IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


විදෙස් මුදල් තොගයක් සමඟ 4ක් මාට්ටු

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ )

පිටකොටුව හා මාලිගාවත්ත පොලිස් වසම් වල දී වෙළෙඳසල් හතරක් වටලා   මුදල් විශුද්ධි කරණය කිරීමේ වරදට සහ ඊට අනුබල දුන්  පුද්ගලයන් සිව් දෙනෙකු ශ්‍රී ලංකාවේ වලංගු මුදල් රුපියල් එක්කෝටි අසූ හය ලක්ෂ අනුපන් දහසක මුදලක් හා රුපියල් ලක්‍ෂ හතරකට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි

අත්අඩංගුවට ගත්  මුදල් තොගය අතර ශ්‍රි ලංකා වලංගු මුදලින් රුපියල් එක්කෝටි අසූ හය ලක්ෂ 95000  ක් ,විදෙස් මුදල් රුපියල්  432,502 ක්,ඉන්දියන් රුපියල් 10 නෝට්ටු  16 ක්,ඉන්දියන් රුපියල් 20 නොට්ටු  06 ක්,කුවේට් ඩිනාර්   01 නොට්ටු 07 ක්,කටාර් රියාල්   100 නෝට්ටු  01ක්, සිංගප්පුරු ඩොලර් 50  නෝට්ටු   01ක් , ඇමරිකන් ඩොලර් 100 නෝට්ටු 09 ක්,යුරෝ        200 නෝට්ටු  01ක් , ජංගම දුරකථන  04 ක් හා ගණුදෙනු සටහන්කල ලේඛණ  02 ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවත්ත අලුත්කඩේ කොළඹ 10 සහ කොළඹ 15 පදිංචිකරුවන් වන අතර කවුරුද 25 - 51 අතර පසුවන්නන් ය

සැකකරුවන් සිව්දෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් නීති විරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇත

පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී  නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

 

 

 



අදහස් (3)

විදෙස් මුදල් තොගයක් සමඟ 4ක් මාට්ටු

priyantha Friday, 17 June 2022 10:22 AM

නව තාක්ෂණය භාවිතයෙන් වෙන හුවමාරු ටික හොයා ගන්න ක්‍රමයක් සකස ගන්න. මේ පිටකොටුවේ මුදල් හුවමාරුවට වඩා දහස් ගුනයකින් ඉලෙක්ට්‍රොණික ක්‍රමයට මුදල් හුවමාරු වෙනවා දැන්. ලඟදි කන්ටේනර් ගනන් සෝලා බඩු ගේන්න ලොකු ලොකු කොම්පැණි ඩොලර් යවපු විදිය හොයන්න. නැත්නම් ගොඩ ඒමක් නැහැ සේරම සල්ලි පිට පාරෙන්ම යනවා ලංකාවට එන්නේම නැහැ. කොරියාවේ, සවුදියේ රට විරුවන් ගෙ සල්ලි එහෙන්ම අරන් කෙරෙන ජාවාරම් සියල්ල හොයා ගන්න රටේ වගකිවයුතු මූල්‍ය බුද්ධි අංශ උපරිමෙන් යෙදෙව්වේ නැත්නම් මොනවා කරත් වැඩක් නෑ.

:       2       9

Ranga Friday, 17 June 2022 12:15 PM

උන්ඩියල් ජාවාරම් කරන්නෙ ආන්ඩුවෙම ලොක්කො..මැණික් අධිකාරියෙ සභාපතිම උන්ඩියල් ජාවාරම් කරනව.

:       0       3

Kule Friday, 17 June 2022 04:45 PM

රජයෙ ආදරයෙන් පිටරට රැකියාවල් සඳහා යන අයගෙගෙටුපෙන් 50% බැංකුමාර්ගයෙන් මෙරටට එවීමට එ රටවල්වල රජන් සමග සාකචකරන්න. එ ශ්‍රමිකයින්ට මූලිකත්වය දී විශ්‍රාම වටුප්ක්‍රමයක් වාහන බලපත්‍රයක් බඩු සහන ලබාදීමටත් සලකා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 2 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1315 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 467 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1405 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 157 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 957 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site