IMG-LOGO

2025 ජනවාරි මස 08 වන බදාදා


වන්නියේ දරුවන්ට චිත්‍ර පෙපරේ සමඟ උත්තර පත්‍රයත් දීලා

(විශේෂ වාර්තාකරුවකු විසිනි)

වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සඳහා  තෙවනවාර පරීක්ෂණයේදී අද (07) දින ලබාදුන් හත ශ්‍රේණිය චිත්‍ර  කලාව පළමු ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද සිසුන් වෙත ලබාදී අ‍ැ‍ති බව මව්පියෝ පවසති.

හත ශ්‍රේණිය චිත්‍ර කලාව ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද එහි පිටුපස  මුද්‍රණය කොට අ‍ැති අතර එ‍් පිළිබඳ නොදත් ගුරුවරුන් විභාගය අ‍ාරම්භ කිරීමෙන් පසු ප්‍රශ්න පත්‍රය ළමුන්ට ලබාදීමෙන් අනතුරුව පිළිතුරු පත්‍රය පිළිබඳ නිරීක්ෂණය වී අ‍ැති බව සඳහන් කරයි. 

වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් බහුතරයක් පාසල් ප්‍රශ්න පත්‍රයේ තිබූ පිළිතුරු කොටස සමඟ ලබා දී අ‍ැති අතර පාසල් කිහිපයක් එම කොටස ඉවත්කර ළමුන් වෙත ප්‍රශ්න පත්‍රය ලබාදී අ‍ැති බවත් පවසති.

මේ හේතුවෙන් සිසු දරුවන්ට විශාල අසාධාරණයක් සිදුව අ‍ැති බවත් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කළ පසු බලධාරීන් කිසිවෙකු ප්‍රශ්න පත්‍රය පරීක්ෂා කිරීමකින් තොරව පාසල් වෙත ලබාදී අ‍ැතැයිද කීය.

පාසල් ළමුන් මුදල්ගෙවා ප්‍රශ්න පත්‍රය ලබාගැනීම සිදුකරන බවත් වගකීමක් නොමැති නිලධාරීන්ගේ කටයුතු හේතුවෙන් සිසු දරුවන්ට විශාල අසාධාරණයක් වන බවත් පැවසීය.

මීට අමතරව පසුගියදා ලබාදුන් 11ශ්‍රේණියේ සිංහල හා සාහිත්‍යය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කොටස් කිහිපයක් '' වට්ස්ඇප් '' පණිවිඩයක මගින් පාසල්වෙත එවා අ‍ැති බවත් එවා ගුරුවරුන් විසින් කියවා ළමුන්ට පිළිතුරු ලිවිමට දී අ‍ැති බවත් හය ශ්‍රේණිය පෙරදිග සංගීතය ප්‍රශ්න පත්‍රයද අන්තර් ජාලෙය් තිබූ ප්‍රශ්න පත්‍රයක් බවත් මාපියෝ වැඩිදුරටත් පැවසීය.

ගැටළුව සම්බන්ධයෙන් වවුනියාව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ අ‍ාර්. වීරසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් උත්සහය අසාර්ථක විය.

 

 

 



අදහස් (7)

වන්නියේ දරුවන්ට චිත්‍ර පෙපරේ සමඟ උත්තර පත්‍රයත් දීලා

රුවන් Tuesday, 07 January 2025 06:35 PM

ලංකාවේ ගුරුවරුන් පඩි වැඩි කරන්න කියනවා මාසයට රුපියල් 60,000-80,000ක් පඩි ගන්නවා. ඒත් අධ්‍යාපනය තාම ලංකාවේ ගල් යුගයේ. යුරෝපයේ වුණත් නොමිලේ අධ්‍යාපනය දුන්නාට පාසල් කාලයෙන් පසුත් ළමයි ගැන අවදානයෙන් ඉන්නේ, විශේෂයෙන් මානසික සෞඛ්‍යය ගැනත් බලනවා..

:       0       0

Dinesh Tuesday, 07 January 2025 06:35 PM

කලින් සිදු නොවන දේවල් දැන් සිදු වෙනවා නේද? මාලිමා දේශපාලකයින් ද මේ ප්‍රශ්න පත්තර බෙදන්නේ. නැත්නම් නිලධාරීන්ද ? එහෙමනම් කලින් නොවුන වැරදි දැන් වෙන්නේ ඇයි නිලධාරීන් අතින්? හිතා මතා රාජ්‍ය අපහසුතාවට පත් කරන්න කරන උප්පරවැට්ටි මේවා

:       0       0

ජගත් ලියනගේ Tuesday, 07 January 2025 07:35 PM

මෙහෙමත් ගුරැවරැ. ප්‍රශ්නපත්‍රය දෙන්න ඉස්සෙල්ලා බෙදන්නෙ මොනවද කියල බලන්න ඕන නේද.

:       0       0

පබා Tuesday, 07 January 2025 07:55 PM

රටේ හැමතැනම හොරකම. සිස්ටම් චේන්ජ් වෙලා නෑ!

:       0       0

කොටියා Tuesday, 07 January 2025 08:33 PM

කලින් මෙහෙම දෙයක් උනාම "හරියට වාර විභාගයක්වත් පවත්ව ගන්න බැරි ආණ්ඩුව ගෙදර යනු !!!" කියලා කෑගහපු නංකිලා මල්ලිලා වගයක් හිටියා. දැන් උන් වඳවෙලා ගිහින්ද කොහෙද.

:       1       1

විමල් Wednesday, 08 January 2025 07:37 AM

හරිනේ.තව ටික කලකින් ප්‍රශ්න පත්‍රයයි උත්තර පත්‍රයයි දෙකම දීල ළමය්නේ කරණාකරල මෙය ඔබේ අත් අකුරින් ලියා දෙන්න ,අපේ රැකියාව බේරාගන්න නිසා, කියල උපදෙස් ලියන්න වෙනවා. කියල මම කීවා අමතර විනාඩි දහයක් දෙන්න පටන් ගන්න විට.

:       0       0

himal Wednesday, 08 January 2025 08:56 AM

සිද්ධ වෙලා තියෙන්නේ වැ‍රැද්දක් කියමුකෝ. ඒ වුනාට සමහර පාසැල් පිළිතුරු කොටස ඉවත් කරලා සමහර පාසැල් එහෙමම දුන්නා කියන්නේ ප්‍රශ්න පත්‍රය බෙදන්න පෙරත් සමහර පාසැල් පත්‍රය පරීක්ෂා කරලා නෑනේ. අනික මෙවැනි ප්‍රශ්න සඳහා ප්‍රචාරය දීමේ සැඟවුනු න්‍යාය පත්‍රය තමයි ඉස්කෝලෙන් පිට ප්‍රශ්න පත්‍රය සකස් කිරීම නැවැත්වීම, මොකද වෙනදා ඉස්කෝලෙන් හදන කොටත් දෝෂ ඇතිවෙන්න පුළුවන්. ඒත් ප්‍රසිද්ධ වෙන්නේ නෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලෝකයේ ලංකා පංගුව අත්කර ගන්න හැටි ජනපති කියයි
2025 ජනවාරි මස 08 115 0

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නවෝත්පාදන වැඩපිළිවෙළ මගින් සිදු කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය .


දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂයක්
2025 ජනවාරි මස 08 76 0

දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂය ක්ෂේත්‍රයක් බවත් රටේ විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණවලට අතදීම සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා රජය විශ


තවත් පිරමීඩාකාර සමාගමක් ගැන විමර්ශන
2025 ජනවාරි මස 08 103 0

ඉසිමග ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම නමින් නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මුදල් වංචා කළේ යැයි කියන එම සමාගමේ සැකකාර අධ්‍යක


ගිය වසරේ ආර්ථිකය ගැන නන්දලාල්ගෙන් ප්‍රකාශයක්
2025 ජනවාරි මස 08 165 0

මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත් එය මෙරට ආර්ථිකය වසර හතකින් වර්ධනය වූ වැඩිම ප්‍රතිශතය


සහල් ටොන් 14,000ක් දිනකදී එයි
2025 ජනවාරි මස 08 186 0

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (8) පස්වරු වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු ම


දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
2025 ජනවාරි මස 08 257 1

දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීම් පටිපාටිය අනුමත කිරීම සහ වසර පහෙන් පහට උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තව දුරටත් ප්‍රමාද කළහොත් වෘත්තීය ක්‍රියා


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 13 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 483 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 249 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site