( තිලකරත්න දිසානායක)
බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ විධායක ඉංජිනේරුවරයා විසින් එම අධිකාරියේ උඩුගම්පොළ ප්‍රධාන කාර්යාලයෙහි නිලධාරිනියකට පහරදීමේ සිද්ධියක් මත ඉංජිනේරුවරයා ගම්පහ පොලීසිය මගින් අද (25) දහවල් අත් අඩංගුවට ගනු ලැබීය.
උඩුගම්පොළ කාර්යාලයේ 43 හැවිරිදි කළමනාකරණ සහකාරවරියකට පෙරේදා පෙරවරුවේ විධායක ඉංජිනේරුවරයාගේ කාර්යාලය තුලදී මෙම පහරදීම සිදුකළ බවට එම නිලධාරිනිය විසින් අද ගම්පහ මූලස්ථාන පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව 53 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කාර්යාලයේ ප්‍රශ්ණයක් සම්බන්ධයෙන් මෙලෙස පහරදීම සිදුකළ බවට පැමිණිල්ලේ සඳහන් වන බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කොට ඇති අතර සැකකරු අද සවස ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විධායක ඉංජිනේරුවරයා නිලධාරිනියකට පහර දෙයි
Kahandawala Wednesday, 25 November 2020 10:41 AM
අදිකරණය සාදාරන තීන්දුවක් දේවි. අපි ඒ ගැන කතා නොකර ඉමු. නමුත් මේ සිදුවීමට අදාල කාන්තාව නගන හඬ සමාජය දෝංකාර දෙනවා. මේ පිරිමිද?
පූජා Wednesday, 25 November 2020 11:07 AM
තමන්ගේ කාර්යාලයේ එකට සේවය කරන, කාන්තාවකට පහර දෙන්න තරම් පහත් තත්වයකට වැටිලද ලංකාවෙ පිරිමි... කාන්තාවටත් තිබුනේ දෙකක් දෙන්න. පිරිමි කමටත් ලැජ්ජයි..
Raveendra Wednesday, 25 November 2020 11:13 AM
අප කිසිඳු පාර්ශවයකට බර නොවී අදහස් දැක්වීමේදී උගත්, නූගත් සියල්ලන්ගේම හැසිරීම් රටාව එක සමාන නොවේද? මොන උගතා මොන ජගතා වුණත් හික්මීමක්, විනයක්, ඉවසීමක් නොමැති නම් "ඒ උගත්කම් නොවටී" යන්න මොහු විසින් මනා ලෙස ඔප්පු කර ඇත. මේ සෑම සිදුවීමකින්ම පෙනෙන්නේ අප සමාජය මොනතරම් පිරිහීමට පත්ව ඇද්ද යන්න නොවේද?
Buddhika P Wednesday, 25 November 2020 11:49 AM
නිලධාරීන්ට පහර දෙන සංස්කෘතිය ආරම්භ කලේ දේශපාලකයින්. පාර්ලිමේන්තුවේ පුටු, පොත්, වතුරබෝතල් වලින් ගහගන්න කොට, ගෝලයෝ ගෑණුන්ට හරි ගහනවා. එච්චර බෝවෙන උණක් මේක... හැබැයි මේ කේස් එකෙන් නම් මෙයා ඉවරෙටම ඉවරවෙයි මගේ හිතේ. හැබැයි මින් පස්සේ කාර්යාල වල ෆෝන් තහනම් කරන්නත් පුළුවන්... එච්චර දේශපාලන හයිය ගත්ත අය ඕවායේ ඉන්නේ... අර කුරුණෑගල එක්කෙනෙක් කිව්වේ, වැරදි කළත් අපේ පක්ෂේ නම් බේරා ගන්නවා කියලා... රාජසභාව කඩුව කියලා පුරාවිද්‍යා කොමසාරිස් කියලත් තාම හරියට ඇල්ලුවේ නෑ මගේ හිතේ... ඒ චණ්ඩි සංස්කෘතිය තමයි මේ දික් වේගෙන එන්නේ. මහැදුරු සරච්චන්ද්‍රටත් බෞද්ධ සම්මේලනයේදී කාණුවේ දාගෙන ගැහුවේ. යුනුස් කාටූන් ශිල්පියාගේ කටත් කැපුවේ. ඉතින් මේක වචන කීපෙකින් කියනව නම්, උපාධි-මෝඩ කම. ගහනවා තියා ගෑනියෙක් එක්ක වාද කරන්නවත් යන්නේ නෑ. පුංචි හරි ඔලුවක් තියෙන පිරිමියෙක්...
පූජාWednesday, 25 November 2020 01:26 PM
බුද්ධික, ඔයා වගේම හැම පිරිමියාම හිතනවා නම් මේ ලෝකය කොපමණ සුන්දර තැනක් වේවිද? ගෙදර බුදුන් අම්මා කියලනේ කියන්නේ. "ස්ත්‍රීත්වයට" ගෞරව කරන පිරිමින් කරුණාවන්ත අය කියලයි මගේ පුද්ගලික අදහස වන්නේ....
Prasad Wednesday, 25 November 2020 12:07 PM
ගම්පහ ආශ්චර්යය...
pakeer Wednesday, 25 November 2020 01:53 PM
අපේ කාර්යාලයේත් ඔහොම වුණා. හැබැයි ඒ දෙන්නා නම් ගහගන්නවා. අයථා සම්බන්ධකම් තමයි ඒවට මුල...
Bamunuarachchi Wednesday, 25 November 2020 02:47 PM
යකෝ මෙයා කාට ලොක්කෙක්ද? ආයතනයේ සේවය කරන ගැහැණුන්ට ගහන්න. මේ ගැහැණියට පිරිමියෙක් නැද්ද? මේ ගොයියාට පාඩමක් උගන්වන්න. මගේ කෙනෙකුට ගැසුවා නම් මෙයා දෙවියන්ගේ හාල් කෑවා වගේ සිටී. මෙයාගේ බිරිඳට වෙන සැමියෙක් සොයාගන්න වෙනවා දරුවන්ට වෙන තාත්තා කෙනෙක් සොයාගන්න වෙනවා.
kapila Wednesday, 25 November 2020 03:18 PM
කව්ද දන්නේ මේ කාන්තාව රාජකාරී වෙලාවේ නිතරම ෆේස් බුක් එකේ කාලය ගත කරමින් සිටින කෙනෙක්ද කියා...
sharm warnThursday, 26 November 2020 07:58 AM
ෆේස්බුක් හරි, මොන දේ හරි හිටියා කියලා, ශාරීරික හිංසා කරන්න පුළුවන් කියලා චක්‍රලේඛයක් නිකුත් වෙලා තියෙනවද? මෝඩ තර්ක දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් මොලේ කල්පනා කරලා බලන්න.
BamunuarachchiThursday, 26 November 2020 01:07 PM
ඔහේ රැකියාව කරත්ත දක්කන එකද? කොහෙවත් වැදගත් රැකියාවක් කර නැද්ද? එයා ෆේස් බුක් බැලුවා වුණත් ගහන්න කාගෙන්ද අවසර ලැබුනේ? වැරැද්දක් කළ ඉස්කෝල ළමයෙකුටවත් ගහන්න බැරි රටේ රාජකාරියේ යෙදෙන නිලධාරිනියකට ගහන්න...! එයා ගැහැණියක් නිසා මෙයා බේරුණා.. මම වගේ කෙනෙකුට ගැසුවා නම් මම එල්ලුම් ගස්...
Deepal Nirosh Thursday, 26 November 2020 04:51 AM
සිද්ධිය පිළිබඳ ගරු අධිකරණය නිවැරදි විනිශ්චයක් දේවි. ඒත් අායතනික මට්ටමින් නිසි විමර්ශනයක් සිදුකර සිද්ධියට අදාළ යථා තත්ත්වය හෙළිකර ගැනීම අත්‍යාවශ්‍යයි. සියළු රාජ්‍ය හා පුද්ගලික අායතන සේවකයන්ට ප්රවේශමන් වැඩ කළ යුතු බවට ඉතා හොඳ පාඩමක්...