(දයාසීලි ලියනගේ)
විදේශගතවන සියලුම ශ්‍රී ලාංකිකයන් මැලේරියා රෝගයට දෙනු ලබන ඖෂධ පාවිච්චි කරන ලෙසත් හා එම ඖෂධ යම් ප්‍රමාණයක් රැගෙන යන ලෙසත් ජාතික මැලේරියා මර්දන මූලස්ථානය ඉල්ලා සිටී.
අප්‍රිකාව, ඉන්දියාව, තායිලන්තය, සුඩානය ඇතුළු රටවල් ගණනාවක මැලේරියා රෝගය පවතින බව වාර්තා වී ඇති බැවින් විදේශගත වන ශ්‍රී ලාංකිකයන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි එම මූලස්ථානය ප්‍රජා වෛද්‍ය වේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.
මැලේරියා රෝගය බෝකරන පරපෝෂිතයා සිරුරට ඇතුල් වූ විට මදුරුවා එම රෝගය ප්‍රචලිත කරන බවද ඔහු කීය.
මැලේරියා රෝගය 2016 වන විට මුළුමනින්ම මෙරටින් තුරන් වී තිබූ අතර මේ වසරේ රෝගීන් විසි හත් දෙනෙක් වාර්තා වී ඇත. 1963 දී රෝගීන්ගේ 12ක් වාර්තා වූ අතර 1965 - 67 කාලය තුළ රෝගීන් දහස් ගණනින් වැඩි වුවත් ශ්‍රී ලංකාව මුළුමනින්ම මැලේරියාවෙන් තොර රටක් වූ බවද වෛද්‍ය සොයිසා මහතා කීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘විදෙස් ගත වන්නට පෙර මැලේරියාවට බෙහෙත් ගන්න‘‘