IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


වයික්කාල් ඉඩමකින් පීඩන බෝම්බ-පුපුරණ ද්‍රව්‍ය සොයාගනී

(සිතුම් චතුරංග)        

මුලතිව්, වෙල්ලමුල්ලි වයික්කාල් බටහිර ප්‍රදේශයේ ඉඩමක් තුළ තිබී කිලෝ 15 පමණ බර පීඩන බෝම්බ තුනක් සමඟ පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අද (16) සොයාගත් බව මුලතිව් පොලිසිය කියයි.

සංවර්ධන කටයුත්තක් සඳහා වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ පැරණි ඉඩමක් සකස් කිරීමේදී එල්.ටි.ටි.ඊ සංවිධානයේ භූගත බංකරයක් වැනි ස්ථානයක තිබී  මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවූ බව පොලිසිය පවසයි.

හමුවූ පුපුරණ ද්‍රව්‍ය අතර සීෆෝ කිලෝ පහක් , ක්ලේමෝ බෝම්බයක්, මිලිමීටර 80 මෝටාර් උණ්ඩ හතක්, ඩෙටනේටර 115 හා බෝම්බ පිපිරවීමට ගන්නා ෆියුස් විශාල ප්‍රමාණයක් හමුවී තිබේ.

පුපුරණ ද්‍රව්‍යට හමුවූ ස්ථානයේ තිබී සොයා ගත් ටි.එන්.ටි පුපුරණ ද්‍රව්‍යයට  පුරවන ලද කිලෝ 15 ක පීඩන බෝම්බ තුනක් එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් මෝටර් රථ හා පාලම් තුළ අටවා ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා එම සංවිධානය විසින් නිපදවූ විශේෂ බෝම්බ වර්ගයක් බවද පොලිසිය පවසයි.

හමුවූ බෝම්බ සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව තවදුරටත් පරීක්ෂා කිරීම් සිදුකිරීමට නියමිත ය.



අදහස් (0)

වයික්කාල් ඉඩමකින් පීඩන බෝම්බ-පුපුරණ ද්‍රව්‍ය සොයාගනී

ඔබේ අදහස් එවන්න

දියත

සෞඛ්‍ය
2024 නොවැම්බර් මස 19 6 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 826 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 1840 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 251 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 145 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 814 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26627 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1860 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site