(දිලීප් ජයසේකර)
හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කිරිම දිනෙන් දින ප්‍රමාද කරමින් ගොවි ජනතාව නොමග යැවිමට විරෝධය පළකරමින් දින 50 ක් තිස්සේ අඛණ්ඩ සත්‍යග්‍රහයේ නිරතව සිටි වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද මහතා අද (07) සවස මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.
මාරාන්තික උපවාසය ආරම්භ කිරිමට පෙර සභාපති වරයා මෙලස පැවසිය.
"හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කරන බවට පාලකයන් දුන් පොරොන්දුව මේ වෙකම් ඉටු කර නෑ. අපි සූරියවැව වල්සපුගල වැව් තාවුල්ලේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ දින 50 ක් වෙනවා. මේ මොහොත වනතුරුත් පාලකයන් අපිට සීනි බෝල කතා කිය කියා ඉන්නවා මිසක් අපේ ගැටළුවට විසදුම් දුන්නේ නෑ. පාස්කු ප්‍රහාරයත් සමග මේ රටේ කළු ඉරිදාවක් නිර්මාණය වුනා වගේ දකුණෙනුත් කළු ඉරිදාවක් නිර්මාණය කිරිමට ඉඩ තියන්න එපා කියලා අපි පාලකයන්ගෙන් ඉල්ලනවා.
ඒ වගේම කියන්න ඕනේ අපි මෙතන අඛණ්ඩ සත්‍යග්‍රහයේ ඉද්දිත් මේ ප්‍රදේශයේ දේශපාලඥයෙක් මේ වන සතුන්ට ඉන්න තියෙන කැලේ තම හිතවතුන්ට කොටස් කර දෙමින් ඉන්නවා. වායු බලාගරායක් ගහන්න අක්කර 15 ක් වෙන්කරන්න යනවා මේ වන සතුන් ඉන්න භූමියෙන්. මේවගෙන් අපිට පේන්නේ පාලකයන්ට බලයට එන්න ජන්දය දුන්න මේ ජනතාව දිනෙන් දින වලපල්ලට ඇද දැමිමක් වගෙයි.
ඒ නිසා ඉවසුවා හොදටම ඇති. අපි අපේ ඉල්ලීම් දිනා ගැනිම වෙනුවෙන් හා සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් මා අද දෙවන වරටත් මාරාන්තික උපවාසයේ ආරම්භ කරනවා. මෙහිදි යළි කිසිදු අයුරකින් අපි මේ පාලකයන් සමග සාකජ්ජා සිදුකරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපිට ඕනේ මේ සදහා විසදුමක් මිසක් සාකච්ජා නෙමෙයි. මගේ ජීවිතේ මෙතනින් අහවර වුනත් මේ සටන ජයගෙන මිසක් මන් මෙ මාරාන්තික උපවාසය නවත්වන්නේ නෑ." යැයි පැවසිය.
මාරාන්තික උපවාසය ආරම්භ කළ අවස්ථාව සදහා ප්‍රදේශයේ මහා සංඝරත්නය කිහිප නමක්ද වැඩම කර සිටි අතර එහිදී උන්වහන්සේලා පිරිත් සජ්ජායනය කර පිරිසට ආශිර්වාද කළහ.
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වනඅලි කළමණාකරණ රක්ෂිතයේ ගැසට්ටුව ඉල්ලා ගොවි සභාපති මාරාන්තික උපවාසයක
විජිත් Sunday, 07 March 2021 01:52 PM
ගොවි මහත්වරුනේ දවස් 5 ක් තිස්සේ ඔබලාව පිඩාවට පත්කරන , තම හෙන්චයියලාට අලින්ගේ ඉඩම් පවරාදෙන ඔය උද්දච්ච දේශපාලුවන්ට මීළඟ ඡන්දයේදී ඔබගේ වටිනා ඡන්දය නොදී ඉන්න.