IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


’විධායකයේ බලතල කප්පාදුවට අත එසවූ පිරිස් 20 ශක්තිමත් කරන්න අත ඔසවනවා’

(නිමල කොඩිතුවක්කු)


විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රවාදයත් දුර්වල කර ඒකාධිපති පාලනයක් කරා රට ගෙන යන 20 වන සංශෝධනයට සහය පළ කරමින් සිටින බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ආණ්ඩුවේ මෙම ඒකාධිපති ගමනට එරෙහිව එක වේදිකාවකට ගොඩ වන්නැයි නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන සියලු කණ්ඩායම් වලින් ඉල්ලා සිටින බව ද සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.


සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව රාජගිරියේදී අද (3) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා මෙසේද කීය.


මේ වනවිට ආණ්ඩුව කඩිමුඩියේ විසිවන සංශෝධනයක් ඉදිරිපත් කර තිබෙනවා. විධායක ජනාධිපතිධුරය රටට අහිතකරයි කියලා රටේ පොදු මතයක් තිබුණ. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු බොහෝ දෙනා පොරොන්දු  ලබා දුන්නා.


මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ අපිත් විශාල හඬක් ගෙන ගියා. මෙහි අදහස තමයි දහනවවන සංශෝධනයෙන් යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක කළේ. දහනම වන සංශෝධනයට 225 න් 214 ක් අත ඉස්සුවා. තුනෙන් දෙකකින් නෙමේ හයෙන් පහකටත් වඩා වැඩි බලයකින් තමයි මේ සංශෝධනය සම්මත වුණේ.


විධායකය සීමා කරන්න කියලා එදා අත උස්සපු පිරිස් අද කියනවා මේ බලතල යළි ජනාධිපතිවරයාට දෙන්නලු. 19 න් පාර්ලිමේන්තුවත්, ප්‍රජාතන්ත්‍රවාදයත් ශක්තිමත් කළා. පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරලා යළිත් විධායකය ශක්තිමත් කිරීමට තමයි මේ උත්සාහ කරන්නේ.


ජාතික ආරක්ෂාව තහවුරු කරන්න රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ජීවන වියදම අඩුකරන්න ලක්ෂ හැට නවයක් ජනතාව මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා. තුනෙන් දෙකකින් බලයට පත් වූ මේ ආණ්ඩුව ජනතා අවශ්‍යතා පැත්තකට දාලා තමන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් කැපවෙනවා. 


රට ආර්ථික වශයෙන් කඩාගෙන වැටී ඇති අවස්ථාවක 20 ගේන්න මේ අයට මොකද්ද තියෙන හදිස්සිය. දැන් මේ විසිවන සංශෝධනය මගින් ව්‍යවස්ථා සභාව අහෝසි කරන බවත් කියවෙනවා. ඒ අනුව පොලිස්පති, නීතිපති, මැතිවරණ කොමිසම ආදී තනතුරු පත් කිරීමේ බලය යළිත් විධායක ජනාධිපති වරයාට පැවරෙනවා. විගණන කොමිෂන් සභාව අහෝසි කරල තියෙනවා. ස්වාධීන කොමිෂන් සභා වලින් රජයේ සේවකයන්ට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් වුණා. දැන් මේ 20න් ඒ කොදු කඩල තියෙනවා. ඒ වෙනුවට ඔක්සිජන් කන්නද කියලා අහපු රාජ්‍ය අමාත්‍යවරුන් ශක්තිමත් කරලා තියෙනවා.


මේ ආණ්ඩුව පත් වෙච්ච මේ කෙටි කාලය තුළ කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩලා දැම්මා, සිංහරාජය මැදින් පාරක් කැපුවා, පුත්තලම අභයභූමිය විනාශ කළා. මේ එකකටවත් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. 19 තියෙද්දී මෙහෙම නම් 20 සම්මත වුණොත් මේ අය කොහොම රට පාලනය කරයිද කියලා ජනතාව තේරුම් ගත යුතුයි. මෙහෙම සංශෝධනයක් ජනතාව ඉල්ලුවේ නැහැ. 


කෝප්,කෝපා කමිටුවල සභාපති තනතුරු සඳහා ආණ්ඩුවේ  මන්ත්‍රීවරු පත්කිරීමට සූදානමක් තිබෙනවා. මේ දෙකේම මෙයට පෙර හිටියේ  විපක්ෂයේ මන්ත්‍රීවරුන්. ඒ නිසා තමයි මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ.


තමන්ගේ පැවැත්ම ගැන හිතන්නේ නැතුව රටත් ජනතාවත් ගැන හිතන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ඒකාධිපති වැඩපිළිවෙළට එරෙහි එකතුවන්න කියලා නිදහසට ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන පිරිස්වලින් අපි ඉල්ලා සිටිනවා.
මෙම අවස්ථාව සඳහා සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 



අදහස් (7)

’විධායකයේ බලතල කප්පාදුවට අත එසවූ පිරිස් 20 ශක්තිමත් කරන්න අත ඔසවනවා’

Bandara Thursday, 03 September 2020 10:40 AM

මූණ දැක්කාම කැඳත් නැහැ දවසටම..

:       8       662

sisira Thursday, 03 September 2020 11:19 AM

ආපහු මේ ළමයා අඬන්න පටන් අරන් වගේ...

:       0       152

Raveendra Thursday, 03 September 2020 11:21 AM

කවුද මේ ගැරඬින්? මොකේ කැඳවුම්කරුද? ගාන කීයද? මොන NGO ටකරන් මඩුව වෙනුවෙන්ද අඬන්නේ.. කියන්න ඇත්ත මල්ලියේ? ස්විස් පැත්තේ අාපහු යන්න වගේ කුරුමානම... හා හා යමු යමු..

:       110       703

Cisco Thursday, 03 September 2020 12:43 PM

මෙයා මෙතරම් රටට ආදරෙයි නම් තීරුබදු සහන වාහනේ වත් නොගෙන ඉන්න තිබුණානේ...

:       0       507

chandana Saturday, 05 September 2020 06:28 PM

නුඹට නොතේරුණාට වැරදි තේරුම් අරගෙන ඒවා නිවැරදි කර ගන්න එක, වැරදි හදාගන්න එක හොඳ පුරුද්දක් ළමයෝ. දැන දැන වැරදි කරකර ඒ වැරදි වලේම වැටිලා ඉන්නේ ඌරන්ම තමයි.

:       0       0

චන්දන Saturday, 05 September 2020 06:34 PM

මෙලෝ රහක් නැතුව, මෙලෝ දැනුමක් නැතිව පාර්ලිමේන්තු ඇවිත් වෙනත් කෑදරකම්වලට ලොල් වෙලා රටට වැඩක් නැති, රටක් කැමති නැති, ජනතාවට වෙට්ටු දාන මිනිහෙක්ට විධායක අගමැතිකම දෙනවට වඩා රටේම බහුතර කැමැත්තකින් පත්වෙන ජනාධිපතිට විධායක බලය දෙන එක මාර නම්බුයි.

:       0       0

Bamunuarachchi Monday, 07 September 2020 03:27 PM

මේ හාදයාගේ මුහුණ දැක්කාම එපා වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සජබ පක්ෂ සංවත්සරය හෙට
2025 අප්‍රේල් මස 02 234 0

සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.


ඉන්දියාව සමඟ ද්විපාර්ශික ගිවිසුම් තබන්න රජය සූදානමින්
2025 අප්‍රේල් මස 02 271 0

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ


සිමෙන්ති කුඩු කලවම් කරලා හිස කෙස් වර්ණක හදලා
2025 අප්‍රේල් මස 02 522 0

සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.


පෙට්‍රල් බෝම්බයෙන් දරුවා මිය සිද්ධියට දෙන්නෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 02 606 1

කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ


දළදා මාලිගාවෙන් මියන්මාරයට කෝටි එකහමාරක්
2025 අප්‍රේල් මස 02 703 0

භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි


රුධිර ප්‍රතිකාර බේතක් ඉන්දියාවෙන් ගනී
2025 අප්‍රේල් මස 02 338 2

හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 247 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site