර් පෝට් එකේ වැඩකරන අයට කතාකරන්න පුහුණුවක් දුන්නා නම් හොඳ නැද්ද? දුප්පත් මිනිස්සු අමාරුවෙන් පිටරට ගිහින් හම්බ කරන මුදලින් මොවුන් සැපගන්නවා. සත පහක වැඩක් නැති ආයතනයක් මේක. රට යන අයට රක්ෂණයක් ඕනෑ නම් ඕනම රක්ෂණ ආයතනයකින් ගන්න සලස්වලා, මෙයාලාව ගෙදර යැව්වා නම් මුළු රටම යහපතක් වෙන්නේ.

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 719 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2165 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11117 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 562 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1930 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3808 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1072 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site