IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විදුහල්පති කෑම ටෙන්ඩරයක් දෙන්න 30000ක අල්ලසක් අරගෙන

(මනෝප්‍රිය ගුණසේකර)

දරුවන්ගේ උදෑසන ආහාර වේල සැපයීමේ කටයුත්ත කරදරයකින් තොරව කරගෙන යෑම සඳහා ආහාර වේල සැපයීමේ ටෙන්ඩරය ලබාගත් කාන්තාවගෙන් රුපියල් 30,000/-ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී ඇහැලියගොඩ ප්‍රදේශයේ දමිල පාසලක විදුහල්පතිවරයකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් විදුහල්පති කාමරයේදීම අත්අඩංගුවට ගන්නා ලදී.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී අදාළ විිදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කෙමිසමේ නිලධාරියකු පැවසීය.

පාසැල් දරුවන්ට උදෑසන ආහාර වේල සැපයීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ඇහැලියගොඩවත්ත ප්‍රදේශයේ දමිල පාසලක ඉගෙනුම ලබන දරුවන්ට උදෑසන ආහාර වේල සැපයීම සඳහා කාන්තාවකට ටෙන්ඩරය ලබාදී ඇති බවත් ඒ අනුව ඇය මාර්තු සහ අප්‍රේල් මාස සඳහා සැපයු ආහාර වේල් වලට ගෙවිය යුතු මුදල් ලබාදීමට නිර්දේශ කිරීම සඳහා සැකකාර විදුහල්පතිවරයා කාන්තාවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.

සැකකාර විදුහල්පතිවරයා මුලින් රුපියල් 20,000/-ක මුදලක් ලබාගෙන ඇති බවත් ඉතිරි රුපියල් 30,000/-ක මුදල ඉල්ලු අවස්ථාවේදී ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී විදුහල්පති නිල කාමරය තුළදී රුපියල් 30,000/-ක අල්ලස් ගන්නා විට සැකකරු අත්අඩංගුවට ගත් බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (4)

විදුහල්පති කෑම ටෙන්ඩරයක් දෙන්න 30000ක අල්ලසක් අරගෙන

Sugathapala Friday, 24 May 2024 07:33 PM

ඇහැලියගොඩ කියන්නෙ කිරිඇල්ලේ බුදුහාමුදුරුවන්ගේ ආසනය නේද දැනට අවුරුදු 54ක සිට ඒ බුදුහාමුදුරුවෝ ඇහැලියගොඩ ආසනයේ නාමිකව වැඩ සිටිනවා මම අහල තියෙන හැටියට මුලු ලංකාවෙන්ම ආහාර ද්‍රව්‍ය මිල වැඩිම ප්‍රදේශය ඇහැලියගොඩ තමයි අනෙක් භාණ්ඩ මිල වුණත් එහෙම තමයි නගරයේ සංචාරයේ යෙදෙන කෙනෙකුට නගරයේ අඩුපාඩු තිබේද කියලා දකින්නට පුළුවන්

:       1       4

Bunny Preena Saturday, 25 May 2024 09:34 AM

සල්ලිවලට මළමිනීත් දිව දික්කරනවලු... මෙයා ඇවිදින මළ මිනියක්.. පෙන්ෂන් එකත් නැතිකරගෙන හිරේට යමන්කෝ...

:       0       1

SellasamiSunday, 26 May 2024 06:01 AM

හිරේට යන්න දේශපාලන බලවතා ඉඩක් දෙන්නෙ නැහැ .මොන වරදක් කලත් සියවස් භාගයක් ඉක්මවා මංත්‍රී වෙලා ඉන්න පුද්ගලයා අල්ලස් ගත්තු කෙනා බේරගන්න කටයුතු කරාවි

:       0       0

Jude Fernando Saturday, 25 May 2024 10:12 PM

පලාතේ බලවත් දේශපාලන කාන්තාවකගේ නෑයෙක්ලු

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 409 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 4 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 442 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 729 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 561 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 396 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site