(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
වන අලි ගැටලුව හේතුවෙන් දඹුල්ල හා සීගිරිය සංචාරක ප්‍රදේශ වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් වී ඇතැයි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා පවසයි.
ජයසූරිය මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ මාතලේ දිසාපති තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හමුවේය.
වාසගමුව ජාතික වන උද්‍යානය තුලා හා ඒ අවට සැරිසරන වන අලින්ගේ පැමිණීම වැළැක්වීම සඳහා යොදා ඇති අලි වැට නිසි පරිදි නඩත්තු නොකිරීමෙන් සීගිරිය හා දඹුල්ල ප්‍රදේශයන් වෙත වන අලි පැමිණීමෙන් ප්‍රදේශයේ බව බෝග වගාවන් විශාල ලෙස හානි කරනු ලබන අතර එම ප්‍රදේශයන්හි සංචාරක හෝටල් වෙතද වන අලි පැමිණීමෙන් ගැටලු රැසක් උද්ගතවී තිබේ.
මෙම හේතුවෙන් දඹුල්ල සීගිරිය ප්‍රදේශයේ ගොවි ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්ව ඇති බවත් සංචාරක කර්මාන්තයට ද විශාල ලෙස වන අලි ගැටළුව බලපා ඇති බව සඳහන් කළේය.
වනජීවි දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන අලි වෙඩි ප්‍රමාණවත් නොවන බවත් අලින් වනයට පලවා හැරීම සඳහා අලි මෙහෙයුම් සිදු නොකිරීම හා විදුලි වැට නිසි පරිදි නඩත්තු නොකිරීමෙන් මෙම ගැටලු උද්ගත වී ඇති බවත් ප්‍රදේශයේ සංචාරක හෝටල් වෙතද අලි පැමිණීමෙන් විදේශීය සංචාරකයින්ට ද මීට පෙර අනතුරු සිදුකර ඇති බවයි.
මෙහිදී අදහස් දැක්වූ වන ජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ අලි වැට නඩත්තු කිරීම සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් ඉන් ඉවත්වීම හා ඒ සඳහා යොදවා සිටි බහු කාර්ය සංවර්ධනය නිලධාරීන් සේවය අත්හැර යාම හේතුවෙන් අලි වැට නඩත්තු කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් ඇති බවත් මේ පිළිබඳව වනජීවී අධ්‍යක්ෂක ජනරාල්තුමා සමග සාකච්ඡා කර විසඳුමක් ලබාගත යුතු බවයි.
ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව මේ මොහොතේ පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි
වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ
තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප
බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කා
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වන අලි නගරයට පැමිණීමෙන් දඹුල්ල-සීගීරිය ප්‍රශ්න රැසක්