IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විපක්ෂය එතැන ඉන්නේ අභියෝග බාර නොගත් නිසා

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බැවින් එම සියලු එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතා අනුව රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම වෙනුවෙන් සපුරාගත යුතු ආර්ථික ඉලක්ක ගණනාවක් පවතින බව පෙන්වාදුන් ජනාධිපතිවරයා එම ඉලක්ක කඩ කිරීම යනු රටේ ආර්ථිකය විනාශ කිරීමක් බැවින් දේශපාලන අරමුණු වෙනුවෙන් වේදිකාවල ප්‍රකාශ සිදු නොකර පවතින රාමුව තුළ පමණක් කතා කිරීම විපක්ෂයේ වගකීම වන බවද සඳහන් කළේය. 

විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ රට වෙනුවෙන් එදා වගකීම් භාර නොගෙන සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවූ නිසා බව පැවසූ ජනාධිපතිවරයා එදා නොබියව අභියෝගය බාරගත්  ආණ්ඩුව අද එහි සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවත් එබැවින් රට වෙනුවෙන් එක් මාර්ගයක ගමන් කරමු යැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  කරවනැල්ල, වැන්දල ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ අද (04) පැවති "උරුමය" සින්නක්කර ඔප්පු ලබාදීම  හා අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීමේ වැඩසටහනට එක්වෙමිනි.



අදහස් (8)

විපක්ෂය එතැන ඉන්නේ අභියෝග බාර නොගත් නිසා

NAMAL Tuesday, 04 June 2024 04:27 PM

චන්දයෙන් පැරදිලා ලැජ්ජ නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු උන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති . දැන් IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .

:       2       0

NAMAL Tuesday, 04 June 2024 04:28 PM

චන්දයෙන් පැරදිලා ලැජ්ජ නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු උන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති . දැන් IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .

:       2       0

විපරමා Tuesday, 04 June 2024 04:36 PM

භාර ගත්තෙ නැහැ.දූෂිත පවුල් පාලනේ උන් භාර දුන්නා.මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම බංකොලොත් කරපු දූෂිත දේසපාලුවෝ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්ඩ සිද්ද උනා.

:       1       0

මැක්ස් Tuesday, 04 June 2024 05:29 PM

ලංකාවේ දේශපාලන නායකයන් අතර පිටිපස්සට දුවන තරගයක් තිබ්බොත් පළමු සහ දෙවෙනි ස්ථාන දෙකට මාර තරගයක් තියෙනවා අනුර දිසානායකයි, සජිත් ප්‍රේමදාසයි අතරේ.

:       1       2

nanda Tuesday, 04 June 2024 05:53 PM

රටේ මිනිස්සුන්ටත් යමක් තේරෙනවානේ චන්දයක් තියන්නකෝ ජනතාව තීන්දු කරාවි කවුද හරි කියලා.එහෙම නේද හොඳ

:       0       1

සමන් Tuesday, 04 June 2024 06:11 PM

ඔයා භාර ගත්තු අභියෝගයක් නෑ. හොරු 134 එකතු වෙලා ඒ ගොල්ලන්ව ආරක්ශා කරන්න ඔයාව තෝර ගත්තා. සුදු ළූණු හොරු, බී ළූණු හොරු, පොල්තෙල් හොරු, සුනාමි හොරු, ඉඩම් හොරු , මාළු හොරු, සුනාමි හොරු එක්ක මහ බැංකු හොරා එකතු වෙලා රටක් හැදුවොත් තමයි භය.

:       0       1

Akila Tuesday, 04 June 2024 06:18 PM

අභියෝගය කියුවේ මහජන විරෝදය නොතකා මැදමුලන හොර රංචුව එක්ක එකතු නොවුන එකද ? හොර රංචුව එක්ක ඩිල් දාල චන්ද 134 ගත්ත ලජ්ජා නැති කෙනා කවුද කියල අපිනම් දන්නවා

:       1       1

shantha Tuesday, 04 June 2024 07:31 PM

රට ඉන්දියන් කාරයින්ට ( ඔය නාකි පිස්සාගේ නෑදෑයන්ට ) විකුනන්න හදපු හොර පනතක් !!! ඔය පනතට විරුද්ධව අධිකරණයට යනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 385 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 4 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 437 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 718 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 557 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 394 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site