IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


විපක්ෂයේ සර්ව පාක්ෂික සමුළුව පවත්වයි

 

(නිමල කොඩිතුවක්කු)

විරුද්ධ පක්ෂයේ කටයුතු කරන දේශපාලන පක්ෂවල එකමුතුව ලෙස විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා වූ සමුළුවේ  ආරම්භක සැසිය කොළඹදී  පැවැත්විණි.

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කරන ලද මෙම සමුළුව  එහි සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සම්බන්ධීකරණය යටතේ සහ  විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

විපක්ෂයේ සර්වපාක්ෂික එකමුතුවක් සඳහා වන සමුළුව සඳහා විපක්ෂයේ සිටින ප‍්‍රධාන දේශපාලන පක්ෂවල සාමාජිකයෝ එක්ව සිටියහ.

එක්සත්  ජාතික පක්ෂයේ නියෝජ්‍ය  නායක රුවන් විජයවර්ධන,  සමගි ජනබලවේගය වෙනුවෙන් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, 43 වන සේනාංකය වෙනුවෙන් පාඨලී චම්පික රණවක, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා ව්‍යාපාරය  වෙනුවෙන් රාජිත සේනාරත්න, දෙමල ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, දෙමල ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක එම්. ඒ සුමන්තිරන්, මාවේ සේනාධිරාජා මහතා, කදුරට ජනතා පෙරමුණ නියෝජනය කරමින් පී. තිගම්බරන්, මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර, අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නීතීඥ රජික කොඩිතුවක්කු, සමස්ථ  ලංකා මහජන පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය, ඇතුලූ  විපක්ෂයේ  දේශපාලන පක්ෂ රැුසක නායකයින් සහ නියෝජිතයින් ඊට එක්ව සිටියහ.

රටේ දැවෙන ප‍්‍රශ්නවලට එකඟත්වයකට පැමිණ කටයුතු කිරීමෙන්  යුක්තිය, සාධාරණය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීමට පිටුවහලක් වන බව එහිදී අදහස් දක්වමින් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ස`දහන් කළේය.

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර, සුරක්ෂිත කර අනාගත පරපුර වෙත නිදහස් හා සාමකාමී මෙන්ම සමුද්ධිමත් රටක් උරුම කර දීමේ අරමුණ මත මෙම වැඩපිලිවල ගොඩනගන බවත් ඔහු සදහන් කලේය.

විපක්ෂය සර්වපාක්ෂික එකමුතුව සඳහා වූ සමුළුවේ  ආරම්භක සමුළුවෙන් අනතුරුව  මාධ්‍යයට විවර නොවූ අභ්‍යන්තර සාකච්ඡාවක්ද පැවැත්විණ.

ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් නොවූ අතර  ඒ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විපක්ෂයේ සෙසු නියෝජිතයින් සමග එයට එක්ව සිටියහ.

ඡායාරූප : ඩික්සන් වසන්ත

 

 

 



අදහස් (1)

විපක්ෂයේ සර්ව පාක්ෂික සමුළුව පවත්වයි

මුණසිංහ Sunday, 18 July 2021 01:45 PM

අපිත් බලාගෙන හිටියා යමක් වෙයි කියලා... ඒකත් ලත් තැනම ලොප් වෙනවා තමා කතාවලින්.. දැක්කේ එකඑකා එකඑක පාරවල්වල යන බවක් තමයි දැක්කේ...

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

ජපුර සිසුන් විරෝධතාවක
2024 නොවැම්බර් මස 05 128 0

ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම


ජනපති රුව 5000 ඔබ්බ වූ අලෙවි නියෝජිතයා මාට්ටු
2024 නොවැම්බර් මස 05 441 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං


තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 46 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


ගිණි අවි සමග විශ්‍රාමික සෙබලෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 05 160 0

කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම


පාසලට ඇතෙක් පනී
2024 නොවැම්බර් මස 05 306 0

ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී


’’තෙල් මිල අඩු කරන්න පසුගිය රජයේ ගිවිසුම්වලින් බාධාවක් නෑ’’
2024 නොවැම්බර් මස 05 163 0

ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 413 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1318 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site