අප්‍රිකා කලාපීය රටවලින් පළමු වරට හඳුනා ගත්, ඉතා වේගයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් ද ඇති, ‘එම් පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ වයිරසයේ නව ප්‍රභේදය, තායිලන්තයට ව්‍යාප්ත වී ඇත.
ඒ අනුව, ‘එම් පොක්ස් ක්ලේඩ් 1බී’ නමැති එම වයිරස ප්‍රභේදය අප්‍රිකාවෙන් පිට, ආසියානු රටකින් හමුවුණු පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.
රෝග ලක්ෂණ පෙන්නුම් කළ, බැංකොක් අගනුවරට ආ ගුවන් මගියකු වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ විට, ඔහු ‘එම් පොක්ස් ක්ලේඩ් 1බී’ නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ තැනැත්තකු බව තහවුරු කරගත් බව තායිලන්ත සෞඛ්‍ය අංශ පවසයි.
එම ආසාදිතයා 66 හැවිරිදි යුරෝපා ජාතිකයකු බවත්, ඔහු බැංකොක් අගනුවර බලා පැමිණ ඇත්තේ අප්‍රිකාවේ සිට මහා බ්‍රිතාන්‍යය හරහාය.
ආසාදිතයා සමඟ සමීප ඇසුරක් පැවැත්වුණු 43 දෙනකු හඳුනා ගැනීමට තායිලන්ත සෞඛ්‍ය බලධාරීන් සමත් වී ඇති අතර, ඔවුන් එම 43 දෙනා ගැන විමසිල්ලෙන් පසුවන බව ද වාර්තා වේ.
‘එම් පොක්ස්’ වයිරසය ලොව පුරා ව්‍යාප්තවීමට පටන් ගත්තේ 2022 වසරේදී, ‘කොවිඩ් 19’ වයිරසයේ සැර බාල වෙද්දීය. ‘එම් පොක්ස්’ වයිරසය ‘කොවිඩ් 19’ තරම් බිහිසුණු නොවන නමුත්, ඒ ගැන අවධානයෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. ‘එම් පොක්ස්’ ආසාදිතයන් වන්නේ, සමලිංගිකයන්ය. 2022 වසරේ සිට මේ දක්වා තායිලන්තයෙන් වාර්තා වුණු ‘එම් පොක්ස්’ ආසාදිතයන් ගණන 800 කි.
(ඒ.එෆ්.පී.)
’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.
සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ
විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වඳුරු උණ ප්‍රභේදය ආසියාවටත් පැතිරේ
ඩොක්ටර් Friday, 23 August 2024 05:12 AM
රනිල්,සාගල , හරින් ,මනුෂ..රංගේ , වජිර, ජි එල් ...ප්‍රවේශමෙන්.