(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමුද්‍ර හානියක වන්දි ඉල්ලීමේදී සීමා පැනවීමෙි ගිවිසුමකට අත්සන් කරන ලද රටක එක්ස්ප්‍රස් පර්ල් හානියේ වන්දි ඉල්ලමින් නඩු පැවරූයේ ඇයි දැයි තමාට හිතා ගන්නට බැරි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමුද්‍ර පද්ධතියේ විනාශයක් සිදු වූ විට ඊට වන්දි ඉල්ලීමේදී සීමා පනවන ජාත්‍යන්තර සම්මුති තියෙන බවද එක්ස්ප්‍රස් පර්ල් හානියේ වන්දි ඉල්ලමින් නඩුව පවරා තිබෙන සිංගප්පූරුව අදාළ ගිවිසුමට අත්සන් කර තිබෙන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව අදාළ ගිවිසුමට අත්සන් කර නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
වන්දි සීමා ගිවිසුම්වලට අත්සන් රටක අදාල වන්දි ඉල්ලා නඩු පැවරීම ශ්‍රී ලංකාවට වාසි ද? අවාසිද? යන්න පෙර පාසල් දරුවකුට වුවත් කියන්නට පුළුවන් කාරණයක් බව විපක්ෂ නායකවරයා කීය.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වන්දි සීමා ගිවිසුම් අත්සන් කළ රටක ගිහින් නඩු දැම්මේ ඇයි?
පැරකුම් Wednesday, 10 May 2023 03:18 PM
මේ සදහා ආණ්ඩු පක්ෂයේ ප්‍රතිචාර කවරේද යන්නත් මීලගට දැන්වුවොත් ලංකාදීපය පිළිබද අපගේ විශ්වාසය තවදුරටත් තහවුරු වනු ඇත..
SL Wednesday, 10 May 2023 04:33 PM
දියවන්නාවේ ඉන්න බහුතරයක් කරන්නේ බොරු. ඔවුන් කරන්නේ ගැලරියට රඟපෑමක්. මේ තරම් විනාශයක් වුණු නාවික විනාශයන් දෙකකට රටක් විදියට අපිට ගන්න තිබුණු සුදුසුම තීරණ සියල්ලක් මේ වගේ කම්බ හොරුන් නිසා වෙනස් වෙලා රටට අවාසනාවන්ත ඉරණමක් අත්වෙලා තියෙනවා. මේ රට ගොඩ ගන්නවා නම්... දියවන්නාවට හෙනයක් වැදී ඉන්න ඔක්කොම බොරු කාරයින් ටික පරලොව යායුතුයි. මේ රටේ මිනිස්සු ඒ තරම්ම අභාග්‍ය සම්පන්න ජාතියක්...
Bamunuarachchi Wednesday, 10 May 2023 05:23 PM
ඔහෙට හිතාගන්න බැරි දේවල් තමයි දේශපාලනයේ තිබෙන්නේ. ඒක දේශපාලනයේ වැරැද්ද නොවෙයි, තමන්ට දේශපාලන අත්දැකීම් නැතිකම...
Para Wednesday, 10 May 2023 05:58 PM
ඔබ ඉතා අකාර්යක්ෂමයි. හැමදාම ප්‍රශ්න අහලා බොරුවට නිකන් ඉන්නවා. අවංක නම්, කොන්දක් ඇති නායකයෙක් නම් තම කණ්ඩායමත්, විපක්ෂයත් සමග පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ නඩුව ලංකාවේ අධිකරණයේ පවරනකන්. රටට නැති කරන්නේ ඇ.ඩො.බි... 6.4ක්... යමක් කමක් ලැබෙන අය තමයි අහන්නේ ඔය තරමට කිව්වාම ඇති නේද සර් කියලා...
ඩිල් දාස Wednesday, 10 May 2023 06:01 PM
පගාව අරන් තියෙන්නේ කවුද කියලා දැන් හිතාගන්න පුළුවන් නේද?
Lankikeya Wednesday, 10 May 2023 06:12 PM
ඔය තරමට ටිකක් කියලා දැම්මාම..., ඇති නේද සර් කියලා ඇහුවේ නැද්ද මෙදාපාර...?
විසිල් Thursday, 11 May 2023 07:07 AM
දේශපාලන මහල්ලන්ගේ සම්ප්‍රප්පලාප නිසා තරුණ ලමා සිත් දූෂණය වේ. කලුතර සිද්දිය ඇරෙන්න වෙනත් තරුණ පුවත් නැතිද ? මාධ්‍ය සගයිනි ඔබේ වගකීම ඉටුවී නැත.