IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


වප්පුර පසළොස්වක පොහොය අදයි

වප් පොහොයෙහි වැදගත් සිදුවීම් මෙසේය.

1 වස් පවාරණය කිරීම

2 බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩමවීම

3.සංඝමිත්තා තෙරණිය ශ්‍රී ලංකාවට වැඩමවා ගැනීම සඳහාඅරිට්ඨ ඇමතිවරයා දඹදිවට යෑම.

4.ථූපාරාමයේ දී විනය සංගායනාව ආරම්භ කිරීම

භික්ෂූන් වහන්සේලාට වස් කාලයේ සේ සැලකූ තුන් මාසය මෙම පොහොය උදාවත් සමඟ නිමාවෙයි.

ඒ අනුව වස් එළැඹි භික්ෂූන් වහන්සේලා වස් පවාරණය සිදු කරන හෙයින් මෙම වප් පොහොය ට ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් හිමිවේ.

මෙම පොහොයේ සිට ඉල් පොහොය දක්වා මාසයක කාලයක් චීවර මාසය ලෙස හැඳින්වේ.

ඒ අනුව කඨින පූජා කිරීමට බලාපොරොත්තු වන සෑම දෙනාටම කඨින චීවරය පූජා කිරීමටඅවස්ථාව ලැබේ.

බුදුරජාණන් වහන්සේ වස් කාලය මුළුල්ලේ තව්තිසා දෙව්ලොව වැඩ සිටි අතර උන්වහන්සේ නැවත සංකස්ස නුවරට වැඩම කෙරුණේ අදට යෙදී ඇති වප් පුර පසළොස්වක පොහොය දිනකය.

තථාගතයන් වහන්සේගේ එම අසිරිමත් වැඩමවීම දැකබලා ගැනීම සඳහා අපි විශාල ජනතාවක් රැස්ව සිටි බව සඳහන් වේ. එම පිරිස අතර මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ද සිට ඇති අතර උන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලබාගෙන ඇතැයිද සඳහන් වේ.

ඊට අමතරව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර මෙරටට ලබා දුන් දයාදය වන සම්බුදු සසුන කෙරෙහි පැහැදුනු අනුලා දේවිය ප්‍රමුඛ කාන්තාවෝ පිරිසක් මිහිඳු මාහිමියන්ගෙන් පැවිද්ද ඉල්ලා සිටියහ.

කාන්තාවන් පැවිදි කිරීම තමන්ට අකැප බව සඳහන් කර ඇති මිහිඳු මහරහතන් වහන්සේ සිය නැගණිය වූ සංඝමිත්තාව මෙරටට වැඩම කිරීම සඳහා කටයුතු කරන ලෙස දේවානම්පියතිස්ස රජතුමාට දන්වා තිබේ.

ඒ අනුව අරිට්ඨ ඇමතිවරයාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් දඹදිව පැළලුප් නුවර ධර්මාශෝක අධිරාජ්‍යයා හමුවට යවා ඇත්තේද අද වැනි දිනකය.

ශාසනයේ අභිවෘද්ධිය සඳහා මහත් සේවාවක් සිදු කළ දෙවන පෑතිස් රජතුමා වරක් මිහිඳු මහරහතන් වහන්සේ හමුවේදී .

සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවේ පිහිටියේදැයි විමසා ඇත. ංඊට පිළිතුරු දී ඇති මිහිඳු මාහිමියෝ පවසා ඇත්තේ ලංකාවේ මවුපියන් නිසා උපන් දරුවෙකු හැදී වැඩි මෙරටදී මහණ වීඋපසම්පදාව ලබා ධර්ම විනය හදාරා මෙරටදීම විනය සංගායනාවක් පවත්වනතුරු ශාසනය නොපිහිටන බවය.

ඒ අනුව දෙවන පෑතිස් රජතුමාට කිට්ටු ඥාතීත්වයක් ඇති මහා අරිට්ට ඇමතිවරයා පන්සියයක් පිරිස සමඟ මෙරටදී පැවිද්ද හා උපසම්පදාව ලබා ඇත.

අනතුරුව අරිට්ඨ හිමියෝ විනය හදාරාතවත් භික්ෂූන් වහන්සේලා හා එක්ව ථූපාරාමයේදී විනය සංගායනාවක් පවත්වා ඇත.

ඒ අන්දමට බුදුසසුන ශ්‍රී ලංකාද්විපයෙහි ස්ථාපිත කරනු ලැබුවෙිද මෙවන් උතුම් වප් පුරපසළොස්වක පෙහොය දිනක බව ශාසන ඉතිහාසයේ වැඩිදුරටත් සඳහන් වේ.

(මෙම තොරතුරු අප වෙත ලබා දුන් කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති ගල්කිස්ස බෞද්ධායතනාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය  දිවියාගහ යසස්සී නාහිමිපාණන් වහන්සේට අපගේ බැතිබර ස්තුතිය පුදකරමු)

(ආරියරත්න රණබාහු )

 



අදහස් (0)

වප්පුර පසළොස්වක පොහොය අදයි

ඔබේ අදහස් එවන්න

දියත

ත්‍රිරෝද රියදුරු ලොකාන්තයට දැමූ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 17 46 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු ට පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට ඇද විසිකර දැමූවයි සැකපිට අත්අඩංගුවට ගත් ප


ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය හමුවෙයි
2024 ඔක්තෝබර් මස 17 222 0

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හංවැල්ල ඇඹුල්ගම විහාරස්ථාන භූම


දිස්ත්‍රික් අනුව අපේක්ෂකයන්ට මහ ඡන්දයට දැරිය හැකි මුදල් ගැන කියයි
2024 ඔක්තෝබර් මස 17 285 0

මෙවර මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික් අනුව එක් අපේක්ෂකයකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 115 ත් අවම මුදල රුපියල් 82 ත් අතර වනු ඇති


වසර පහකදී උපත් අඩුවී මරණ වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 17 742 0

ශ්‍රී ලංකාවේ 2019 සහ 2023 අතර වසර පහක කාලය තුල ලියපදිංචි දරු උපත් සංඛ්‍යාව 71,110 කින් අඩු වී මරණ ලියාපදිංචිය 34,842 කින් ඉහළ ගොස් ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපා


ඇල්පිටිය පුංචි ඡන්දෙට පාට කරන ඇඟිලි මාරුවෙයි
2024 ඔක්තෝබර් මස 17 557 0

පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල උචිත ලකුණින් සළකුණු කළත් මෙම මස 26 දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම


ගමේ පාර හදන ප්‍රතිලාභ ගමට යා යුතුයි
2024 ඔක්තෝබර් මස 17 1074 0

මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 588 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 490 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1522 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site