IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


වනජීවි නිලධාරියාගේ කනට ගැසූ මේජර් ජනරාල් උසාවියට කැඳවයි

(උපාලි ආනන්ද)

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ  වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණ තර්ජනය කර එක් වනජීවි නිලධාරියකුට පහර දුනනැයි චෝදනා ලැබ සිටින  මේජර් ජනරාල් මොහාන් රත්නායකට සැප්තැම්බර් මස 2 වැනිදා කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් සමන් වැරනියගොඩ මහතා නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තෙමින්තුව කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණය  හමුෙවි ගොනු කර ඇති පැමිණිල්ල යළි කැදවූ අවස්ථාෙවිදී මහේස්ත‍්‍රාත්වරයා මෙසේ නියෝග කරනු ලැබීය

මෙහිදී වනජීවි දෙපාර්තෙමින්තුව වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින් අඩව් ආරක්ෂක නීතිඥ  ඒ.පී.කේ.ටී. ජයවර්ධන මහතා කියා සිටියේ වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තර්ජනය  කර එක් නිලධාරියකුට  පහර දීෙමි සිද්ධිය සම්බන්ධයෙන් තම දෙපාර්තෙමින්තුව අධිකරණය හමුෙවි ගොනු කර ඇති පැමිණිල්ලට අදාල විමර්ශන සඳහා  ප‍්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සැකකාර මේජර් ජනරාල්වරයාට  නිල වශයෙන් දැනුම් දුන්නද  ඔහු එම දැනුම් දීම නොසලකා හරිමින් ඊට  නොපැමිණි බවයි 

ඔමල්පේ සෝභිත හිමියන් සභාපතිත්වය හොබවන සතුන්ට සහ ස්වභාව ධර්මයට යුක්තිය උදෙසා සංවිධානය වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා සදහන් කලේ  වන සතුන් සහ ස්වභාව ධර්මය ආරක්ෂා කිරීමට රාජකාරිමය වශයෙන් සහ නීතියෙන් බැදී සිටින වනජීවී නිලධාරීන්ට නිල බලය යොදා ගෙන තර්ජනය කිරීම ඉතාම බරපතල තත්වයක් බවයි 

 



අදහස් (5)

වනජීවි නිලධාරියාගේ කනට ගැසූ මේජර් ජනරාල් උසාවියට කැඳවයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 05 August 2021 04:05 PM

බොහෝ හමුදා නිලධාරීන් ඉන්නේ රණවිරු කියනා පුදුම උන්මාදයකින්. එයට හේතුව, රටේ අන් සියලු දෙනා පසෙක තබා ඔවුන්ව පිම්ඹීම බවයි පේන්නේ. මැරෙනකම්ම කුඹුරේ වැඩ කරන ගොවියා කවදාවත් ඇගයීමක් නැහැ. දැන් දැන් පවතින ක්‍රමය අනුව බොහෝ සිවිල් පරිපාලන තනතුරු වලට පත්කරන්නේ ඉහළ පෙළේ හමුදා ප්‍රධානීන්...

:       0       0

ලුම්බිණි Thursday, 05 August 2021 04:11 PM

හමුදාවේ ලොකුකම ඔලුවට ගත්තම අමුතු ලෙඩවල් හැදෙන කට්ටිය ඉන්නවා නේ.

:       0       0

Raveendra Thursday, 05 August 2021 08:22 PM

ගෞරවාන්විත නිල ඇදුම් බල්ලන්ට අදින්න සැලැස්වූ විට ලැබෙන ප්‍රතිපල තමයි මේ...මෙවැනි සිදුවීම් සියලුම ආරක්ෂා අංශවලට පොදුය.

:       0       0

Bamunuarachchi Thursday, 05 August 2021 09:44 PM

වනජීවී නිලදාරියාටත් උසාවියේදීම මෙජර්ගේ කනට ගහන්න අවසර දුන්නොත් මම හිතන්නේ වනජීවී නිලධාරියාට සාධාරණයක් කළා වෙනවා.

:       0       0

sarath Thursday, 05 August 2021 09:58 PM

වන සතුන් සහ ස්වභාව ධර්මය ආරක්ෂා කිරීමට රාජකාරිමය වශයෙන් සහ නීතියෙන් බැදී සිටින වනජීවී නිලධාරීන්ට නිල බලය යොදා ගෙන තර්ජනය කිරීම ඉතාම බරපතල තත්වයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 354 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 634 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1511 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2159 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 484 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 403 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 38 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site