IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


විනිසුරුවරියට පහර දීලා

ඇමෙරිකාවේ නෙවාඩා ජනපදයේ, ක්ලාක් ප්‍රාන්තයේ දිස්ත්‍රික් විනිසුරුවරියක, අපරාධ චෝදනා තුනක් සම්බන්ධයෙන් වරදකරු වූ තරුණයකුට සිර දඬුවම් නියම කළ අවස්ථාවේ, එම තරුණයා, නීතීඥවරුන් තල්ලු කර දමා, විනිසුරු අසුනේ සිටි විනිසුරුවරිය වෙත කඩා පැන ඇයට පහර දුන්නේය.

අධිකරණ ශාලාවේ සිටි ආරක්ෂක නිලධාරීන් පමණක් නොව, නීතීඥවරුන් ද වහා ක්‍රියාත්මක වී මේරි කේ හෝල්ටස් නමැති එම විනිසුරුවරිය බේරා ගැනීමට තරුණයා වෙත කඩා පැන්න අතර එම දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.

30 හැවිරිදි ඩියෝබ්‍රා ඩෙලොන් රෙඩෙන් නමැති එම තරුණයා මෙල්ල කර ගැනීමට අධිකරණ ශාලාවේ ආරක්ෂක නිලධාරීන්ට, විනිසුරුවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බවත්, ගුටි බැට හුවමාරු වූ සිදුවුණු බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

බන්ධනාගාර නිලධාරීන් පසුව තරුණයා අධිකරණ ශාලාවෙන් පිටතට ගෙන ගියේ මාංචු දමා කුදලාගෙනය. විනිසුරුවරියට සුළු තුවාල සිදුවිය.

ඩියෝබ්‍රා ඩෙලොන් රෙඩෙන්ට සිර දඬුවම් නියම කිරීමට විනිසුරුවරිය කටයුතු කළේ පුද්ගලයකුට පහර දීමේ චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු කරමිණි.

මේරි කේ හෝල්ටස් වසර 27 ක පලපුරුද්දක් ඇති විනිසුරුවරියකි.

 (ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි)



අදහස් (4)

විනිසුරුවරියට පහර දීලා

Aravinda Monarawila Thursday, 04 January 2024 04:51 PM

ආසියාවේ රටකුත් තියෙනවා... ඔහොම වෙන්න ඉඩ තියෙන...! 

:       2       15

Gayan PereraThursday, 04 January 2024 08:51 PM

ඔව් එකඟයි

:       0       0

don Friday, 05 January 2024 08:19 AM

ග්‍රාමසේවකටත් හාමුදුරුවනේ කියන මිනිස්සු ඉන්න රටේ නම් මෙහෙම වෙන්න කිසිම ඉඩක් නැහැ..

:       0       0

de silva Friday, 05 January 2024 08:29 AM

ආසියාවේ රටේ දේශපාලකයන්ට සහ රජයේ නිලධාරීන්ට විරුධව දැනට ඇතිවෙලා තිබෙන ජනතා අප්‍රසාදය පෙරකදොරුවන්ට විනිසුරු වරුන්ට , දුෂිත විනිසුරු වරුන්ටත් විරුධාවත් ගොඩ නැගෙන්න පුළුවන් , හැමෝම එකතුවෙලා රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරලා ජනතාවගේ මානව හිමිකම් , පුරවැසි ඓතිවාසිකම් ආරක්ෂා කරන්න කටයුතු කරන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අඹුසැමි යුවලගේ සිරුරු නිවසකින් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 06 151 0

වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සැක කටයුතු අන්දමින් මියගිය අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් අද පස්වරුවේ හමුවූ බව වැලිපැන්න පොලිසිය පවසයි .වැලිපැන්න මුස්ලි


අපේක්ෂක ලැයිස්තු හැදීමේදී පක්ෂ රැසක් අර්බුදයක
2024 ඔක්තෝබර් මස 06 287 0

දූෂණ වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දේශපාලන ප


මැතිවරණ
2024 ඔක්තෝබර් මස 06 19 0

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


ආනයනික අල ලොකු ළූණු තොග මිල ඉහළට
2024 ඔක්තෝබර් මස 06 147 0

අර්තාපල් සහ ලොකු ළූණු ආනයනය කිරීමේදී පැවති විශේෂ ආනයන බද්ද රජය මගින් වැඩි කිරීම හේතුවෙන් පිටකොටුව තොග වෙළෙදපොලේ ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් තොග මිල ව


පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 839 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 614 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39145 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25590 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site