(ඩයනා උදයංගනී)
තෛපොංගල් උත්සව දිනය හා දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය සමඟ ලැබුණු දීර්ඝ සති අන්තයේදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අනාරක්‍ෂිත අයුරින් විනෝද චාරිකා හා වන්දනාගමන්වල යෙදීම හේතුවෙන් කොවිඩ් වයිරසය දැඩි ලෙස පැතිරයාමේ අවදානමක් මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.
සති අන්තයේ වන්දනා හා විනෝද ගමන් පැමිණි ජනතාව හේතුවෙන් අනුරාධපුරය, ශ්‍රී පාදස්ථානය, මහනුවර, සංචාරක ආකර්ෂණය වැඩි ස්ථාන හා මුහුදු වෙරළ තීරයන් ආදිය ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනු දක්නට ලැබිණි.
විශේෂයෙන් විනෝද චාරිකාවල නිරත පිරිස් නිසි සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් නොතකා මුහුණු ආවරණ හෝ නොපැළඳ එතිනෙකාට ඉතා සමීපව විනෝද වන අයුරු ද දැකගත හැකිවිය.
මේ වන විට මරටින් වාර්තා වන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ ද වැඩිවීමක් දක්නට ලැබේ.
ඉකුත් දින තුනක කාලයේදී පිළිවෙලින් මෙරටින් කොවිඩ් ආසාදිතයන් 677ක්, 661ක් සහ 690ක් වාර්තා විය.
මෙවන් තත්වයක් තුළ ජනතාව අනාරක්‍ෂිතව කටයුතු කිරීම තුළින් ඉදිරියේදී ආසාදිත සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
දීර්ඝ නිවාඩු කාලසීමාවන්වලදී දුර බැහැර සංචාරයන්හි යෙදෙන ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ජනතාව දැඩිව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතු තත්වයක් යළිත් නිර්මාණය වෙමින් පවතින බවයි.
අනුරාධපුර වැනි පුජා භූමිවල මෙන්ම අනිකුත් සංචාරක ප්‍රදේශවල මජනතාව ඉතා අනාරක්ෂිත අයුරින් මුහුණු ආවරණ පවා නොමැතිව කටයුතු කරන ආකාරය දක්නට ලැබුණු බවත්, ඒ තුළින් අනාගතයේ විශාල ව්‍යසනයක් ඇති විය හැකි බවත් සභාපතිවරයා පැවසීය.
ඉකුත් දෙසැම්බර් මාසයේ දී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ අඩුවක් පැවති නමුත් නත්තල් සහ නව වසර උදාව වෙනුවෙන් පැවති උත්සව සමයේදී ජනතාව අනාරක්‍ෂිත අයුරින් කටයුතු කළ නිසා යළිත් ආසාදිතයන් වැඩිවීම සිදුවූ බවත්, සති අන්තයේ ජනතාව කටයුතු කළ ආකාරය නිසා ආසාදිතයන් තවත් ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය අංශ පවසයි.
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
දළදා වන්දනාවට ඉදිරි දින දෙකට සරිලන බැතිමතුන් විශාල පිරිසක් මේ වන විටත් පෝලිම්වල රැඳී සිටින බැවින් මහනුවරට නොපැමිණෙන්නැයි මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ට නි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘විනෝද චාරිකා කොරෝනාවට අතවනයි‘