IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ව්‍යාජ ඔප්පු හදා කෝටි එකහමාරක ඉඩම් විකුණති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මොරගහහේන මිල්ලෑව තක්ෂිලා උයන ප්‍රදේශයේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා ඉඩම් කොටස් 11 ව්‍යාජ ඔප්පු සාදා ඉතා අඩු මුදලකට වෙනත් පුද්ගලයකුට විකුණු සංවිධානාත්මක කල්ලියකට සම්බන්ධ දෙදෙනෙක් මොරගහහේනේ දී අද (13) අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරුවන් දෙදෙනා සමඟ ව්‍යාජ හැඳුනුම්පත් 2, ජංගම දුරකථන 4 හා බැංකු කාඩ්පත් 4 පොලීසිය බාරයට ගෙන ඇත.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක් මීට වසර 18 කට පෙරදී වෙන්දේසි සමාගමකට අයත් පර්චස් 12 සහ 13 අතර ප්‍රමාණවලින් යුත් ඉඩම් කොටස් 13ක් මිලදී ගෙන තිබූ බව පොලිසිය කියයි.

එලෙස මිලදී ගත් ඉඩම් වල ඔවුන් පදිංචිව නොසිටි අතර මාස දෙක තුනකට වරක් එම ප්‍රදේශයට පැමිණ ඒවා සොයා බැලීමට පුරුද්දක් කරගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි 

කොරෝනා වසංගතයේ හේතුවෙන් පසුගිය මාස කීපයේ ඔවුන් එම ඉඩම් පිළිබඳ සොයා බැලීමට නොපැමිණි අතර නාඳුනන පිරිසක් පැමිණ එම ඉඩම් සුද්ධ පවිත්‍ර කරන බවට  ප්‍රදේශවාසීන් ලබාදුන් දුරකථන පණිවුඩයක් අනුව එම ඉඩම් මිලදී ගත් පුද්ගලයන් ඉඩම්  වෙත පැමිණ සොයා බැලීමේදී සුද්ධ පවිත්‍ර කරමින් සිටි පිරිස පවසා ඇත්තේ ඔවුන් ඒවා මිලදී ගත් බවය.

එම ඉඩම්වල නිත්‍ය අයිතිකරුවන් ඒ  පිළිබඳ සොයා බැලීම සඳහා හොරණ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ගිය අවස්ථාවේදී ඔවුන්ගේ නමට තිබූ ඔප්පු ඔවුන්ගේ නමින්ම වෙනත් පුද්ගලයන්ට පවරා ඇති බවට බවට දැන ගැනීමට ලැබීමෙන් පසු එම  නිත්‍ය අයිතිකරුවන් පිරිස හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණි කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.



අදහස් (3)

ව්‍යාජ ඔප්පු හදා කෝටි එකහමාරක ඉඩම් විකුණති

සමීර Tuesday, 13 October 2020 01:46 PM

ඕවා නම් මොනවද? රටේ අක්කර ගාණක ඉඩම් ප්‍රසිද්ධියේ සින්නක්කර ඔප්පු වලින් චීනයට විකුණපු අය රටේ පාලකයන් වෙලා ඉන්නවා නම්..!!! 

:       1       8

lanka Tuesday, 13 October 2020 02:05 PM

මේවා කරන අය පමණක් නොව, මේවට සම්බන්ධ පෙරකදෝරුවෝත් අත්අඩංගුවට ගත යුතුයි...

:       0       10

සංජීව Tuesday, 13 October 2020 05:08 PM

වසර 5කට වරක්වත් අළුත් කල යුතු වංචනිකව සැකසිය නොහැකි හා වලංගු භාවය අන්තර් ජාලයෙන් තහවුරු කර ගතහැකි ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දිය හැකි නම් මෙවැනි වංචා අවම කර ගතහැකිය. මෙරට සමහර වයස 50-60 පුද්ගලයින් සතුව පවා ඇත්තේ පාසල් කාලයේ සැකසූ හැඳුනුම්පතයි එවැනි හැඳුනුම්පතක් පරීක්ෂා කරන කිසිවකුට එය රැගෙන එන පුද්ගලයකු හඳුනා ගත හැකිද? අනෙත් අතට කිසිවකු පදිංචිව නොසිටින ඉඩමක් නාඳුනන අයකුගෙන් මිළට ගන්නා විට එහි අයිතිකරු පිළිබඳව ග්‍රාම නිලධාරීන් ගෙන් හෝ අසල්වැසියන් ගෙන් සොයා බැලීම ගැනුම්කරුවකු සතු වගකීම කි.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 6335 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1022 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 611 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1025 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 2357 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 296 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 351 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1805 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site