IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


වනජීවියේ නි. අධ්‍යක්ෂ ඇතුළු විත්තිකරුවෝ වසර 5 ක් හිරේ

(මනෝප්‍රිය ගුණසේකර)

කූට ලේඛන සකසා වන අලි  පැටියෙකු ’අලි පොතේ’ ලියාපදිංචි කිරීමේ චෝදනාවන්ට වනජීවී දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ඇතු`ථ විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඔවුන් තිදෙනාට වසර 05 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (12) නියම කළේය”

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තෙරව ඔප්පු කොට ඇතැයි තීන්දු කරමින් ඔවුන්ට එලෙස බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා සිරදඬුවමට අමතරව රුපියල් 70000/- බැගින් දඩ මුදල් ගෙවීමටද නියම කළේය‍.

දඩ මුදල් නොගෙවුවහොත් විත්තිකරුවන්ට වසර 03 බැගින් ලිහිල් සිර දඩුවම් නියම කළ විනිසුරුවරයා එම ලිහිල් සිර දඩුවම බරපතළ සිර සිරදඬුවම් කාලය අවසන් වූ පසු ආරම්භ විය යුතු බවටද නියම කළේය.

මෙලෙස දඬුවම් නියම වුයේ වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජය අධ්‍යක්‍ෂක (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි එම දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ අංශය බාරව සිටි ලිපිකාරිණීය වන ප්‍රියන්කා සංජීවනී හා අලියා සන්තකයේ තබා ගත්තේ යැයි කියන චන්ද්‍රරත්න බණ්ඩාර යටවර නමැත්තන්ටය.

2008 නොවැම්බර් 06 වැනිදාත් 2015 මැයි 18 වැනිදාත් අතර කාලයේදී වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා නොමග යවමින් කූට ලේඛන සකසා වන අලි  පැටියෙකු ’අලි පොතේ’ ලියාපදිංචි කිරීම ඇතු`ථ චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

හිටපු වනජීවී ඇමති වසන්ත සේනානායක මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදී.

එම විමර්ශනයෙන් අනතුරුව මෙම විත්තිකරුවන් තිදෙනාට අමතරව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිවද තීපතිවරයා විසින් නඩු පවරනු ලැබු අතර පැමිණීල්ලෙ නඩු විභාගය අවසානයේදී තිළණ ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය අමතමින්  තම සේවාදායකයාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් දණ්ඩ නීතී සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්ති වාචකයක් නොකැඳවාම ඔහු නිදොස් කොට නිදහස් කරන්නැයි කළ ඉල්ලලීමක් පිළිගනිමින් මීට පෙර අවස්ථාවක විත්ති වාචක නොකැඳවාම ඔහු නිදොස් කොට නිදහස් කෙරිණී.

තිළිණ ගමගේ මහතා හැර සෙසු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව විභාග කිරීමට තීරණය කරමින් ඔවුන්ගේ විත්ති වාචක කැඳවීමට නියම කළ විනිසුරුවරයා ඔවුන්ගේ විත්ති වාචක කැඳවීමකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය.

පැමිණීල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යුහාන් අබේවික්‍රම මහතා ඒ අවස්ථාවේදී අධිකරණය අමතමින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු වී ඇත්තේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නිසා ඔවුන්ට උපරිම දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය .

ඉදිරිපත් වු කරුණු සළකා බැලමෙන් අනතුරුව විත්තිකරුවන් තිදෙනාට වසර 05 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා රුපියල් 70,000/- බැගින් දඩ ගෙවීමටද නියම කළේය.

පැමිණීල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යුහාන් අබේවික්‍රම මහතා පෙනී සිටියේය.



අදහස් (3)

වනජීවියේ නි. අධ්‍යක්ෂ ඇතුළු විත්තිකරුවෝ වසර 5 ක් හිරේ

ranjith Thursday, 12 January 2023 06:56 PM

උත්තරීතර අධිකරණය රටේ විනයක් ස්ථාපිත කිරීමට උපරිම දායකත්වයක් ලබාදෙන බව පේනවා...

:       1       15

Ranjit Thursday, 12 January 2023 07:00 PM

පෙරහරට ගෙනත් දාලා ගිය අලි පැටව් ගැන මොකද දන්නේ නෑ දැන් වෙන්නේ...?

:       0       19

සෙනෙවිරත්න Friday, 13 January 2023 06:00 AM

තිළිණ ගමගේ ගෙදර තිබිලා හොර බඩු (අලිපැටියෙක් ) අහුවෙලත් ඔප්පු කරගන්න බැරි උනේ නඩු කාරයෙක් නිසාද නැත්නම් ලී අලියෙක් උනාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 9 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 18 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක



රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 247 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 332 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
2024 නොවැම්බර් මස 18 751 1

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්




රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18828 64

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 18781 21

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 356 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site