(තිසර සමල් )
තඹුත්තේගම තිස්පනේපුර, රන්වන්තලාගම ගම්මානයේ නිවසක් ඉදිරිපිටදී අද (21) අලුයම වන අලියකුගේ පහරදීමෙන් කාන්තාවක් මියගොස් ඇතයි පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ ශ්‍රියානී මල්කාන්ති නම් 63 හැවිරිදි කාන්තාවකි.
ඇය උදෑසන 5.20 ට පමණ උදෑසන ආහාර පිසිමින් සිට, කරපිංචි අත්තක් කඩා ගෙන ඒම සඳහා තමන් පදිංචි නිවස ඉදිරිපිට පිහිටි තම මවගේ නිවසට යමින් සිටියදී ඇගේ මවගේ නිවස ඉදිරිපිටදී මෙලෙස වන අලි පහරදීමකින් මියගොස් ඇත.
වන අලියා පහරදීමේදී ඇය කෑ ගසා ඇති අතර, ඒ කෑ ගැසීමට නිවැසියන් පැමිණෙන විට ඇය බරපතල තුවාල ලබා බිම වැටී සිට ඇත.ඇය තඹුත්තේගම රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත
ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්
ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වනඅලි පහරින් කාන්තාවක් මරුට
විල්සන් තුම්බෝවිල Tuesday, 22 August 2023 11:25 AM
අලි ගම් වදින්නේ වැඩිපුරම වනාන්තර විනාස කරන නිසාය, ඔව්න්ට නිදහසේ ජීවත් වීමට හැකි පරිසරයක් ඇතිකලයුතුයි, අලිසම්පත විනාසවෙනවා, ජනතාව අපමණ පීදවින්දිනවා, දෙගොල්ලොම ඉතාම අහිංසකයි,
G.H.M.Thilakaratne Tuesday, 22 August 2023 04:45 PM
වනාන්තර විනාශයක් මේ මරණයට අදාලම නැත. මේ ප්‍රදේශයේ වාසය කරන්නේ කොත්මලේ ජලාශයට යට වූ තම දේපළ වෙනුවෙන් මහවැලි ඉඩම් ලැබී 1980 ගණන්වල පදිංචි කළ ජන කොටසකි. එදා සිට 2017 පමණ තෙක් මේ ප්‍රදේශය තුළ වන අලියෙක් දක්නට හෝ ඔවුන්ගේ උවදුරක් අසන්නටවත් නොතිබුණි. දැනට ප්‍රදේශය පුරා ව්‍යාප්ත අලි උවදුර නිල බලධාරින්ගේ නොසැලකිල්ල හෝ අනවධානයේ ප්‍රතිඵලයකි...