IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ව්‍යාජ ඔප්පු සැකසු වතුපාලක රිමාන්ඩ්

(ආනන්ද ඉ ජයකොඩි)

නිට්ටඹුව පොල්ගහ අගාරවත්තට ව්‍යාජ ඔප්පුවක් සකස් කොට එම වත්ත වංචනිකව අත්පත් කර ගෙන බුක්ති විඳිමින් සිටි බව කියන   සැකකාර වතු පාලකයෙකු මේ මස 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය නියෝග කළාය.

ඇස් ඒ ඩී යසපාල ධනසිරි නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙුණි .

නිට්ටඹුව පොලිස් වසමට අයත් අක්කර තිස් ගණනකින් යුතු පොල්ගහ අගාර  නැමැති පොල් වත්තට ව්‍යාජ ලෙස ඔප්පුවක් සකස් කොට වංචනිකව අත් පත් කර ගෙන සිටි බව කියන සිද්ධියක් පිළිබඳව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශ 03 මගින් පරීක්ෂණ  පවත්වා සැකකරු අත් අඩංගුවට ගෙන තිබිණ.

සැකකරු කාලයක් තිස්සේ එම වත්තේ පාලකයා වශයෙන් කටයුතු කරමින් සිටින අතර තුර වත්තේ හිමි කරු කොල්ලුපිටියේදී අභිරහස් ලෙස ඝාතනය කිරීමෙන් පසුව මොහු එම වත්තට ව්‍යාජ ඔප්පුවක් සකස් කොට ගෙන වංචනිකව අත්පත් කර ගෙන සිටි බවද අධිකරණයේදී අනාවරණය විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය 03 පොලිස් සැරයන් පෙරේරා මහතා කරුණු දක්වමින් මේ පිළිබඳව කර ගෙන යන පරීක්ෂණ කටයුතු අවසන් වී නැති බව කියා සිටියේය.

නැවත කැඳවීම මේ මස 22 වනදාට කල් තැබිණ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය 03 පොලිස් සැරයන් පෙරේරා මහතා පැමිණිල්ල මෙහෙය විය.

 

 

 



අදහස් (1)

ව්‍යාජ ඔප්පු සැකසු වතුපාලක රිමාන්ඩ්

Senarath Tuesday, 09 November 2021 02:53 PM

හොරට ඔප්පුව හැදුවා විතරක් වෙන්න බහ .මොහු ඒ මිනීමැරුමටත් සම්බන්ධ ඇති

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 145 0

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 90 0

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි



’’නීති හරිහැටි ක්‍රියාත්මක කරන නිලධාරීන් වෙනුවෙන් පෙනී ඉන්නවා’’
2024 නොවැම්බර් මස 25 471 0

ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර


’’හිටපු ඇමතිගේ නීති විරෝධි වැඩ නිසා නීත්‍යානුකූල E-9 රැකියා අනතුරේ’’
2024 නොවැම්බර් මස 25 697 0

පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා


සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට
2024 නොවැම්බර් මස 25 185 0

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 521 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site