IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන්නැයි මන්ත්‍රීවරු පාරට බසිති

(නිමල කොඩිතුවක්කු)

විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත අවධානය යොමුකොට ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත් ඔවුන් මව්බිමට ගෙන්වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී අද(07) විරෝධතාවයක නිරතවූහ.

විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම විරෝධතාවයට මහජන නියෝජිතවරු, සිවිල් සංවිධාන නියෝජිතවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

"රටවිරුවන් වහා ගෙන්වනු, ස ෆේල්" ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පස්වරු 4.00ට පමණ රැස්වූ විරෝධතාකරුවන් පැයක පමණ කාලයක් විරෝධතා සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාවය අතරතුර අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීය.

"රටට විදේශ විනිමය ගෙන එන විදෙස්ගත ශ්‍රීලාංකිකයින් එදා මැතිවරණයට පෙර රට විරුවන් ලෙස මේ ආණ්ඩුවේ පිරිස් හැදින්වූවා. නමුත් අද ඔවුන් එතෙර දුක් විදින අයුරු ආණ්ඩුව නෑසූකන්ව බලා සිටිනවා.මෙරටට ගෙන්වන විදෙස්ගත ශ්‍රමිකයන් පවා අද මාෆියාවකට හසුකොට තිබෙනවා. මේ නින්දාසහගත ක්‍රියාවලිය ආණ්ඩුව නවත්වා දැමියයුතුයි" යයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, තලතා අතුකෝරල, ඉමිතියාස් බාකිර් මාකර්, හරීන් ප්‍රනාන්දු, හර්ෂණ රාජකරුණා, මනුෂ නානායක්කාර,  කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ශාන්ත රත්නායක)


 



අදහස් (13)

විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන්නැයි මන්ත්‍රීවරු පාරට බසිති

Raveenda Thursday, 07 January 2021 01:50 PM

කාලකන්නි .. දැන් මාස කීයක් ඒ අහිංසක මිනිස්සු අපා දුක් විඳිනවද? දැන් තමයි මේ "හැම දේශපාලුවාටම" ඒ මිනිස්සු මතක්වෙලා තියෙන්නේ... මෙතෙක් කල් අවුරුදු කීයක් පට්ටියේ 225 ඇතුළුව මුළු ලංකාවම තුන් වේල බඩගින්න නිවාගන්න ඒ අහිංසකයන් ඍජුවම දායක වුනා නේද බොලව්...? ලැජ්ජයි ...

:       14       55

nimal Thursday, 07 January 2021 02:42 PM

වර්තමාන විපක්ෂයට ප්‍රශ්න කරනවා හැර වෙනත් කළහැකි යමක් නොමැත. කිසිදු විසඳුමක් මේ ජනප්‍රිය නොවන කණ්ඩායම ඉදිරිපත් කොට තිබේද? අනාථ වූ විපක්ෂය සිටින විට රජයට ඕනෑම දෙයක් කළහැකි වේ.

:       2       7

chandima Thursday, 07 January 2021 05:14 PM

පාරේ කෑගහලා වැඩක් නැහැ. අර මහ බැංකුවෙන් හොරකම් කරපු සල්ලිවලින් නැතිනම් වෙන හොරාකාපු සල්ලිවලින් සොච්චමක් දීලා ප්ලේන් එකක් කුලියට අරන් යැව්වා නම් කට්ටියම ගෙන්න ගන්නවනේ...

:       5       7

Bandara Thursday, 07 January 2021 06:51 PM

දේශපාලුවන් රඟපාන අලුත්ම ෂෝ එක...

:       2       5

nimal Friday, 08 January 2021 12:11 AM

අනේ දෙවියනේ මේ සජිත් ඇතුළු පිරිස රටේ ජනතාවගේ මහජන මුදල් නේද මේ නාස්ති කරන්නේ?

:       4       2

Prasanna Friday, 08 January 2021 02:46 AM

රනිල් අාපහු ආවත් මෙලහට නම් සෑහෙන්න කාලයක් යාවි හොඳ විපක්ෂයක් වෙන්නත්. හරි බොළඳ වැඩ කරන්නේ.

:       5       5

hira Friday, 08 January 2021 03:55 AM

මේ අයව දකින කොට පුදුම අප්පිරියාවක් තියෙන්නේ. මේ අය මොන මගුලක් කීවත් මිනිස්සු නම් ඡන්දෙ දෙන්නේ නැහැ. අපි දන්නා විදිහට 80000ක් පමණ පිරිසක් ගෙන්වලා ඉවරයි.

:       11       5

BinkunndaaFriday, 08 January 2021 12:02 PM

ඔලු ගෙඩිය, ගෙනල්ලා තියෙන්නේ ලක්ෂ 3ත්, 4ත් අතර මුදලකට ඇනලා. වෙනදා ගල්ෆ් ටිකට් එකකට යන්නේ රු. 35000ක් විතර... වන් වේ. අනික් ගෙන්නපු අය ඔක්කොම ආණ්ඩුවේ නෑදෑ හිතවතුන් හා ඔවුන්ගේ හිතවත් අයගේ ළමයි. එයාලට ලොකු මුදල් ගෙවන්න ඕනෑ නෑ.

:       4       7

sharm warn Friday, 08 January 2021 07:46 AM

ඒ ගොල්ලන්ට රටවිරුවෝ ඕනෑ වුණේ මහ මැතිවරණය දිනාගන්න. මේ ගොල්ලන්ට හදිසියේම මතක් වෙලා හඳුන්පත කී ගාලා තියෙන්නේ... පළාත් සභා ඡන්දයක් තියයි වගේ දෙයක් දැනිලද කොහේද? දෙගොල්ලන්ගේම කෙරුවාව එකයි. ඡන්ද ටික අල්ලගන්න විතරයි.

:       0       9

ඩුබායි සෙනෙවිරත්න Friday, 08 January 2021 08:20 AM

නියම සෙට් එක. දේශපාලන වාසි තිබේ නම් හැම අයියම පාරේ බෝඩ් උස්සන්. රජය මෙච්චර පිළිවෙලට වැඩේ කරගෙන යනවා. මේ වෙද්දී 60000කට අධික අපේ අය ආපු එක ගැන සද්ද නෑ. අපේ මෙහෙ රූම් එකෙත් තිස් ගානක් ඉන්නවා. අපිට නම් බොරුවට මේ පාහර දේශපාලුවෝ කරන දේවල් වලට අහුවෙන්න ඕන නෑ. මට ඇත්තටම පැහැදීමක් තියෙනවා ලංකාවේ රජය මෙච්චර ලෝකේ රටවල් නැති නාස්ති වෙද්දී අපේ රටේ අරන් යන වැඩපිළිවෙල ගැන. ඔය අනිත් රටවලුත් යස අගේට වහගෙන යන්නේ දැන් පෝලිමට. මගෙත් දරුවෝ නෝනා අම්මා ලංකාවේ. මට හොඳටම විශ්වාසයි ඒ මිනිස්සු අපිට වඩා යහපත්ව ඉන්නවා කියලා ලංකාවේ. මට ඇත්තටම ලැජ්ජයි මේ මිනිස්සු මේ රජය එක්ක තියෙන තරහට අපේ දුක පාවිච්චි කරලා මේ කරන වැඩ වලට. ලංකාවට ඇවිල්ලා අපි මොනවද කන්න බොන්න දෙන්නේ ළමයින්ට? ආයේ මෙහෙ ජොබ් හොයාගන්න එකත් ෂුවර් නෑ ලංකාවට ඇවිල්ලා ආයේ යද්දී. රාජපක්ෂලාගේ මේ තීරණවලට ගරු කරනවා ත්‍රිවිධ හමුදාවට මගේ ස්තුතිය. මගේ මල්ලිත් ආමි එකේ. ඔවුන් මේ රටේ මිනිස්සු බේර ගන්න විඳින දුක මම හොඳට දන්නවා. අපේ ගෙදරකින් කවදාවත් රාජපක්ෂ කෙනෙකුට ඡන්දයක් දීල නෑ. ඒත් මේ මිනිස්සුන්ට වඩා මේ රජය පිළිවෙලට වැඩ කරනවා. මෙහෙ ඉන්න අපියි ඇත්ත හරියටම දකින්නේ...

:       9       11

ඩුබායි සෙනෙවිරත්න Friday, 08 January 2021 08:20 AM

ගරු සජිත් මහත්තයෝ මිනිස්සු කුලප්පු කරන්නේ නැතුව ඉන්න... රනිල් මහත්තයා හිටියා නම් මීට හොඳයි. මේ එකෙක්වත් වැඩක් කරන උන් නෙමේ කයිවරුකාරයෝ. දුකයි, ලැජ්ජයි. ලංකාව වෙනුවෙන් කරන්න තියෙන්නේ ඔය බම්බුවේ පැණි මගුලක් නැතුව බෙහෙතක් ගෙන්නන්න වැඩපිළිවෙලක් හදන එක. තව ටික දවසකින් අපිට මෙහෙ ප්‍රතිජීවක බෙහෙත් හම්බවෙයි. අඩුපාඩු තිබුණත් මේ රටවල් එක්ක බලද්දී ලංකාව ඇත්තටම ඉස්සරහින්. බලන් ඉන්න බැරිම තැන ලිව්වේ මේ නාඩගම්...

:       10       6

Cisco Friday, 08 January 2021 08:41 AM

අර රන්ජගෙ මිලියන හතර දෙන්නකෝ.. මේ රට විරුවෝ ටික ගේන්න.

:       4       5

Qatar sita Sunday, 10 January 2021 07:02 AM

ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියලා මේ අය දන්නවා. ඒ කොහොම නමුත් දැන්වත් මෙයාලගේ ඇස් අරුණ එකට ස්තුතිය පුදනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 236 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1908 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 223 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 868 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1002 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1223 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37579 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24766 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site