IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විමලවීර - රවීගෙන් සමාව ඉල්ලයි : නඩු කටයුත්තත් අවසන්

(කේ. බුද්ධික කුමාරසිරි)

හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතාට එරෙහිව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා කඩුවෙල දිසා අධිකරණයෙහි පනවා තිබූ  වන්දි නඩුවක් සම්බන්ධයෙන් විමලවීර දිසානායක මහතා අධිකරණයේදී සමාව ගැනීම නිසා එම නඩුව සමථයකට පත් කර අවසන් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි එස්. වීරතුංග මහත්මිය අද (31) දින කටයුතු කලාය.

හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඉකුත් 2021 වර්ෂයේ සැප්තැම්බර් මස පස් වෙනි දින හෝ ඊට ආසන්න දිනයකදී මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සීනි තොග රැස් කරමින් අකටයුත්තක් සිදු කරන බවත් එය හිටපු අමාත්‍යවරයෙකු නොගැලපෙන බවත් පවසමින් මාධ්‍ය හමුවේ කරුණු දක්වා ඇති බවත් ඒ මගින් තම කීර්ති නාමයට කැළලක් සිදුව ඇති බවත් ඒ වෙනුවෙන් බිලියන දෙකක වන්දියක් ලබා දෙන ලෙසත් පවසමින් රවී කරුණානායක මහතා කඩුවෙල දිසා අධිකරණයෙහි නඩු පවරා තිබුණි.

ඒ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් සිදු වූ කටයුත්ත පිලිබදව අධිකරණයෙහි සමාව ගැනීමත් ඒ සදහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා එකගතාවය පල කිරීමත් නිසාවෙන් නඩුව සමථයකට පත්කර අවසන් කිරීමට මෙහිදී අධිකරණය තීරණය කරන ලදී .



අදහස් (10)

විමලවීර - රවීගෙන් සමාව ඉල්ලයි : නඩු කටයුත්තත් අවසන්

Always break down Friday, 31 May 2024 02:24 PM

පව් බුලත් හපයාට කෙලින්ම කෙළ පහරක්...!

:       2       50

Sudath Friday, 31 May 2024 02:27 PM

ඒ සේරම යාලුවෝ මල්ලී. මහ බැංකු හොරු, සුනාමි හොරු, සුදුළූණු හොරු, බී ළූණු හොරු, සීනී හොරු, කුණු සැමන් හොරු, රත්රන් හා ෆෝන් හොරු, ගෑණු හොරු, අරක්කු හොරු , බදු හොරු, ජී අයි බට හොරු, බෙහෙත් හොරු, ඉඩම් හොරු, මාලු හොරුන්ගේ පුත්තු, මාල හොරු, හෙජින් හොරු ඒ සේරම දැන් එක කොඩිය යට ඉන්නේ. අපි විතරක් බෙදිලා...

:       3       77

Kazi Shajahan Friday, 31 May 2024 02:29 PM

විමලෙගේ කට නිසා නිකන් රවීට පච වුණානේ...

:       1       39

අරවින්ද මොනරවිල Friday, 31 May 2024 02:36 PM

ඔය එක වාචාලයෙක්, කටේ තරමට මොළය වර්ධනය වෙලා නැහැ. ඒ නිසා හොරුන්ව පොරවල් කරනවා.

:       2       41

Prabha Friday, 31 May 2024 02:45 PM

හොරුන්ටත් කීර්තිනාමයක් තියෙනවද?

:       2       31

විපරමා Friday, 31 May 2024 02:50 PM

ඔය දෙන්නාගේ පැටිකිරිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දූෂිතයෝ කියලා දන්නෝ හොඳාකාරවම දනිති.

:       4       31

Hafeel Friday, 31 May 2024 02:55 PM

දැන් ඔවුන් සේරම එකතු වෙලා. අනික එයා ආසියාවේ හොඳම මුදල් ඇමැති.

:       0       30

පිටරටවැසියා Friday, 31 May 2024 03:09 PM

ලෝකයේම හොඳම මුදල් ඇමතිට නොවැ මේ අපහාස කොරලා තියෙන්නේ. මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම යන බව කිව්වා නේද? යන්න කලියෙන් රටේම ජනතාවගෙනුත් සමාව අරගෙන යන්නම යන්න.

:       1       33

de silva Friday, 31 May 2024 03:28 PM

පිස්සෝ හොරුන්ගෙන් සමාව ගත්ත කියල අපේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ. ඔක්කොම හොරු, ඔක්කොම යාලුවෝ, මේ නාට්‍ය බලලා අපිට වැඩක් නැහැ.

:       3       39

දයාන් කන්නන්ගර Saturday, 01 June 2024 06:31 PM

විමලවීර අස්වෙලා ගෙදර යනවා කිව්වා නේද? තවත් පීචන් වෙන්නේ නැතිව රටට පව් නොදී තොලොන්ජි වෙන්න...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 170 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 2055 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2300 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2990 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1307 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 281 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24965 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site