IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වඳුරු උණ ලොවපුරා පැතිර යෑමේ අවදානමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

වඳුරු උණ ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු හදිසි සෞඛ්‍ය තත්වයක් බවත් අප්‍රිකාවේ ඇතැම් කලාපවල පැතිර ඇති වඳුරු උණ ක්ලෙඩ් 1 වසංගතය අප්‍රිකාව තුළ ව්‍යාප්තවීමට මෙන්ම අප්‍රිකාවෙන් පිටතට පැතිර යෑමේ අවදානමක් තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් මහතා ප්‍රකාශ කළේය.

වඳුරු උණ ව්‍යාප්තිය මර්දනය කිරීමටත්, ජීවිත බේරා ගැනීමටත් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් එසේ එක් නොවූවහොත් වඳුරු උණ මීළඟ ගෝලීය වසංගතය විය හැකි බවත් වෛද්‍යවරයා පැවැසුවේය.

අප්‍රිකාවේ ඇතැම් කලාපවල පැතිර ඇති වඳුරු උණ (එම් පොක්ස්) වසංගතය ගෝලීය හදිසි සෞඛ්‍ය තත්වයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර පැය කීපයක් යන්නටත් මත්තෙන් වඩාත් අනතුරුදායි වඳුරු උණ ක්ලෙඩ් 1 ප්‍රභේදය ආසාදනය වූ රෝගියකු ස්වීඩනයෙන් වාර්තාවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වඳුරු උණ ක්ලෙඩ් 1 ප්‍රභේදය වසංගතයක් ලෙස ව්‍යාප්තවී ඇති අප්‍රිකානු කලාපයෙන් පිටත එම ප්‍රභේදය අසාදනයවූ රෝගියකු වාර්තාවූ ප්‍රථම අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය පැවැසුවේය. ස්වීඩනයෙන් වාර්තාවූ මෙම රෝගියා අප්‍රිකාවේ සංචාරයක නිරත වී ඇති බවත් එහිදී ඔහුට වඳුරු උණ ක්ලෙඩ් 1 ප්‍රභේදය ආසාදනය වී ඇති බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

කොංගෝ ජනරජයෙන් ආරම්භ වූ වඳුරු උණ ක්ලෙඩ් 1 වසංගතය හේතුවෙන් මේ වනවිට 450 දෙනකු මියගොස් ඇති බවත් වසංගතය මේ වනවිට මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවට පැතිර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිට පාකිස්තානයේද වඳුරු උණ රෝගියකු වාර්තාවී ඇති බවත් එම රෝගියා සෞදි අරාබියේ සිට පාකිස්තානයට පැමිණි පුද්ගලයකු බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

වඳුරු උණ හදිසි සෞඛ්‍ය තත්වයක් බවට ප්‍රකාශයට පත්කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර 2022 වසරේ වඳුරු උණ ක්ලෙඩ් 2 ප්‍රභේදය ව්‍යාප්තවූ අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය පළමු වරට වඳුරු උණ හදිසි සෞඛ්‍ය තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. වඳුරු උණ ක්ලේඩ් 1 සහ ක්ලේඩ් 2 ලෙස ප්‍රභේද දෙකකි. ඉන් ක්ලෙඩ් 1 අනතුරුදායි ප්‍රභේදය වේ.

වඳුරු උණ 100 කට අසාදනය වුවහොත් සිව් දෙනකු ඉන් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය. ලිංගික ඇසුරෙන්, සමට සම ස්පර්ශ වීමෙන් සහ වෙනත් පුද්ගලයෙකු සමඟ සමීපව කතා කිරීම හෝ හුස්ම ගැනීම වැනි සමීප සම්බන්ධතා හරහා වඳුරු උණ සම්ප්‍රේෂණය වේ.



අදහස් (0)

වඳුරු උණ ලොවපුරා පැතිර යෑමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

දියත

ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 36 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 302 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 399 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3298 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1224 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1186 3

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23029 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22879 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site