IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වෙන් වූ අත සාර්ථකව බද්ධ කරයි

( චමිල් රූපසිංහ)

කොහු අඹරණ යන්ත්‍රයකට අසුවී දකුණු අත වෙන් වූ කාන්තාවකගේ එම අත සාර්ථකව බද්ධ කිරීමට මහනුවර ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සමත් වූහ.

කොහු අඹරණ යන්ත්‍රය පිරිසිදු කරමින් සිටියදී හිටිහැටියේ එය ක්‍රියාත්මක වි ඇගේ දකුණු අතේ වැලමිටට ඉහලින් කොටස යන්ත්‍රයට අසුවී  උරහිසේ සිට අඟල් හතරක් පමණ පහලින් වෙන් වූ අතර වෙන් වූ කොටස අයිස් වල ගිල්වා ඉතා සුරක්ෂිතව මහනුවර රෝහල කරා යොමු කිරීමට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කිරීම නිසා අත සාර්ථකව බද්ධ කිරීමට හැකි වූ බව සැත්කමට සම්බන්ධ වූ වෛද්‍යවරු පැවසූහ.

අනුරාධපුර  පදිංචි තිස්පස් හැවිරිදි කාන්තාවක මෙම අනතුරට මුහුණ පා ඇත. මහනුවර රෝහලේ දී පැය හයක සැත්කමකින් පසු එම අත සාර්ථකව බද්ධ හැකි වී ඇත.

මහනුවර ජාතික රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ වෛද්‍ය උදය කිරිදෙන, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය චමිලා ජයරත්න වෛද්‍ය වෛද්‍ය සතිර ප්‍රේමරත්න, විකලාංග ශල්‍ය වෛද්‍ය, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී උදාර රත්නායක, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය උඩුවෙල,වෛද්‍ය කසුන් හා සේනක මෙම සැත්කමට සම්බන්ධ වූහ.

ශ්‍යාමා නානයක්කාර, සිතාරා සුරවීර,චන්දිමා සෙනවිරත්න, තිළිණි අබේවර්ධන,එරන්දි මදුෂානි,සාසනී කොස්තා යන හෙද නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් ද සැත්කමට සහයෝගය ලබා දුන්හ.

 



අදහස් (7)

වෙන් වූ අත සාර්ථකව බද්ධ කරයි

Asanga Friday, 02 February 2024 05:22 PM

දෙවි පිහිටයි නැගණිය...!

:       3       31

Nihal Friday, 02 February 2024 05:29 PM

අනතුරු ගැන හරිම කණගාටුදායකයි, වෛද්‍යවරුන්, හෙද සියලුදෙනාට රටෙන්ම ප්‍රශංසාව හිමිවෙනවා, ඇයට ඉක්මනින් සුවය පතමි..!

:       1       38

ajith Friday, 02 February 2024 05:55 PM

ජීවත් වෙන්න කොහු අඹරන්න ගිහින් වුණු දේ. මේ තමා අපේ රටේ බොහෝ ගැහැණුන්ගේ උරුමය...!

:       5       16

ChamSaturday, 03 February 2024 07:41 AM

ජීවත් වෙන්න තමාගේ අධ්‍යාපන මට්ටමට ගැලපෙන සාධාරණ රැකියාව ක් කිරීම නරක වන්නේ කෙසේද? කොහු ඇඹරීම පහත් රැකියාව ලෙස වර්ග කරන්නේ ඇයි? අවශ්‍ය වන්නේ ඕනෑම රැකියාවක් කිරීමේදී ප්‍රවේසම් සහගත වීමයි. එයින් රැකියා ස්ථානයේ අනතුරු වළක්වා ගත හැකියි. මෙවන් සැත්කමක් පැය 6ක් ඇතුළත සිදුකිරීම නම් ප්‍රාතිහර්‍යක්... සාමාන්‍යයෙන් පැය දහයක් පමණ වැයවෙනවා. සැත්කම සාර්ථක බව දැනගත හැක්කේ තව දින කීහිපයකින්... ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..

:       0       7

පාඨකයෙක් Friday, 02 February 2024 06:10 PM

ඉතාමත් විශිෂ්ඨ මෙහෙවරකි. රෝහල් දෙකේම වෛද්‍යවරුන්ටත්, හෙද නිලධාරීන් ඇතුළු මෙම මෙහෙවරට සම්බන්ධ වූ සියල්ලන්ටත් අපගේ ගෞරව ප්‍රණාමය හිමිවිය යුතුයි. එමෙන්ම මෙම පුවතින් හෙළිවන වැදගත් කරුණු කිහිපයක් ලාංකික අප කාගේත් අවධානයට යොමුවිය යුතුයි. එනම්, තමාගේ වෘත්තීමය කටයුතු වගකීමෙන්, නිසියාකාරව ඉටු කිරීමේ වැදගත්කම සහ කණ්ඩායම් හැඟීමෙන්, කුහකබවින් තොරව කටයුතු කිරීමෙන් මෙරට නැවතත් අභිමානවත්, සාර්ථක දේශයක් කළ හැකි බවත්ය...!

:       0       15

බණ්ඩා Friday, 02 February 2024 07:25 PM

සමන්ත මෙම වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලයේ සහ ඒ සඳහා සහාය දුන් සැම දෙනාටම ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. බොහෝ දෙනෙකු රට හැරදමා යද්දී ඔබ සැම රටේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් කරන සේවය අතිශයින්ම උදාර කාර්යකි. දිනෙක ඔබ රට හැරදමා ගියත් ඔබට ජාතියේ ප්‍රණාමය මෙන්ම සියලු දෙවියන්ගේ ආශිර්වාදය හිමිවනු ඇත. මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් එම මවට ඉක්මන් සුවය පතමු...!

:       0       15

MAHINDA ITALY Saturday, 03 February 2024 12:13 AM

අපි උදව් කරමු...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 682 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 523 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1604 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 298 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 490 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1352 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38919 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site