(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විපක්ෂය අද මොන පම්පෝරි ගැහුවත් මුදල් ඇමැතිතුමා මේ අයවැය ගෙනාවේ රටේ අර්බුද තුනක් තිබියදී යැයි කිසිවකුත් අමතක නොකළ යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගී වෙමිනි.
කොවිඩ් මර්දනයේ සහ එන්නත්කරණයේ සාර්ථකම රටවල් අතර ශ්‍රී ලංකාවට මුල්තැන ගැනීමට හැකිවීම ආඩම්බරයක් බව පැවසූ ඇමැතිවරයා ධනවත් ව්‍යාපාරිකයන්ගේ බදු අය කිරීම අනුමත නොකරන්නේ දැයි විපක්ෂයෙන් ප්‍රශ්න කර සිටියේය .
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’විපක්ෂය පම්පෝරි ගැහුවත් අයවැය ගෙනාවේ අර්බුද තුනක් තිබියදී’’
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 13 November 2021 05:28 PM
පර්පචුවල් එකේ මුදල් සම්භාරය රාජසන්තක කරා. ඒ වගේ පැන්ඩෝරා වල සඳහන් නිරූපමා නෝනාගේ මුදලුත් රාජසන්තක නොකරන්නේ ඇයි .. ? ඒවාත් රාජසන්තක කරන්නකෝ..
JayanathSaturday, 13 November 2021 08:43 PM
ඒවා අයුක්ති සහගතව උපයා ගත් බවට පැන්ඩෝරා සෙට් එකගේ හේතු දැක්වීම, නිරූපමා සහ මිනිහට ගත්තු ඇමතුම් වලට පිළිතුරු නොදීම... හරි ශෝක් යුක්තියක් ඒක...
සමිත සේනක අලුත්ගමගේ.Sunday, 14 November 2021 01:54 PM
නිහාල් මහතා, ඔබතුමාට ස්තුතියි..
මොනාඋනත් දිගටම කන 10% Saturday, 13 November 2021 05:57 PM
අර්බුද අස්සේ සතොසට කරපු හදිය? මේ දෙශපාලනය කරන පල් හොරු, රජයේ සේවයේ ඉන්න කප්පම් කාරයින් සහ ඇඟ හොරු ටික ඉන්න කල් මේ රට කොට උඩ. පක්ෂ විපක්ෂ ඔක්කොම...
jagath Saturday, 13 November 2021 06:11 PM
රාජපක්ෂවරුන් මංකොල්ලකාපු ඉඩනුත් රාජසන්තක කරන්නකෝ... එතකොට සීනි සල්ලි, සුනාමි සල්ලි...?
WijesekaraSaturday, 13 November 2021 08:49 PM
ඒවා නිකන් කතන්දර විතරයි. කෝ විපක්ෂයේ අය? ඒවා එහෙම ඇත්තටම වුණා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කළාද? නෑනේ... පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ චෝදනා කරනවා විතරයිනේ... ඔච්චර නිර්භීත, යුක්ති සහගත මිනිස්සු නම් ඒවා නීතිය හමුවට ගේන්න ඕන නේද? අපිත් ඕවා විශ්වාස කරා 2015ට කළින්... අපිට නම් පේන්නේ මෙතන හොරකම් වලට වඩා විශාල අපරාධයක් රටට වෙලා තියෙනවා. ඒ තමයි රටේ අනාගතය සැලසුම් නොකර පක්ෂවල අනාගතය විතරක් සැලසුම් කරගෙන තිබීම....
wahaldeepe Saturday, 13 November 2021 06:55 PM
‘‘රටේ අර්බුද තුනක්...‘‘ ඒ අර්බුද 03ත් මැව්වේ නුඹලාම තමයි...
BamunuarachchiMonday, 15 November 2021 02:51 PM
බාගෙට කතා කොරන්න එපා, මොනවද ඒ අර්බුද? අපිට අර්බුද පෙනෙන්නේ නැහැ.
ravin Saturday, 13 November 2021 06:56 PM
අර්බුද එක - ගැසට් ගැහීම, දෙවන අර්බුදය - ගැසට් අකුලා ගැනීම, තුන්වන අර්බුදය - ගැසට් ගහපු සෑම භාණ්ඩයකම මිල අහස උසට නැගීම... ඕවා නේද මූලික අර්බුද?
ගජමෑන් Saturday, 13 November 2021 09:25 PM
දෙදහස් පන්සීයයකින් හතර දෙනෙකුට මාසයක් කන්නේ කොහොමද කියපු අර්බුදයත් අපට තිබුණා..
ගමේ එකාලා Sunday, 14 November 2021 01:47 AM
අනේද කියන්නේ...? මොළ හතේ ඇමතියා බොහොම අමාරුවෙන් කළේ... බලාගෙන තටම තටම අයවැය ගෙනාපු හැටි ලෝකෙම දැක්කා...
විපරමා Sunday, 14 November 2021 05:30 AM
ඔබ තරම් පම්පෝරි ගහපු වෙන කෙනෙක් ගැන නම් අපිට මතකයක් නැහැ. රු.2500 කින් මාසයක් ජීවත් වෙන්ඩ පුලුවන්ය, සක්කරයාගේ පුතා වයිමා ආවත් බඩුමිල අඩුකරන්ඩ බැරිය කිව්වෙ කවුද දන්නෙ නැහැ.
Nihal Sunday, 14 November 2021 07:52 AM
අපගේ මව්බිම බේරගන්න බැරි වන්නේ ජගත් සහ සමිත ගේ ප්‍රතිචාර වලට එකඟ නොවන ඇත්ත තේරුම් ගත නොහැකි කඩේ යන අය නිසයි. දුකයි මාතෘ භුම්ය ගැන.
Saman Sunday, 14 November 2021 07:58 AM
එච්චර අර්බුද තියනවනං කොහොමද ඉන්දියාවේ 600 විකුණන එක 1200ක් දීල ලංකාවට ගේන්නේ. තව සුදු ලූනු එහෙම ව්‍යාපාරිකයන්ට විකුණලා ආයෙත් වැඩි මිලට සතොසට ගන්නේ. එතකොට 10ක, 20ක විතර ගාඩ් එකක් එක්ක වාහන ගෙනියන්නේ. අපේ බදු සල්ලි වලින් සැප ගන්ඩ හොදයි, අපිට දෙන්න තමා බැරි.
swene Sunday, 14 November 2021 01:03 PM
ඔබතුමා විපක්ෂයේ හිටියදි පම්පෝරි පමණක් නොවෙයි, කටින් රටම කැලඹුවා. 1919, ටැබ් ලබාදීම වැනි හොඳ දේවලට පවා වැරදි අර්ථකතන සපයා ජනතාව නොමග යැව්වා...
Bamunuarachchi Monday, 15 November 2021 08:00 AM
විපක්ෂයක් ගැන හිතන්න එපා රටට හොඳක් වෙනවා නම්... මොකද ජෙප්පන් විරුද්ධද මන්ත්‍රී විශ්‍රාම කාලය අවුරුදු 10ක් වුණාට? නැතිනම් බෝතලේ රුපියල් 350 කින් වැඩි වුණාට?